
(චමිලා අල්විස්)
හොරණ රාජ්‍ය බැංකුවකින් අතුරුදන් වූ බව කියන රුපියල් කෝටි තුනහමාරක මුදල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අතරතුර, අනන්‍යතාව තහවුරු කළ නොහැකි රුපියල් ලක්ෂ 17ක මුදලක් බැංකුවේ ගබඩා කාමරයක තිබී සොයාගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවකු සහ ආරක්ෂක නිලධාරියකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන ඒකකය විසින් බැංකුවේ කළමනාකරු සහ ආරක්ෂක නිලධාරියකු වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹට රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ බව කියන මුදල සහ ගබඩා කාමරයේ සොයාගත් මුදල අතර සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd