(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැදෑ සමය ගත කිරීම සඳහා ලංකාවට නැවතත් පැමිණ සිටින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සහ තානාපති සේවා අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙසේ ලංකාවට පැමිණ සිටින වැඩි දෙනෙක් අවුරුදු විස්ස තිහ පමණ කාලයක් විදේශයන්හි පදිංචිව සිටි අය වෙති.
සමහරුන් විදේශයන්හි රැකියා කර ඒ රටවලදී විශ්‍රාම ලැබූ අය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශයන්හි මෙරට නොමැති යම් යම් සැප පහසුකම් තිබුණද අන්‍යෝන්‍ය බැඳීම් සහ ඥාති සබඳතා පවත්වමින් ජීවත්වීමට ඇති කැමැත්ත තමන් උපන් බිමේම අවසන් ගමන් යෑමට ඇති බලාපොරොත්තුව, විදේශයන්හි සිටියදී දැනුණු පාළුව තනිකම කාන්සිය දුරු කර ගැනීම යනාදී හේතු පදනම් කරගෙන බොහෝ පිරිසක් මෙසේ පැමිණ සිටින බව වාර්තාවේ.
මේ අතර විදේශයන්හි පදිංචිව සිටින දූ දරුවන් ළඟට ගොස් සිටි විශ්‍රාමික මවුපියන් අතිවිශාල පිරිසක්ද සැදෑ සමයගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ තියෙන කාලේ සැපට ඉන්න විදෙස්ගතව මැරෙන්න මව්බිම මතක් වෙනවාට වඩා ගිය දිහාක මැරිලා යන්න බැරිද? වයසට යනකොට බැරි වෙනකොට මෙහෙ ඉන්න එවුන්ට වද දෙන්න එනවාට වඩා ඒක මේ රටට හොඳයි.
"අන්‍යෝන්‍ය බැඳීම් සහ ඥාති සබඳතා පවත්වමින් ජීවත්වීමට ඇති කැමැත්ත තමන් උපන් බිමේම අවසන් ගමන් යෑමට ඇති බලාපොරොත්තුව, විදේශයන්හි සිටියදී දැනුණු පාළුව තනිකම කාන්සිය දුරු කර ගැනීම...." ඔය ටික සාමාන්‍යයෙන් ඇත්ත. ඒත් බරපතලම හේතුව සෞඛ්‍ය පහසුකම් මිල අධික වීමයි. මෙහෙ වගේ "නිකං ලැබෙන" රෝහල් පහසුකම් එහෙ නැත. අධික සීතල සහ උෂ්ණය අපේ අයට දරා ගත නොහැකි නිසා බොහෝ විට අසනීප වීම් වැඩිය. අවමංගල්‍ය වියදම් වුණත් ඉහළයි. ඉහත කියන හේතු පමණක් දක්වමින් ලංකාවට ආපහු එන අයගේ මා කී හේතු ප්රබලව දැකිය හැකියි...
මහ උජාරුවට පම්පෝරි ගහලා ලංකාව එපා කියලා ගියපු අය නාකි වෙනකොට එන්නේ මොන එහෙකටද? තමන්ට පුළුවන් කාලේ දැනුමෙන් පිටරට වලට වැඩ කරලා බැරි වෙනකොට එනවා.
එක් අයෙක් මාසයකට ඩොලර් 250 ක් කළත් මාසයකට ඩොලර් කෝටි 5 ක විදේශ විනිමයක්....