
(අංජුල මහික වීරරත්න)
පරීක්ෂා කරන ලද ස්ථාන අතුරින් පාසල් පද්ධති 41%ක පමණ ඩෙංගු කීටයින් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ආගමික ස්ථාන ආශ්‍රිතව ඩෙංගු කීට පරිශ්‍ර 28%ක් ද කර්මාන්ත ආශ්‍රිතව පරිශ්‍ර 26%ක් හඳුනාගෙන තිබෙන බව අමාත්‍යවරයා කීය.
මදුරුවන් බෝවීම වැඩිතැන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් එම ස්ථාන පිරිසිදු කරවීම සඳහා ජනතාව උනන්දු කරවන බව අමාත්‍යවරයා පැවැසීය.
දිස්ත්‍රික්ක 14ක ඩෙංගු ප්රශ්නය බරපතල ලෙස පැන නැගී තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා බස්නාහිර, දකුණ, මධ්‍යම,මහනුවර,මාතලේ, බදුල්ල සහ මඩකලපුවේ ද වයඹ සහ සබරගමුවේ ද ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බව සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නැහැ, ක්ලීන් ලංකා තියෙනවා නේ. ඉවත්වෙනු කියල පෝස්ටරයක් ගැහුව ගමන් ඩෙංගුවො ටික අකුලාගෙන යනවා. බලන්න කොයිතරම් සිම්පල්ද කියල වැඩේ.