(ටී.කේ.ජී.කපිල )
මාකඳූරේ මධූෂ් විසින් ඩුබායි හි සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි තවත් පුද්ගලයකු අද (24) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔහු බදුර්දීන් අබුබකර් මොහොමඩ් නැමැති අය වන අතර ඔහු අද (24) අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබිණි.
ඔහු ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බාර ගෙන ගුවන් තොටුපළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන සඳහා බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd