IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි

(ඉන්දිකා රාමනායක)

ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා හෝටලයේ දී  ඉකුත් 21 දා බෝම්බයක් පුපුරාගෙන  මියගිය මොහොමඩ් ආසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ නමින් මෙම ලොරිය ලියාපදිංචි කර ඇති අතර  ඉකුත් 22 දින කොච්චිකඩේ පල්ලිය  ආසන්නයේ දී  විශේෂ කාර්ය බලකාය  විසින් ආරක්ෂිතව පුපුරවා හරින  ලද වෑන් රථයද ලියා පදිංචිකර ඇත්තේ ද මෙම  බෝම්බකරුගේ  නමින්  බවද උසස් පොලිස් නිලධාරියෙක්  සඳහන් කළේය.

බෝම්බකරු  මෙම ලොරිය ලියාපදිංචිකර ඇත්තේ   කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පිහිටි ඔහුගේ බිරිදගේ නිවසේ ලිපිනයට බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ලොරියේ අයිතිකරු වශයෙන් දැනට සිටින පුද්ගලයා මෙම ලොරිය මීට වසර දෙකකට පෙර   මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගෙන් කල්බදු  ක‍්‍රමයට ලබාගෙන ඇති අතර  වාරික රැසක් ගෙවීමට ඇති නිසා ඔහු  ලොරිය සිය නමට  ලියා පදිංචි නොකර මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ නමින්ම  කල්බදු ගෙවා ඇති බවට  ප‍්‍රශ්න කිරීම් වලදී හෙළි කරගෙන ඇත.

මෙම ලොරි රථය  කොටහේන පොලිසිය  බාරයේ තබාගෙන  පරීක්ෂණ පවත්වමින් සිටියි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 

 

 

 

 

     



අදහස් (1)

පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි

ranjith Thursday, 25 April 2019 11:27 PM

අපේ ආරක්ෂක හමුදා වලට පින්සිදුවෙන්න රටේ ජනතාව මේ තරම් වත් රැකෙනවා. නායකයින් කියන අය ජනතාවගේ මුදලින් සැප විඳිනවා විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site