ගිනිඅවි පැහැරගත් සැකකරුවන් තිදෙනෙකු අල්ලයි
මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළට ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනි දින අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා, කපා කොටා, ඝාතනය කර ඔවුන් සතුව තිබූ රිවෝල් ගිනිඅවි 02 පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.