( තිළිණි ද සිල්වා )
මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය ලබන සිකුරාදා (26) දින දක්වා මහජනතාව සදහා වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
පාස්කු ඉරිදා කොළඹ තදාසන්න ප්‍රදේශයන් ඇතුළු ප්‍රදේශ සිදුවු බෝම්බ පිපිරීම් හේතුවෙන් ඇතිවූ හදිසි තත්ත්වය නිසා තානාපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.
මීට අමතරව කොළඹ ඇමරිකන් කේන්ද්‍රය සහ අනෙකුත් ඇමරිකානු පියස ද වසා තැබෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටී.
තානාපති කාර්යාලය වසා දැමුනද ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වන අතර එරට පුරවැසියන්ගේ හදිසි සේවා සදහා +94 11 249 8639 අමතන්නැයිද තානාපති කාර්යාලය දැනුම් දී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජරාව හැමදාටම වැසේවා...!!! ලෝකයට ගින්දර දෙන යක්ෂයා ඉන්නේ මෙය තුළයි. ඔසාමා බින් ලාඩන්, වගේම අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් කියන්නෙත් මේ ඇමෙරිකාවේ නිෂ්පාදනයක්...