(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහානාම පාලම මත දී පොලීසිය දැක නිල්වලා ගගට පැන ජලයේ ගිලෙමින් සිටි සැක කටයුතු පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද (24) සවස මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
ඔහු පැයක පමණ කාලයක් තිස්සේ ජංගම දුරකතනය කනේ තබා ගෙන කිසිවකු සමග කතා බහ කරමින් ඒ අසල මුස්ලිම් පල්ලිය හා යුධ හමුදා කඳවුර දෙස බලා සිටිමින් සැක කටයුතු ලෙස හැසිරෙන බවට කිසිවකු විසින් පොලීසිය වෙත දැනුම් දී තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වු මාතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත ළගා වන විටම එම සැකකරු ඔවුන් දැක නිල්වලා ගගට පැන තිබේ.
පසුව ප්‍රදේශවාසීන් හා පොලීසිය ඒ අසළ තිබු දැළක් ගගට විසි කර ඔහු බේරා ගැනීමට සමත්ව ඇත.
ගගට පනින විට එම සැකකරුගේ හිස පාලමේ කොන්ක්‍රීට් කණුවක වැදී තුවාල සිදු වී තිබු අතර එම සැකකරු මාතර මහ රෝහලේ හදීසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.
රදම්පල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි එම සැකකරු යුධ හමුදාවෙන් පලා ආ සෙබලෙකු බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
කෙසේ වෙතත් වැඩි දුර ප්‍රශ්න කිරීම සදහා ඔහු සැක පිට අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුල් හොරා කරෙන් දැනේ.
මොහු බොහෝ විට යුද හමුදාවෙන් පලා ආ කෙනෙක් බැවින් පොලිසියට බයේ ගඟට පනින්නට ඇත.