( තිළිණි ද සිල්වා )
 
පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවට ගොදුරු වුණු එක් ස්ථානයක් වූ කොළඹ කිංග්ස්බරි හෝටලය අද (24) දින සිට සිය සුපරුදු මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇත.
 

කිංග්ස්බරි හෝටලයේ (Harbour Court Multi Cuisine) අවන්හලට මෙම ප‍්‍රහාරයෙන් දැඩි ලෙස අලාභහානි සිදුවුණු අතර, එම අවන්හල හැරෙන්නට හෝටලයේ සෙසු මෙහෙයුම් කටයුතු මෙලෙස අද සිට නැවත ආරම්භ වී තිබේ.
 
මේ අතර (Harbour Court Multi Cuisine) අවන්හලෙහි කටයුතු හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරලීමට කටයුතු කරනු ලබන බව කිංග්ස්බරි හෝටල් කළමනාකාරීත්වය කියා සිටී.
 
 කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන කිංග්ස්බරි හෝටලයේ බහුතර කොටස් හිමිකාරීත්වය හේලීස් පීඑල්සී සතු වේ. හේලීස් පීඑල්සී හි පාලක කොටස් හිමිකාරීත්වය මෙරට ප්කෝ‍රටිපති ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා සතුව පවතී.