(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
බුද්ධි අංශ ප්‍රධානියා සිටින්නේ ආරක්ෂක අමාත්‍යවරයා හා ආරක්ෂක ලේකම්වරයා යටතේ බැවින් ඔහු පොලිස්පතිවරයාට යැවූ ලිපිය අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාට යවා තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
එබැවින් එල්ල වූ ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ගැන පොලිස්පතිවරයාට පමණක් චෝදනා කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇති බවත් එම කාලය තුළ රට පාලනය කළ සියලු ආණ්ඩුවලට ඒ සම්බන්ධ වගකීමක් ඇති බවත් සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වෙන අතර එයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය
තමන් ආණ්ඩුව පැත්තේ නොව රටේ පැත්තේ සිට මේ පිළිබඳව අදහස් දක්වන බව ද මන්ත්‍රීවරය කියා සිටියේය.
රටක් ලෙස මුහුණ දුන් මෙම ඛේදවාචකය ගැන තමාට වේදනාවක් ඇති බවත් එසේ වන්නේ රටට සේවය කළ අයෙක් වශයෙන් බවත් පැවසු මන්ත්‍රීවරයා, මෙහිදී ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාළ නොවන බව ද පැවසීය.
යුද්ධය අවසන් වු පසුව රට නිවැරදි මාර්ගයේ නොගිය බවද කී ෆොන්සේකා මහතා යුද්ධය අවසන් වු වහාම අපි විශාල උත්සවාකාර ජීවිතයක් ගත නොකර රටෙහි ආරක්ෂාව ගැන වගකීමකින් දේශපාලකයන් මෙන්ම හමුදා නිලධාරීන් කටයුතු කළ යුතුව තිබු බව ද කීවේය.
රටක ආරක්ෂාව ප්‍රමුඛතා මත පළමු වන ස්ථානය වන බවත්, ආර්ථිකය ප්‍රමුඛතා මත දෙවැනි ස්ථානයේ ඇති බවත් පැවසු අමාත්‍යවරයා, අපේ දේශපාලඥයින් ආරක්ෂාව වෙනුවෙන් අවධානය අඩුවෙන් යොමු කළ බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ඇතුළුව ඔය තොරතුර දන්නේ නෑ, ලැබුනේ නෑ, දැනන් හිටියෙ නෑ කියන හැමෝම කියන්නේ පට්ටපල් බොරු. අහිංසක මිනිස්සු විතරයි දැනන් හිටියේ නැත්තේ.
අදටත් මම කියන්නේ ඔබතුමා අපරාදේ දේශපාලනයට ආවේ.
දැන්වත් තහනම් කළයුතු සංවිධාන, තහනම් කලයුතු බුර්කාව, එක කල්ලියකට විතරක් වෙනම නීතියක්, කාත්තන්කුඩිවලට විතරක් ඇති ටැක්ස් ෆ්‍රී මුහුදු මාර්ගවලට ඇති ඉඩ අහුරාලනු. කොන්දක් ඇතිව රටේ නීතිය හැමෝටම එක ලෙස භාවිතා කරනු. ඡන්ද ටිකකට බයේ රටේ ආරක්ෂාව, වනාන්තර, පාවා නොදෙනු..!
හරියටම හරි. මේ වගේ නායකයෙක්ගෙන් වැඩක් ගන්න ඉන්න, හිටපු නායකයින්ට පිරිමිකමක් නැහැනේ.
ආරක්ෂක ලේකම් තනතුරට නන්දසේන! නන්දසේන!! නන්දසේන!!!ව පත් කළොත් එතුමා සියලු බල මුළු ඒකරාශී කරලා නූලට තිතට ටක්කෙට රාජකාරිය කරාවි! ඕං කිව්වා.
කාත්තන්කුඩියට හමුදාව යැවිය යුතුයි. ඔවුන් බලය අයුතු ලෙස භාවිතා කරන මිනිස් කණ්ඩායමක්...
මේ වගේ බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් ලැබෙන ආරංචියක් ලියුමක් මඟින් දන්වනවාට වඩා ලැබුණු අවස්ථාවේදීම දුරකථනයෙන් දන්වන්න නේද තිබ්බේ..?
කණගාටුයි... රටේ අවාසනාවට සුදුස්සන්ට සුදුසු තැන හිමිවෙන්නේ නැත. ඔබතුමාටත් වුනේ එ්කමයි.