(රංජිත් රාජපක්ෂ)

ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයකු  පහර දී ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා පැවසීය.

ලිදුල මෙරායා නගරය ආසන්නයෙදි මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත්, ලංගම බස් රථය විනාඩි 5කට කලින් ධාවනය කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන පෞද්ගලික බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම පහර දීම සිදු කර ඇති බව එම නිළධාරියා කියා සිටියේය.

ලංගම බස් රථයේ රියදුරාට පහර දෙන අවස්ථාවේ බස් රථය තුල පාසල් ළමුන් ඇතුලු විශාල පිරිසක් සිට ඇති බවත්, පහර දිම බස් රථයේ ගමන් ගත් මගියකු ජංගම දුරකථන මගින් විඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත නිතුක් කර ඇති බව ද ධාවන කලමණාකාරවරයා පැවැසීය.