
(අංජුල මහික වීරරත්න)
'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පුජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758 ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199 ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත.
2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 200ක් ඇතුළුව බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 800 ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පූජනීය ස්ථාන අතරින් පුජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගනු ලැබ තිබේ. ඉතිරි පුජනීය ස්ථාන අතරින් තවත් පුජනීය ස්ථාන 90 ක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධි විධාන වලට යටත්ව, රුපියල් මිලියන 129.69 ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කටයුතු රජය මැදිහත්වෙලා තමයි කරන්න ඕන. නමුත් මහජන සල්ලි (බදු මුදල්) මේවට යට කරන්න ඉස්සෙල්ලා සොයලා බලන්න: දළදා මාළිගාවට, Sri Maha Bodhi, Sri Pada, අටමස්ථානයට, Bellanwila Rajamaha Viharaya, Kataragama Temple, Mihintale ලැබෙන “සල්ලි කන්දරාවලට” මොකද වෙන්නේ කියලත්…!!!