(හේවාහැට -එම්.දසනායක සහ ගලහ - ඩබ්ලිව්.ඒ.අසේල)
සිය ගෙවත්ත මායිමේ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් දෙල්තොට නවනැලිය ගම්මානයේ මවක් හා දියණියක් අද (7) මරණයට පත්ව ඇති බව ගලහා පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජේ.කේ.එම්.ශාන්ති කුමාරි වන මව හා ඇයගේ දියණිය වන ඩබ්ලිව්. උදයංගනී නිසංසලා (14) නැමති පාසල් දැරියක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි
සිය ගෙවත්ත මායිමේ ඇති ගසකින් කරපින්චා කඩන්නට ගොස් ඇති දැරියට මුලින්ම විදුලිසැර වැදී ඇදවැටී ඇති අතර පසුව ඇය බේරාගැනීමට ගිය මවටද විදුලිසැර වැදී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත
අනතුරින් තුවාල ලැබූ මව හා දියණිය දෙල්තොට රෝහලට ඇතුලත් කරනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි
පසුගිය සුලි කුණාටු සමයේ නවනැලිය ගම්මානය අවට හානිවූ විදුලිබල පද්ධතිය නියමිත පරිදි යථා තත්වයට පත් කිරීමට නිසි අවධානය යොමු නොකිරීම නිසා මෙම අවසනාවන්ත ඉරණමට මෙම මව සහ දියණිය පත්වූ බව ගම්වාසීන් සඳහන් කරති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉතින් කාගේත් වැඩි සැලකිල්ල නගර වලට තමා. ගම්මාන වලට හැමදාම කුඩම්මාගේ සැලකිලි.
අනාරක්ෂිත, විදුලි රැහැන් නිසා දිවියෙන් වන්දි ගෙවන්න වුණා. නිවන් සුව ලැබේවා.
කර්ම ශක්තිය කාටවත් වළකන්න බැහැ.
එදිනෙදා වැඩකටයුතු කරන විට පරිස්සමින් කරන්න ඕනේ. විදුලිය අංක 1
මියගිය අයට නිවන් සුව ලැබේවා.
ලංකාවේ ගොඩක් තැන්වල මේ වගේ සිදුවීම් වාර්තා වෙනවා.