ශ්‍රී ලංකාවේ පසුගිය පාස්කු ඉරිදා දින සිදුකරන ලද විනාශකාරී ප්‍රහාරය හා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් පල්ලියේ මාරාන්තික වෙඩිතැබීම අතර සබඳතාවක් ඇති බවට තම රජයට කිසිදු බුද්ධි අංශ තොරතුරක් ලැබී නොමැති බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය පවසයි.
ඕක්ලන්ඩ්හි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නවසීලන්ත අගමැතිනිය මේබව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රුවන් විජේවර්ධන මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධව නවසීලන්ත අගමැතිනිය මෙම අදහස් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේදී විශාල පිරිසකට මරු කැඳවමින් පල්ලි හා හෝටල් වල සිදුකරන ලද බෝම්බ ප්රහාරයන් සම්බන්ධ මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එය පසුගිය මාර්තු 15 දින නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ මාරාන්තික වෙඩි තැබීමට පළිගැනීමක් ලෙස සිදුකරන ලද්දක් බව එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
මෙවන් දාම බෝම්බ ප්‍රහාරයක් එතරම් කෙටි කාලයක් තුළ සැලසුම් කිරීමට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධව ආරක්ෂක විශේෂඥයින් හා විශ්ලේෂකයින් ප්‍රශ්න කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිද්ධි දෙක කිසිසේත්ම සම්බන්ධයි කියලා මම නම් හිතන්නේ නැහැ. ක්‍රයිස්චර්ච් සිද්ධිය වෙලා තාම වැඩි දවසක් නැහැ. ලංකාවේ සිද්ධිය ගොඩක් කල් ඉඳලා සැලසුම් කරපු එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ ලංකාවේ අය තම තමන්ගේ අඩුපාඩුකම් වහගන්න සිද්ධි දෙක සම්බන්ධ කරන්නේ...
ගරු මැතිණියනි, කලබල නොවන්න මේ සිරිලංකාව අපේ මහ අය කෙබර කෙලින්නේ කියලා ජනතාව නම් දන්නවා. කලින් දැනගෙන හංගන් හිටියෙත් අපෙ මහා අයම තමයි. දැන් බයිලා කියවනවා..
අපේ මෝඩ දේශපාලකයෝ නවසිලන්තේ මේකට ඈඳාගත්තට බුද්ධිමත් මිනිස්සු දන්නවා මේක තවත් ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් බව...
එහෙ අගමැතිණිය ලබුණු තොරතුරු, ලැබෙන තොරතුරු, විය හැකි, විය නොහැකි සියලු දේ පිළිබඳ අවධානයෙන්. මෙහෙ ලියුමක් ආවත් පහළට පහළට යොමුකරලා, කියවන්නේ පහළම මට්ටමේ ඉන්න ක්ෂණිකව කිසිවක් කිරීමට බලයක් නැති නිලධාරීන්...
අපේ රටේ වගකිවයුත්තෝ හිතාගෙන ඇති මෙහෙ අයව ගොනාට අන්දනවා වාගේ විදේශිකයන්වත් එලෙස කරන්න පුළුවන් කියලා.
හරියට හරි ඔබතුම්යගේ කතාව, මේහේ ඉන්නේ පඹයින් වගේ ඇමතිලා...
ජාත්‍යන්තර අනුකම්පාවක් ලබා ගැනීමටද? එ්ත් නවසීලන්තය ඊට ඉඩදී නැති බව පෙනේ...
ආණ්ඩුවටත්, ඉහළ නිලධාරීන්ටත්, ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
හිතාගෙන ඉන්නෙ ප්‍රති ප්‍රහාරයක් කියලා. පව් ..
එහෙම සම්බන්ධයක් නැති බව අපි දනිමු. අපේ දේශපාලකයෝ ඔවුන්ගේ ගැලවීමට මේ සම්බන්ධකම් ඉදිරිපත් කරනවා. ඔබලගේ රටේ ඉන්න ඒ වීරයාට මගේ උපහාරය... ඔහුගේ නඩුවට මම ඩොලර් කීපයකින් ආධාර කිරීමට මැලිවන්නේ නැත...