(අජන්ත කුමාර අගලකඩ)
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ සිට පහළට නායකත්වය අස්විය යුතුයි..
රටේ ආරක්ෂක ලේකම් පිටරට මාධ්‍යවලට උත්තර දෙන හැටියෙන් පෙනුනේ ඒ මහත්මයාගේ විෂයට ඇති දැනුම..!
ආරක්ෂක ලේකම්ගේ කතාව දැක්කම හිතුණේ මෙය හොද මොන්ටිසෝරියක් පාලනය කරන්න කියලා. ඇත්තට ඔබ තුමා හෙන පොර වගේ කතා කරේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විද විද නේද. කට නිසානේ මලුව නහින්නෙත් , ගොන් කම නේ
ඔවුන් සමග එතුමත් ඇස් උනා නම් සම්පුර්ණයි.
ඉල්ලා අස් උනාට පහුවදාම තානාපතිකමක් දීලා ඒරොප්පේ රටකට යවයි දඬුවමක් විදිහට.
මුලින්ම අස්වෙන්න ඕනේ ජනාධිපති රටම මුලා කළාට
ගමරාළ අස් වෙන්නෙ නැද්ද හිටං
අයියෝ දැන් කුමක් කරන්නද...? ආරක්කෂක ලේකම් අස් වුවත් පොලිස්පති නම් අස්වෙයිද....? ඕක තමයි කියන්නෙ නීතිය හරියට කරන්නෙ නැතිව එක එකාට කඩේ ගියහම වෙන්නෙ පීචංම වෙලා යනවා. අස්වෙන්න ඕනා මෙයාලා නෙමෙයි මුන්ව පත් කරපු උන්..එකෙක් මහ බැංකුවට වැඩ දුන්නා මුන් මිනිසුන් ඝාතනය කරන්න සහයෝගය දුන්නා දණ්ඩුවම් ලැබිය යුතු වරදක් නිතීයෙ හැටියට නමි.
ඔය පොලිස්පති කීයටවත් ඉල්ලා අස්වන්නේ නැහැ .
ඔය දෙන්නා විතරක් නෙමේ පුලුවන්නම් ජනදිපතියි අගමැතියි දෙන්නත් ගියානම් තමා වාඩා හොද.
මෙම ප්‍රවෘත්තිය අගේ කරමින් අන්තර්ජාලයේ මේ පිළිබඳව මෙවැනි යෝජනාවක් ප්‍රසිද්ධයට පත්කර ඇත. "ජාතික ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරයට වහා ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කළයුතුය. ආරක්ෂක ලේකම් ධුරයට විශ්‍රාමික පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පත්කළ යුතුය. පොලිස්පති ධුරයට දැනට පොලිසියේ සිටින අත්දැකීම් බහුලතම සහ අදූෂිතම නියෝජ්‍ය පොලිස්පතිවරයා වන ලතීෆ් පත්කළ යුතුය. වත්මන් යුද හමුදාපතිවරයා මහේෂ් සේනානායක ඒ ධුරයේම තව සේවා දිගුවක්දී තබාගත යුතුයි. මාස 3න් බලෙන් විශ්‍රාම ගැන්වූ ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාවේ වගකිව යුතු බලතල සහිත ප්‍රධාන උපදේශකයෙකු ලෙස හෝ පත් කළ යුතුය. යුද්ධයට මුවාවී තම විරුද්ධවාදීන් ඝාතනය කරමින්ද, මහා පරිමාණ දූෂණයේ යෙදෙමින් ඩොලර් බිලියනපතියන් වූ රාජපක්ෂලා වත්මන් නවීන ත්‍රස්තවාදයට පිළිතුරක් යැයි සිහිනෙන් හෝ සිතුවහොත් ඒ මාතෘභූමියේ ඊළඟ අවාසනාවයි..."
ඔය නාට්‍ය අපට වැඩක් නැහැ. රටම එපා කියද්දී තමුන්ම පත්කරගෙන රටම විනාශ කරලා දැන් ෂෝ එකට අස්වෙන්න කියනවා.. තමුන්ගේ වැරැද්ද වහගන්න. ඕවා වැඩක් නැහැ. අපි පිළිගන්නේ නැහැ.
මේ රටේ මිනිසුන්ට අමතක නොවෙන සේවයක් කරනවා නම් මේ සමගම ඔබතුමාත් අස් විය යුතුයි.
වගකිවයුතු සියල්ලන් ඉල්ලා අස් වියයුතුයි
පොලිස්පතිකම හම්බවුණාට පස්සේ රඟපෑමට පටන් ගත්තනේ... පොර ටෝක් දිදී...
ජනාධිපතිතුමනි, මේ විනාශයට පොලිස්පතිතුමා විතරක් අස්කරන්න එපා. මුළු ඇමැති මණ්ඩලයම අයින් කරන්න. එක්කෙනෙකුට විතරක් ඇඟිල්ල දිගු කරන්න එපා. මුළු දේශපාලකයන් හැමදෙනාම මේ විනාශයට වගකියන්න ඕනෑ.
දැන්වත් මේ රට ආරක්ෂා කරන්න ෆොන්සේකා මහත්තයට නියම රාජකාරිය බාරදෙන්න. මෙරට ජනතාවට ඔහු විශ්වාසයි.
ලෝකේ හොඳම ආරක්ෂක ලේකම් විතරද අස් වෙන්නේ? ඇයි ජනාධිපති සහ අගමැති ඉල්ලා අස් වෙන්නේ නැද්ද?
ඉලක්කයට වෙඩි තැබීමට පුළුවන් වීම ආරක්ෂක ලේකම් වීමට සුදුසුකමක් වෙන එකම රට..
ඒ ඉල්ලා අසුනත් දෙන්නට විරුද්ධව නඩුදමා කූරු ගණන් කරකර ඉන්න යවන්න. හැබැයි එ්ත් මදි. මරණ 359ට වගකිය යුතු අයගෙන් කොටසකි මේ...
සොක්කෝ විතරක් අස්වුණාම ඇතිද...? ලොකුම ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ලොකු දෙන්නගේ.. ඔවුන් ඔවුන්ගේ වගකීම් සහ මේ රටත්-ජාතියත් එහි පුරවැසියන්ගේ ආරක්ෂාව අතිශය නිර්දය ලෙස පැහැර හැරියා. මේ සිදුවූ ජීවිත හානියේ වගකීමෙන්ද? රට ආරක්ෂාව අතින් අස්ථාවර වීමේදී වගකීම ගැන ඉක්මණින් ඔවුන් ඉල්ලා අස්වෙනු ඇති මා විශ්වාස කරනවා...
බල්ලගේ වැඩේ බූරුවාට දුන්නාම ඔහොම වෙනවා. තමන්ට දෙකට නැමිලා සර් කියන අයට රටේ වගකීමක් ඇති තනතුරු දෙන්න තරම් මේ රටේ පාලකයෝ අමනයි, උද්දච්චයි, ආත්මාර්ථකාමියි. ආරක්ෂක ලේකම් කොන්දක් නැති පෙන්දෙක් වුණාම රටම අනාරක්ෂිතයි..
පොලිස්පතිට කොයි කාලේ ඉඳලද ඉල්ලා අස්වෙන්න කියන්නේ, කෝ ගියාද?
මේක තමා කියන්නේ පහල තැනින් ජලය ගලා යනවා කියලා. මොවුන් දෙදනා කොහෙත්ම නිර්දෝෂී නැහැ. නමුත්, රට කාපු ඊට සම්බන්ද අමාත්‍ය මණ්ඩලය අස්වන්නේ හෝ ගෙදෙර යවන්නේ කවදාද?
ඔව් මෙව්වා බොරු නාටක විතරයි මිනිස්සු ගොනාට අන්දන්න කරන!
ජනපතිට ප්‍රඥාවන්තයෙක්ගේ උපදේස් අවශ්‍යතාවයක් පවති. එසේ අවශ්‍යබව හැගේ නමි දැනුමි දෙන්න.
ජනාධිපතිතුමනි. ඔබතුමාත් මේ ගමන්ම අස් උනා නම් හොඳයි නේද?
මේක හරියන් නෑ. ඉස්සෙල්ලා ජනාධිපති අයින් වෙන්න ඕනි... අනිත් අයත් සමඟ
පත්කරන කොට සුදුසුද කියලා බලන්න දන්නේ නැති කෙනෙක්නේ රටේ නායකයා වෙලා ඉන්නේ? ඉස්සරවෙලාම පාර්ලිමේන්තුව රැස්වෙලා සිරිසේනව අයින් කරලා ඉන්න ඕනෑ. නැත්නම් රටට ගොඩ ඒමක් නෑ...
ලොක්කා, බොරුවට අස්වෙන ලියුම දෙන්න. මම ඕක තියන් ඉඳලා කුණුකූඩෙට දාන්නම්. මම හොඳ රටක කොමසාරිස් කමක් සෙට් කරන්නම්. නැත්නම් වෙන කොහෙ හරි ලේකම් කමක් දෙන්නම්. දැන් තියෙන පහසුකම් මුකුත් කපන්නේ නෑ.. අප්සට් වෙන්න එපා හොඳේ.. හරි සර්.. මට ඔයාව විස්වාසයි.. ඔයාගෙ පව් මට පින් සර්..
අනුන්ගේ කුණු වහන්න පහළ නිලධාරීන් බිල්ලට දෙනවා. ආරක්ෂක ලේකම් එහෙම ප්‍රකාශයක් කලේ එයාගේ ලොක්කගේ ඉල්ලීමට එයාව බේරගන්න කියලා හිතෙන්නේ මට විතරද?
එතකොට අර තාත්තා කියනදේ අකුරටම කරන පුතා... එයාවත් අස් කරන්න..
වනාතේදී ඇල්ලූ සැකකරුවන් නිදහස් කරන්න අනුබල දීපු දේශපාලකයින්ගේ ඇමතිකම් නැති කරන්නේ නැද්ද? මේ ආණ්ඩුව අවුරුදු 5ටම කලේ පත්කිරීම් හා නැවත පත්කිරීම් විතරයි. එ්කෙන් පේන්නේ මිනිස්සු හරි හැටි හඳුනාගන්න බැරි බවයි.
මේ බෝග පාලලා දෙන්න අයින් වෙන්න ඕනෑ.. එ්කේ දෙකක් නැහැ. නමුත් මට නිකන් මෙහෙමත් හිතෙනවා මේකට වගකියන්න ඕනෑ පොලිස්පති විතරද පහුගිය කාලේ කුඩු අල්ලනකොට ඒවායේ "ක්‍රෙඩිට් එක" පොලිස්පතිට ගියේ නැහැ. හරියට මාද්‍ය සංදර්ශන පැවැත්වුවේ ජනාධිපතිතුමා තනියම ඒ වැඩේ කළා වගේ නමුත් මේ වැඩේ පත්තු වුණාම ඔක්කොම කුණු පොලිස්පතිගේ කරපිට...! මම හරිද? වැරදිද?
අශ්වයා පැනගියාට පසු ස්කාගාර වසා ඵලක් නැත. ඒ නැතිවුණු ජීවිතවලට ඔය සෝභන වැඩවලින් ඵලක් නැත. සියලු දෙනාම ජාතියෙන්ම සමාව අරගෙන හමුදාවට හරි මේ මාතෘභූමිය බාරදීලා සියලු දෙනාගේම බලලෝභීකම, ඡන්ද වලට ඇති කෑදරකම නිසා නිහඬව සිට දැන් තප්පුලමින් ඵලක් නැත. ඒ නිසා දැන්වත් යන්න... පින් සිද්ද වෙයි. 225ම මේ රටට සාපයක්...
යස්මින්, මම මොකටද අස්වෙන්නේ..? මට නොවැම්බර් වෙනකම් බලයේ ඉන්න ව්‍යවස්ථානුකූල බලයක් තියෙනවා. ඊට පස්සේ මමම තමයි නැවතත් එන්නේ. ඒ නිසා ටිකක් පරිස්සමින්.
මේ දේවල් ගැන... සිදුවීමට කලින් දැනගෙනත්... ක්‍රියාකාරී නොවීම... සත්‍යයක් නම්... අල්ලා දාන්න තියෙන්නේ හිරේට... මුලුජීවිත කාලයටම.. !!!
මේ සිරිමල් හදන්නේ එයාගේ වුවමනාව ඉෂ්ට කර ගන්න.. එයාට ඕනෑ ත්‍රස්තවාදය හුරතල් කරපු මේ ආණ්ඩුවමයි.. ඒත් රටේ මිනිස්සු ඊට වඩා බුද්ධිමත් බව දැන ගත්තොත් හොඳයි.. අදහස පළ කරන්න බැරි නම් මේ අය දැනුවත් කරන්න.
මුලින්ම මේ ත්‍රස්තවාදීන්ව රිමාන්ඩ් 1න් බේරාගත්තු විල්පත්තුව කෑ ආණ්ඩුකාර තැනව කවද්ද අස් කරන්නේ? නිකන් බොරු ඩ්‍රාමා එපා සිරිසේන මහත්තයෝ. දැන් අපි තීරණයක් අරන් ඉවරයි. රටේ මිනිස්සු පාවාදුන්නා.
මේ සිදුවීම ශ්‍රී ලාංකික බඩගෝස්තරවාදී දේශපාලකයන් විසින් බල පෙරේතකම තකා සිදුකළ ක්‍රියාවක්.. මේ රටේ ප්‍රධානියා සියලු ආරක්ෂක බලතල දරද්දී ඔහුට සැබෑ තොරතුරු වසන්කර මහජනතාව බිල්ලට දී තමා දේශපාලන අභිමථාර්ථයන් සපුරා ගැනීමක් පැහැදිලිවම මෙහිදී සිදුව තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනා දැනුවත් කර තිබුණත් ජනාධිපති මේ සිදුවීමට අදාළ බුද්ධි අංශ තොරතුරු නොදැන සිටීමෙන්ම එය තහවුරු වෙනවා. මේ නරි නාටක පෙන්වන අය පන්නා රටේ උගත්, බුද්ධිමත් ජනතාවට පෙරට එන්න කාලය එළැඹිලා දැන් තියෙන්නේ. මේ ඔක්කොම කරන්නේ බලපෙරේතකමට අහිංසක ජීවිත බිල්ලට දෙන එක... උපන්දා සිට මැරෙන තෙක් සියලු මනුෂ්‍ය අවශ්‍යතා කුහක, බලකාමී දේශපාලන රාමුවකට කොටුකර අමුඅමුවේ මිනිසුන් මරාදමන මේ දේශපාලන පසුබිම දැන්වත් වෙනස් විය යුතුයි.
මෙයාගේ සහ වෙලේසුදාගේ අතර සම්බන්ධයක් තිබෙනවා නම් සොයා බලන්න.
පඹයෙක් පොදු අපේක්ෂක වී ජනාධිපතිකමට පත් කලේ හැටදෙලක්ෂයක් ලංකාවේ ජනතාව විසින්මයි...
හේමසිරි සහ පූජිත මහත්වරු විශිෂ්ඨ දක්ෂතා සහිත දෙන්නෙක්.. එයාලගේ සේවය තවදුරටත් වුවමනායි.
පොදු අපේක්ෂක වී ජනාධිපතිකමට පත් කලේ හැට දෙලක්ෂයක් ලංකාවේ ජනතාව විසින්මයි.
ආරක්ෂක ලේක්ම්ට තිබුණේ කඩ්ඩේ ප්‍රශ්නයක්. සුද්දා චට පට ගාලා ප්‍රශ්න අහනකොට පොර අන්දමන්ද වෙලා පිස්සු කියෙව්වා..
පොලිස්පතිට විරුද්ධව නඩු දමා දඬුවම් කළයුතුයි. අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන්. රිය අනතුරකදීත් එහෙම නඩු දානවා නම්, මේ වගේ දෙයක් නොසලකා හරින්න පුළුවන්ද?
මෙවැන්නන් හඳුනා ගැනීමට උදව් කළ විදෙස් මාධ්‍ය වේදියාට ස්තුතියි..
පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගහලා පන්නන්න ඕනෑ..
අස්වෙන්න ඕනෑ ජනාධිපති... ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවා නම් එයාට තවත් ඉන්න බැහැ.
පොලිස්පතිතුමනි, අස්වෙන්න නම් එපා. පත්තරවල, නිව්ස් වෙබ් වල, කපටි දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රවලට අහුවෙන්න එපා. අස්වෙනවා නම් හොඳ පරීක්ෂණයකින් පස්සේ අනිත් සියලු චූදිතයන් සමග පමණක් අස්වෙන්න.
පාර්ලිමේන්තුවේ යටි ගිරියෙන් කෑගැහුවට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කිසිම කෙනෙක් වැඩපිළිවෙලක් ගැන කතා කරන්නේ නැහැ.
මේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිව මූලිකවම පත්කළේ අගමැතිගේ ප්‍රධානත්වයෙන්... මේකත් හරියට අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති කරලා සද්ද නැතුව ඉන්නවා වගේ වැඩක්. ආරක්ෂක ලේකම් වගේ තනතුරක් කාටද සුදුසු කියලා දැන් තේරෙනවා නේද? හමුදාපති කොච්චර දක්ෂ වුනත් වැඩක් නැහැ ආරක්ෂක ලේකම් අදක්ෂ නම්.., ඒ වගේම දේශපාලන අධිකාරියත් මේවට ඍජුවම වග කියන්න ඕනේ.. ජනාධිපති, අගමැති ඇතුළු සියලුම ආණ්ඩුවේ මැති ඇමතිවරු වගකියන්න ඕනේ ඍජුවම...
අනේ මන්දා... අපේ පොලිස්පතිතුමාගේ ෆේස්බුක් එක බලනකොට තමයි තේරෙන්නේ එයා ෆේස්බුක් එකේ කොච්චර කාලයක් ගත කරනවද කියලා. මෙහෙම ගියොත් බෝම්බ ගහලා නෙවෙයි, ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ටොකු අැනලා මරලා දායි.
හදිසි නීතිය නොමැති අවස්ථාවක, පොලීසියට හෝ හමුදාවට තීරණ ගන්න බැහැ.. නියෝග දෙන්න ඕනේ කෙලින්ම දේශපාලන අධිකාරිය... මෙහි වගකීම මුළුමනින්ම දේශපාලන අධිකාරිය බාරගන්න ඕනේ.. ඔවුන් මෙය පැහැදිලිව දැනහිටියා.. කොහෙටද බෝම්බ තියන්නේ කියලත් ඉන්දීය ඔත්තු සේවය ඊට පෙරදින දැනුම් දීලා තියෙනවා.. එහෙනම් අැයි දේශපාලන අධිකාරිය විසින් නියෝග දුන්නේ නැත්තේ... තමන්ගේ ඡන්ද ගැන බලාගෙන ජාතික ආරක්ෂාව ගැන තීන්දු ගැනීමේ ඵලවිපාක. මේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව කටයුතු නොකිරීමේ වගකීම ගන්න ඕනේ ඔය දේශපාලකයන්.. මුළු ආණ්ඩුවම...
මොවුන් දෙදෙනා පමණක් නොවේ.. මුළු රජයම ඉවත් විය යුතුයි.
අස්වෙන්න කියන්න ඕනේ නැහැනේ... අස්කරලා දමන්නේ නැතුව, ප්‍රේමදාස, රාජපක්ෂ වැනි ජනාධිපතිවරු ඉන්න කොට මේවගේ වැඩක් කළා නම් එලවන්නේ පස්සට පහරක් දීලා..
අපේ රට බේරගන්න පුළුවන් ගෝඨාභයට විතරයි.
අස්වෙයි මේන් කියලා. කෝටි 2ම බෝම්බ නිසා මැරුණත් මෙයාලා කව්රුත් ගෙදර යන්නේ නෑ.
අපි විසින්ම අපිව අනතුරට දමාගෙන ඇත. නොදන්න පාලකයෝ පත්කිරීමේ විපාක අපි දැන් විඳිමින් තිබේ.
ජීවත් වෙලා ඉන්න අපිට පිස්සු හැදෙනවා..... මේ මහත්වරුන්ගේ වැඩ නිසා..... හරිම ලැජ්ජයි මහත්වරුන්ගේ වැඩ දැක්කහම...... මොළයක් ඇති නායකයෙක් පත්කර ගැනීම අපි හැමෝගෙම විශාල වගකීමක්
පිස්සන්ට බලය ලැබුණාම මේ වගේ දේවල් වෙනඑක පුදුමයක් නෙවෙයි.
එතකොට මේ මිනිස්සු පත්කරපු අයට ගහලද එළවන්නේ?
225 සහ ජනාධිපති ඉල්ලා අස්වීම රටට හොඳයි.
ඔවුන්ට ගානක්වත් නැත.. බෝම්බෙන් මැරුනේ ඔවුන්ව පාර්ලිමේන්තු යවපු අහිංසක ජනතාව.. ඔවුන් මුලසිටම දැනසිටියා.. ඔවුන් ආරක්ෂා වුණා.. දැන්වත් ශ්‍රී ලාංකීය ජනතාවට මොලේ පෑදෙන්න ඕනේ.. එ් වගේම මුස්ලිම් අන්තවාදයට උදව් කරපු දේශපාලකයන් ඔක්කොම බේරුණා. නමුත් මුස්ලිම් අන්තවාදයට අහු වුනේ ඔවුන්ව පාර්ලිමේන්තු යවපු කඩයක්ගෙන තමන්ගේ දරු පවුල රැකගන්න හදන මුස්ලිම්වරුන්ය.. දැන් මුළු මහත් මුස්ලිම් සමාජයම මේ නිසා අපහසුතාවයට පත්වෙනවා.. ඊළඟ වතාවේදීවත් ඡන්දය වගකීමකින් ගහන්න.
රට පාවා දෙන දේශපාලකයන් සේරම අස්වියව්. සල්ලි වලට ත්‍රස්තයන් නිදහස්කළ ඇමතිලා හොයලා පෝරකයට යවන්න.
ජයේ ළඟ පිස්තෝලයක් තියනවා බලාගෙන...
ආරක්ෂක ලේකම් කියන එකේ තේරුමවත් නොදන්නා පරිපාලන නිලධාරීන් තනතුරුවලට පත් කළාම වි්‍ඳවන්නේ ජනතාවයි. දැන් ඉන්න පරිපාලන නිලධාරීන් බොහොමයක්ම ඔලුව ඉදිමුණු අය බව ඒ අයගේ හැසිරීමෙන්ම පේනවා. මේ මිනිසුන් ගෙදර යවන්න ඕනෑ... විශ්‍රාම වැටුපවත් නොදියි. දැක්කා නේද ආරක්ෂක ලේකම් කියල තියනවා හැම පල්ලියකටම ආරක්ෂාව දෙන්න බැහැ කියලා..?
මේකත් කුනුකන්ද සහ සාලාව වගේ බෝල පාස්කරලා කොමිෂන් දාලා කල් යවනවා විතරයි. මේ අය ගන්න ඇක්ෂන් එකක් නැහැ.
මේ පොලිස්පති තුමා පොලිස් ඉතිහාසයටම කළු පැල්ලමක් ඇති කළා ඒ නිසා මහජනතාවට පොලිසිය කෙරෙහි එතරම් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ වාගේම ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ අගවිනිසුරුවරයෙකු ද සිටියා. මෙය ශිෂ්ට සමාජයකට සුදුසු දෙයක් නොවේ.
ජනාධිපති තුමා හිතන් ඉන්නේ එතුමා තවමත් ඉන්නේ ග්‍රාමසේවක තනතුරේ කියල , රටක විධායක බලතල තිබෙන ජනාධිපති කෙනෙකු පොලිස්පතිගේ / අරක්ෂකලේකම් ගේ නොසල්ලකිල්ල නිසා විශාල විනාසයක් වුනාට පස්සේ මේ වගේ පොලිස්පතිට / අරක්ෂකලේකම්ට අස්වෙන්න කියල ආයාචනා කරමින් ඉන්නේ නැහැ , වහාම අස්කරලා රාජකාරිය පැහැර හරිම සම්බන්ධයෙන් නඩු පවරනවා මිසක් , මේ ප්‍රශ්නේ පිළිබඳව තවත් කෝණයකින් බලනකොට ජනාධිපතිතුමාත් ආරක්ෂක ඇමති වශයෙන් එතුමාගේ වගකීමත් පැහැර හැරලා.
මතභේද ඉවත් කරගෙන මේ රට මහින්ද ගෝඨාභ සහ සරත් ෆොන්සේකා යන තිදෙනාට බාරදෙන්න කාලය ඇවිත් ..... දේශපාලන එදිරිවාදිකම් පසකලා අපේ දරුවෝ බය නැතුව පාසලකටවත් යවන්න පසුබිමක් පෙර පරිදි ඇතිකරන්න පුළුවන් කියල හිතෙන්නේ මේ තිදෙනා එකතු උනොත්
අර ලියුම ගණන් නොගත්ත අය ඕක ගණන් ගනීද ?
මෙම ප්‍රශ්නයට මුලික වගකිව උතු ඔබ ප්‍රථමයෙන් අස්වෙන්න.
තවත් අස්වෙන්නේ නැත්නම් ගහලා පන්නන්න.....
අපි මේ බලාගෙන ඉන්නෙ මේ දෙන්නා අස්වෙලා අලුත් දෙන්නෙක් පත් කරනකම්. මේ කපේ සිද්ධ වෙයිද දන්නෙ නෑ.
ඥානසාර හාමුදුරුවෝ මෙහෙම තත්වයක් ඇති වෙන බව කීවත් ගොඩක් අය එය ජාතිවාදය කියලා කීවා. බරපතල වැඩ ඇතිව අවුරුදු ගණනක් හිරේ දැම්මේ උන්වහන්සේගේ වචනයක් වැරදිලා නේද? දැන් මේ මිනීමැරුම් වෙන්න ඉඩ ඇරපු අයට දෙන දඬුවම මොකක්ද, අස් කරන එක විතරද?
කොහෙත්ම පොලිස්පති යන්නෙ නෑ. මිනිහ යහපාලනේම කොටසක්. අස් කරන්න ඕන පාර්ලිමේන්තු වැඩි ඡන්දෙන්. එහෙම නම් රාජිතට පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න බොරුවට කැබිනට් එකේ තීරණයක් ජනාධිපති එයාව අස් කරන්න කිව්වෙ. ජනාධිපතිට බැරි බව දන්නවා. නොදකිං මාත් මගෙ පලවෙනි ඡන්දේ මේ යහපාලනේට දුන්නනෙ ගෙදරින් බනිද්දි.
මෙයට මොවුන් දෙදෙනා පමණක් වග කිවයුතු නැත.... අස් විය මොවුන් දෙදෙනා සමඟ ජනාධිපති තුමාද අස් විය යුතුය..... මොකද කවුන්සිල් එකෙන් ලැබෙන තොරතුරු මොවුන් දෙදෙනාට සහ ජනාධිපතිවරයාට අනිවාර්යෙන්ම දැන්විය යුතුයි . එම ආකාරයට ආරක්ෂක කවුන්සිල් එක සැදී ඇත්තේ. ජනාධිපති තුමනි ඔබ තුමා මෙයට වගකිව යුතුය. අහිංසක මිනිස්සු කි දෙනෙක් මැරුණද ?දැන්වත් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න.තනතුරු ලැබිය යුත්තේ ගැලපෙන අයටය ෆොන්සේකා මහත්තය කිව කතාව අගය කලයුතුය