දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්යන එස්. ජයිශංකර්, රුසියාවේ නිල සංචාරයක නියැලෙයි. 

රුසියන් සංචාරය අතරතුරේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ රුසියන් ජනාධිපතිවරයා අතරේ ද හමුවක් පැවැත්විණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියාවට ගියේ, දෙරට අතර වෙළඳ, බලශක්ති, පොහොර සහ න්‍යෂ්ටික සහයෝගිතාව යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා පවත්වා පැවැත්වීමටය.

අග්‍රාමාත්‍ය මෝදිගේ සුභපැතුම් සහ පෞද්ගලික පණිවුඩයක්, අමාත්‍ය එස්. ජයිශංකර් රුසියන් ජනාධිපති පුටින්ට පිළිගැන්වීම ද මෙම සංචාරයේ දී සිදුවිය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුවේදීත්, නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවේදීත් රුසියානු ජනාධිපතිවරයා හමුවීමට අග්රායමාත්යස මෝදි සූදානම් බව පැවසෙයි.