(ඔගස්ටින් ප්‍රනාන්දු සහ පද්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය ප්‍රදේශය තුළ මේ දිනවල විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ හිටිහැටියේ සැරිසරණ ඩ්‍රෝන කැමරාවක් වැනි යානාවක් සෙවීමේ මෙහෙයුමක් අද (28) අලුයම් කාලයේ දි අරඹා තිබේ.
මෙම ඩ්‍රෝන කැමරාව වැනි යානය ගතවු දින තුනක කාලයක සිට විටින් විට නොරොච්චෝලේ තාප බලාගාරය කල්පිටිය නාවික හමුදා කදවුර වනාතවිල්ලුව ගගේවාඩිය නාවික කදවුර යන ස්ථානයන්ට බහළ අහසේ සැරිසැරූ බවත් එම යානය අද (28) අලුයම ද එසේම සැරීසරා ඇති බවට ප්‍රදේශවාසින් හා නාවික හමුදා නිරීක්ෂණවලින් හෙළි වී ඇති බවත් කියයි.
ඉතා වේගයෙන් ගමන් කරන මෙම කුඩා යානය සමහරවිට ඩ්‍රෝන කාමරාවක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි අතර එයට වෙඩි තබා ඇතත් එහි ගමන් වේගය අනුව ඊට කිසිදු හානියක් සිදුවි නැති බවත් කියයි.
ඩ්‍රෝන කැමරා භාවිතය මේ වන විට තහනම් කර ඇති නිසා එම යානය සොයා නාවික හමුදාව පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ.ජයකොඩි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ සෙල්ලම් නැහැ වගේ. මේ මුතු ඇටය.. චිකගොවක් වෙලා.. සියලු බලධාරීන් බුදී. මගේ නිදහස අනෙකාගේ නාසය කෙලවරින් අවසන් කිව්වේ මේ නිසයි.. ඉක්මනින් මේ ත්‍රස්තවාදී අවසන් කර සාමය සුරක්ෂිත සමාජයක් ඇති කිරීමට ආරක්ෂක අංශවලට ශක්තිය හා ධෛර්ය ලැබේවා.. රට ජාතියට ආදරය හා ගෞරවය ඇති දූරදර්ශී නායකයන් සමාජය තුළින් බිහි වේවා!!!