මුස්ලිම් අන්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට ඇමැති පාඨලීගෙන් යෝජනා 10ක්
රට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට නම් ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කිරීමත් වහාම කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.