(විනීතා එම් ගමගේ)
දේවස්ථාන තුනක්, සුපිරි හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක දී ඉකුත් 21 දා සිදුවූ බෝම්බ පිපිරවීම් ගැන ඇමතිවරුන් හා ඉහළ නිලධාරින් දැන සිට ඇතත් එම අපරාධය සිදුවන්නට නොදී වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවැසීය.
එම අපරාධය සිදුවන්නට දී නිහඩව බලා සිටීමෙන් දණ්ඩ නීති සංග‍්‍රහය, අපරාධ නඩු විධාන සංග‍්‍රහය, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු නීති ගණනාවක් යටතේ මේ පිරිස අත් අඩංගුවට ගත හැකි වරදක් කර ඇතැයි ද ගමගේ මහතා කීය.
නීතියේ ආධිපත්‍යය සුරැුකී ඇති රටක් නම් වහා මේ පිරිස් අත් අඩංගුවට ගත යුතු යැයි ද හෙතෙම සදහන් කළේය.
එල් ටී ටී ඊ් ක‍්‍රියාකාරකම් ඇති කාලයේ වත් මෙවැනි තත්ත්වයක් උදා නොවූ යේ යැයි පැවසූ නීතිඥ සංගම් සභාපතිවරයා රජයේ ප‍්‍රබලයින් පවා මේ දේශීය කල්ලියක් බව කියද්දී මෙය අයි එස් අයි එස් සංවිධානයේ වැඩක් බව පරික්ෂණ යට ගැසිමට ගන්නා උත්සාහයක් දැයි සැක සිතෙන බව ද කීය.
රජය වහාම දේශීය බුද්ධි අංශ පණගැන්වීමට කටයුතු කළ යුතු බවත් මේ සිද්ීධන්ට ඇදාල දේශීය සබදතා ඇති සියලූ දෙනා අත් අඩංගුවට ගත යුතු බවත් කී ගමගේ මහතා ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට මෙහි වගකීමෙන් මිදිය නොහැකි බව ද කියා සිටියේය.
බුද්ධි අංශ සොයාගත් තොරත-ුරු බලධාරින්ට දෙනවා වෙනුවට ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැරියේ නම් මේ ජීවිතවලින් එකක් හෝ මෙසේ විනාශ නොවනු ඇතැයි ද ඔහු සදහන් කළේය.
අහිංසක රටවැසියන් 300 කට අධික පිරිසක් මේ සිද්ධියෙන් මිය ගොස් ඇතැයි කී සභාපතිවරයා මේ පිරිස මිය ගියා නොව මරාගත් බව කීම නිවැරදි යැයි ද සදහන් කළේය.
රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරින් සමහරු මේ තොරතුරු දැන සිටියත් නොසලකා හැර ඇතැයි පෙනී යන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන අන්දමට නම් මේ පිළිබ`දව ඔහු සිද්ධියට විනාඩි 10 කට පෙර දැන සිට ඇතත් නිහඩව සිට ඇතැයි ද පැවැසීය.
අඩුම ගණනේ එම අවස්ථාවේ හෝ පල්ලියේ පියතුමන්ට හෝ දුරකථන ඇමතුමක් දුන්නේ නම් මේ ජීවිත වලින් විශාල ප‍්‍රමාණයක් බේරාගත හැකිව තිබුණේ යැයි පැවසූ ගමගේ මහතා මේ තරම් පිරිසක් මිය ගොස් සිටියදීත් ඇමතිවරුන් මාධ්‍ය හමු තබමින් සතුටින් සිනාවෙමින් ෆන් ගන්නා වෙනත් රටක් නැති බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න බුද්ධි අංශ වහපු අයට. අගමැති කෙලින්ම වගකිව යුතුයි.
ඔබතුමාලා ගත්ත මේ තීරණයට අපි අගය කරමු. මේ තරම් අපරාධයක් දැකදැක නිහඬවූ රජයේ වගකිව යුත්තන් නෙරපා, උපරිම දඬුවම් දෙන්න.
අනිවාර්යයෙන්ම මොවුන්ට එරෙහිව කටයුතු කළ යුතුමයි..
පොලිස්පතිට විරුද්ධව නඩු දමා දඬුවම් කළයුතුයි. අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන්... රිය අනතුරකදීත් එහෙම නඩු දානවා නම්, මේ වගේ දෙයක් නොසලකා හරින්න පුළුවන්ද?
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ වගේ නඩු තීරණයක් ලැබේවි...
මිලේනියම් සිටි ඩ්‍රාමා 2
මහ ජනතාවගේ මුදලින් යැපෙමින්, නොමිලේ දෙන දුරකථන හෝ ලිපි ලේඛන යොදාගෙන මනුෂ්‍යත්වයේ නාමයෙන් පොඩි දැනුම්දීමක් කල නොහැකි වූ, නොදැන සිටි මුත් පල්ලියකට හෝ තරු හෝටලයකට ගොඩ නොවැදුනු ජනතාව වෙනුවෙන් ජීවිතය වුනත් දෙන්න වගේ සුරංගනා කතා කියන ජනතාවට බරක් වූ VIP VVIP රංචුව මේ සිදුවීමට වගකීම බාරගෙන ඉවත් වනවා නම් මා කැමතියි. මේ වගකීමක් මිස ගරු නම්බු නාම තනතුරු හා පහසුකම් සඳහා ජනතාව මත බර පටවමින් යැපෙන්න දුන් වරමක් නොවේ. ඔවුන්ගේ ආරක්ෂාව තවත් වැඩි කරගෙන තවත් ජනතාවට බර පටවන්නේ නැතිව ඔවුන්ට හිමි ආරක්ෂාවට අමතරව අවශ්‍ය ආරක්ෂාව ඔවුන්ගේම වියදමින් සලසා ගන්න. මේ කල්ලිවලට හිතුමතේ ක්‍රියා කිරීමට ඉඩදුන් ජනතාව ගොනාට අන්දවන අවස්ථාවාදි දේශපාළන කථාද දැන් ඇති. දැන් යන්න.
අතටම මේ කරන ඕන වැඩක්. සාක්ෂි තියනවා ඉන්දියාවෙන් මේ සම්බන්දව දැනුම් දුන් බවට. දැන් දැනත් රටේ නායකයින් රට පන්නන බවටත්. තවත් ලොකු විපතක් නවත්වගන්න පුළුවන් දැන්ම ක්‍රියා කලොත්
අයි එස් වැඩක් කියල අත පිහදාගන්න බෑ. අයි එස් කියන්නෙ අන්තවාදය පතුරුවමින් මිනීමරන්න ක්‍රම සහ විදි පතුරවන සංවිධානයක් පමණයි. මිනී මරන්නෙ දේශීය කල්ලි. ඔවුන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ යුතුකම.