(සමන් විජය බණ්ඩාර)
ඉකුත් ඉරිදා දින සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධයෙන් වරකාපොළදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.
සැකකරුට අයත් සුඛෝපභෝගී වෑන් රථයක්, සන්නිවේදන උපකරණ 4ක් ඇතුළු යතුරු පැදි තුනක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
බුද්ධි අංශ නිලධාරීන් හා වරකාපොල පොලිසිය එක්ව අගුරුවැල්ල පාරේ නිවසක් පරීක්ෂා කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මාවනැල්ල හෙම්මාතගම ප‍්‍රදේශයේ මඩුල්බෝව මුස්ලිම් පල්ලියක පූජකවරයෙක්ද අද (24) බුද්ධි අංශ නිලධාරීන් හා පොලිසිය එක්ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු වරකාපොළදි අත්අංඩගුවට ගත් සැකකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බව ද ඔහු ඩුබායි රටේ ආධාර ලබා ගෙන හෙම්මාතගම සහ ලංකාවේ ප‍්‍රදේශ රැසක බඩු බාහිර ආදිය දුප්පත් ජනතාවට බෙදා හදා දෙමින් සමාජ සේවකයෙකු ලෙසද කටයුතු කරමින් සිටි බවද පොලිසිය කියයි.
(අත්අඩංගුවට ගත් වාහන)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ මොන රටක වැසියකු වුවත් , මොන ජාතියකට අයත් වුවත්, මොන ආගමකට අයත් වුවත් කම් නැත. ත්රස්තවාදයට නිසි දඬුවම් ලබා දිය යුතුය.