වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 29, 31, 35 සහ 37 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අනෙකුත් ධීවර ආම්පන් නීතිමය කටයුතු සඳහා වන්කාලේ, ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd