(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක තියුණු ලෙස මුවහත් කළ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක සේවය කරන මව්ලවිවරයෙකුගේ සහෝදරයකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි වියේ පසුවන අයකු බවත් ඉස්ලාමීය ආගමික මත ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර ද මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබුණු අයෙකු බව පොලිසිය කියයි.
සැකකරුගේ නිවසේ ඇඳ මෙට්ටය යට තිබී මෙම කඩු දෙක සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවාගෙන මේ වනවිට ප්‍රශ්න කරන බවත් ආගමික මුස්ලිම් මත ගැටුම් ඇතිකිරීම සහ තොරතුරු රැසක් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එක්තරා මුස්ලිම් අන්තවාදී සංවිධානයක නියෝජිතයකු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අනතුරු වළක්වන්නන්, ඉක්මනින් රට පුරා එකම මොහාතේ විශාල සෝදිසි මෙහෙයුමක් දියත් කළයුතුයි.
මුවහත් කළ කඩු වල මුවහත බලන්න අමතකකරන්න එපා