(රන්න චන්ද්‍රසේන ගමගේ අනීශා මානගේ)
ගාල්ල දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණි දුම්රියකට උණණ ප්‍රදේශයේදී එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් එහි රියදුරු තුවාල ලබා බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ බව බෙලිඅත්ත පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ එන්.ඩී. ඒ. කුමාරසිරි නමැත්තෙකි.
ඊයේ (23) රාත්‍රී 10.45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයෙන් රියදුරුගේ ඇසකට ද දුම්රියේ ඉදිරිපස වීදුරුවකට ද හානි වී තිබුණු බවත් පොලිසිය කියයි.
තුවාල වූ රියදුරු දුම්රිය නොනවත්වා දුම්රිය සහයකුගේ සහාය ඇතිව එය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර ඇති බවද පැවසේ.
බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - අනීශා මානගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමනා ක්‍රියාවක්....
මෙවන් අයට නිසි දඩුවම් දිය යුතුයි....
ඕක තමයි සුද්ද මාතරින් කෝච්චිය නැවැත්තුවේ. අර්ධ ශිෂ්ටාචාරික ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක් කොච්චි ඉස්සොරොම ගිය දවසේ දැක්කනේ උන්ගේ රැහේ නායක හුරා ගේ ෆොටෝ එල්ලගෙන නටපු නැටුම්. උන් ගේ ගෙම්බෝ වගේ නායක හුරා තමයි දන්නා එකම වැඩර්
මේවා කරන්නේ අපි කටත් පැහැදිලියි .බෙලිඅත්ත දුම්රිය ස්ථානය දෙවෙනි වරට විවෘත කරපු අය මේකට වග කියන්න ඕනේ. පැහැදිලි ඉරිසියාව.........
බෙලිඅත්ත පැත්තෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා.
වරක් හාමුදුරු කෙනෙක් බණට කිව්වා රටේ මිනිස්සුන්ගේ කොලිටි එක අනුව කියල රටේ පාලකයෝ පත් වෙන්නේ. මේ ප්‍රදේශය දිහා බැලුවම මෙය මැනවින් පේනවා.
කවුරුන් හෝ වේවා ත්‍රස්තවාදී පනත යටතේ මොවුනට දඬුවම් දෙන්න.
නොදියුණු දකුණු රටේ ගෝත්‍රිකයන්ගේ වැඩ...............
ඒක ඔය පැත්තේ වරද?
දකුණේ ජාති ආලය වෙන්නැති.
මේවා නම් නොහොබිනා වැඩ...