(රොයිටර් පුවත් - කොළඹ)
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබිණ. එහෙත් සිය තනතුරෙන් ඉල්ලා අස්වීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලයේ ඉහළම ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
මෙම තත්ත්වය නිසා ආණ්ඩුවේ ඉහළ තලයන්හි ගැටුම් තව තවත් උග්‍ර මට්ටමකට පැමිණ ඇති බවද වාර්තාවේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි විවේචනයට ලක්ව සිටී. බුද්ධි තොරතුරු බෙදා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දෝෂාරෝපණය එල්ල වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙතය.
ජනාධිපතිවරයාගේ නිර්දේශය පරිදි, ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වූයේය. එහෙත් පොලිස්පතිවරයා තමන්ගේ ස්ථාවරයේ රැඳී සිටින බව ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීහු දෙදෙනෙක්ම පැවසූහ.
“ඉල්ලා අස්වෙන්න කියා ජනාධිපතිතුමා කිව්වත් ඔහු ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරනවා” යයි නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පොලිස්පතිවරයා ඉවත්කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සම්මත වීමකින් පසුව පමණි. එහෙත් එය ඉතා දීර්ඝ ක්‍රමවේදයකි. එය නිර්මාණය කර ඇත්තේ දේශපාලන බලපෑම් වලින් උසස් නිලධාරීන් බේරාගැනීමේ අරමුණ ඇතිවය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් මියගිය අතර 500 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙම විනාශයේ අනියම් ප්‍රතිඵලයක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පවතින විරසකය මැනවින් කරළියට ඒමයි. ඉන්දීය ඔත්තු සේවා විසින් සපයන ලද තොරතුරු තමන්ට නොලැබුණු බව දෙදෙනාම කියා සිටියහ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අප්‍රේල් මස 4 වැනිදා, අප්‍රේල් මස 20 වැනිදා සහ ප්‍රහාරයට පැය කිහිපයකට පෙරත් ශ්‍රී ලංකාවට ලැබී තිබිණ.
පොලිස්පතිවරයා මෙම තනතුරට තෝරාගන්නා ලද්දේ අගමැති වික්‍රමසිංහ මහතා විසිනි. ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ගයක් කියා සිටියේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වීම් ලිපිය දෙනතුරු ජනාධිපතිවරයා තවමත් බලා සිටින බවයි. තවත් ආරංචි මාර්ගයකින් එය තහවුරු කරන ලදි. කෙසේ වෙතත් මාධ්‍ය වෙත කරුණු දැක්වීමට මෙම නිලධාරීන් දෙදෙනාටම අවසර නැති බැවින් ඔව්හු දෙදෙනාම නම් හෙළිකිරීමට අකමැති වූහ.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට රොයිටර් පුවත් සේවය ඊ-මේල් මෙන්ම දුරකතන හරහාද උත්සාහ කළ නමුත් ජයසුන්දර මහතා එම දුරකතනයට හෝ විද්යුත් ලිපියට පිළිතුරු නොදුන්නේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේ පොලිස්පතිවරයා ඉල්ලා අස්වූයේ නැතත්, අද (සෙනසුරාදා) සේවයට නොපැමිණි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ හමුදාපතිවරුනි, නායකයන් පලවා හැර බලය ලබාගෙන අපට කඩිනම් මැතිවරණයක් ලබා දෙන්න. මෙයාලා හරියන්නේ නැහැ රට විනාශයට යනවා. මැතිවරණත් නැහැ. රටකනවා පිස්සු මැන්ටල්ලා සෙට්එකම..
ඕක තමයි කියන්නේ මහලොකුවට කයිවාරු ගැහුවට මොකුත්ම කරගන්න බෑ කියලා.19 ගෙනාවා. දක්ෂයෙක් නෙමෙයි, දුර්වලයෙක්වත් අයින් කරගන්න බැරිවුණා. 20 ත් ගේමු නේද?
රනිල්ගේ 19යේ සැප...
සුන්දර හිනාවක් තිබුනත් එළිපිට මෙමාගේ.... හොදහැටි අසුන්දරය ඇතුලත .... හොද ගෝලයෙක් නිසා අපේ සුත්තර පුන්චාගේ. කිසිවිට නොයමි මැරුණත් දාල පුටුව මෙමාගේ...
ඔබතුමා තනියෙම යන්න එපා.. මොකද ජනාධිපති, අගමැති දෙදෙනා සමග යන්න. ඔබ ගියොත් ඔවුන්ගෙන් ඵලක් නැත. ඔහුන් ගියොත් ඔබගෙන් ඵලක් නැත. තිදෙනාම හොඳට රඟපානවා.
පළමුව ජනාධිපති අස්විය යුතුයි. හේතුව ආරක්ෂක සහ පොලීසිය භාරව සිටියේ ඔහු නිසා. රට යද්දිත් වැඩබැලීමට හෝ කෙනෙක් පත්නොකළේ ඔහුගේ ඇති හිතුවක්කාර, අත්තනෝමතික දරදඬු ගතිය නිසානේ.. හරි එහෙනම් පළමුව ජනාධිපතිවරයා ඉවත්විය යුතුයි. කොහොමත් රටේ ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කළ නිසා තනතුරේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. පොලිස්පතිට වරද පටවලා බේරෙන්න බැහැ.
සිදුවුණු අපරාධයට, වගකිව යුත්තන්ට නඩු පැවරීම ළඟදීම සිදුවෙයි... (ශ්‍රී ලංකා සියලු ක්‍රිස්තියානි සංගමයන්) දැනටමත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අන්න එදාට තමයි ඔබතුමා සිය කැමැත්තෙන්ම තම සේවයෙන් බැහැර යන්නේ... !
මෙය බරපතල තත්වයක් අපි කියමුකෝ පොලිස්පති මේ වැඩේට සම්බන්ධයි කියලා එතකොට මේ රටේ පවත්නා නිතිය මොකක්ද ? පොලිස්පති යම්කිසි මානසික අබාදයකින් පෙලෙන කෙනෙක් නම් ? පොලිස්පතිවරයාට ප්‍රශ්න ආවේ කලෙක ඉදන් ජනපති පසුගිය වසරේත් එයට ජිවිත තර්ජන තියෙනවා කියලා පොලිස්පති අයින් කල යුතුව තිබ්බත් අයින් කරේ නැහැ.
බුරුවො රැලක් එක්ක කොටළුවෙක් ඉන්න පුළුවන් එත් සිංහයෝ ඉන්න බෑ එකයි හේතුව..
ගියේ නැත්නම් හෙට මිනිහාව මම කන් කෙටි දෙකෙන් අල්ලලා එලියට දානවා..
මොහු ඉල්ලා අස්වුවත් නැතත්, මේ සිද්ධියෙන් මොහු පිළිබඳව ඇති විස්වාසනීයත්වය සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති බව සත්‍යයකි.
පොලිස්පතිවරයා ඉල්ලා අස් විය යුතුයි
මොහුට ඉහලින් තනතුරක් ඇතිකරන්න.
මේවගේ දේවල් වලින් ලකුණු දා ගන්නේ අර බොර දියේ මාළු බාගන්න කට්ටියයි.
දැනට පෙනීයන විදියට අපි හිතනවට වඩා ඉතාම භයානක තත්වයකට රටේ පත්වී යනබව ආරක්ෂා වැටලීම් වලින් පෙනෙනවා ,පල්ලිවල කඩු,පිහි ,බෝම්බ ,තියාගෙන ඉන්නේ අල්ලා දෙවියන්ගේ ඉගැන්වීමටද ?මේ ප්‍රශ්නෙට එකම විසදුම ජෙනරාල් සරත් ෆොන්සේකායි. ඔහු පත්කරන්න බය ඇයි.
සමහර ලොක්කන්ට ලැජ්ජාව කියල එකක් නැහැනෙ. මිනි ලක්ෂයක් මැරුණත් ලක්ෂ ගණන් වැටුප දමල යන්න පුලුවන්ද?
අනේ පොලිස්පති තුමනි, තවත් මේ රටේ අහිංසක ජනතවගේ ජීවිත අනතුරේ නොදමා ඔබතුමා ගෙදර යන්න. ඔබතුමා විතරක් නෙමෙයි, මෙයට වගකිවුතු සියලු දෙනා කරුණාකර ඉල්ලා අස්වෙන්න. ඔබලාඔය සෙල්ලම් කරන්නේ අහිංසක ජනතාවගේ ජීවිත එක්ක බව මතක තබාගන්න.
මහ එවුන්ව අනුගමනය කරනවා ඇති, එකයි ඉල්ලා අස්වෙන්නේ නැත්තේ!
මේ රටත් එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තයෝ. ඔයාලගේ ගැටුම් වලින් ආපස්සට යන්නේ අපේ රටයි.
යන්ට එපා ..??
කරන වරදට වඩා බැනුම් අහන අය අපේ රටේ ඉන්නවා. මෙතුමා ඒවගේ කෙනෙක්. විශාල වැරදි ප්‍රමාණයක් කරලා කිසිම බැනුමක් නොඅසන අයත් අපේ රටේ ඉන්නවා. අගමැතිතුමා ඒවගේ කෙනෙක්. ඒකට හේතුවකුත් තියනවා. ඒ හේතුව තමයි අපේ රටේ මිනිස්සු අනුකම්පා කිරීමෙන් පැමිණි අය වීම.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව පිළිබඳව එවන ලද බුද්ධි තොරතුරු නිසිපරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ධූරයෙන් පමණක් නොව ඊටත් ඉහළ දේශපාලකයනටත් ඉල්ලා අස්වන්න කියා ජනතව කීමට බැරි නැත
ඔබ අස්වෙන්න එපා .. ඔබ මොකටද ජනපති ගේ නොහැකියාවට අස් වෙන්නේ... ඔබ වහාම නිවේදනයක් නිකුත් කරන්න ජනපති අස් වුනාට පසු අස් වෙන්නම් කියල
ඔබ අස්වෙන්න එපා .
කාදිනල්තුමා කියුවා මෙන් මටද ඔබට පැවසීමට ඇත්තේ " මට ඔබ ගැන දුකයි" යන්නය..
ගරු ජනපති තුමනි, දැන්වත් ෆොන්සේකා මහත්තයට ආරක්ෂක ඇමතිකම දෙන්න. ඔබලාට දේශපාලනය කරන්නත් රටක් ඕනේ. එදා පාර්ලිමේන්තුවේදී එලියට ආවේ ඔහුගේ තියන දේශමාමක ගතියයි. ඔහුට හැකිවෙයි රටේ ආරක්ෂාව තහවුරු කරන්න. අපි බයෙන් ජීවත් වෙන්නේ, අපේ දරුවෝ ගැන පුදුම භීතියකින් ඉන්නේ. දක්ෂයාට තැන දැන්වත් දෙන්න.
හූ කියන්න පින්වතුනි.....
විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් කියවෙන්නේ ඉන්දියාව ලබාදුන් සවිස්තරාත්මක රහස්‍ය වාර්තාව ගැන බෝම්බ පිපිරීමට බොහෝ දිනකට පෙර රටේ ආරක්ෂක අංශ වල ඉහලම තනතුරු දරන්නන් රාජපක්ෂවරුන් සමග වැඩිදුරටත් සාකච්චා කර ඇති බවත්, සුළු පිපිරීමක් ඇති වුවහොත් එය ළඟ එන ඡන්ද වලට හිතකර ලෙස යොදා ගතහැකි නිසා වැඩිදුර ක්‍රියාමාර්ග නොගෙන ඇති වෙන තත්වය බලා සිටිය යුතු බව රාජපක්ෂවරුන්ගේ මතය වූ බවත්ය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ තවදුරටත් තම සේනාධිනායකයා ලෙස සලකන්නේ රාජපක්ෂවරුන් බව මෙයින් නැවතත් තහවුරු වී ඇත. සිතුවාට වඩා භයානක විනාශයක් ඇති වීම හේතුවෙන් මෙම ආරක්ෂක අංශ ප්‍රධානීන් තැති ගැන්මට ලක්වී දැන් මෙම පුවත යට ගැසීමට උත්සාහ දරමින් සිටිති.
ගරු ජනාධිපති තුමනි රටේ යහපත සදහා නුසුදුසු අය ඇමතින්කමෙන් නෙරපන්න.
රටම විනාශ කළ පුද්ගලයෙක්.... එලවලා දාන්න
සමන්ත පොලිස්පතිවරයාට කලින් ජනාධිපති ඉල්ලා අස් විය යුතුයි. මොනම හේතුවක් මතවත් ජනාධිපතිට උවමනා ලෙස පොලිස්පති ඉල්ලා අස් නොවිය යුතුයි. පොලිස්පති තනතුර ස්වාධීන තනතුරක් වන අතර, පාර්ලිමෙතුවට හැර වෙනත් කිසිම කෙනෙකුට එයට ඉල්ලා අස්වීමට බලපෑම් කල නොහැකි බව මතක තබා ගත යුතුය.
ජනාධිපති තුමා විතරක් නෙවෙයි පක්ෂ විපක්ෂ බොහෝ පාර්ලිමේන්තු නියෝජිතයෝ මොහුට ඉල්ලා අස්වෙන්න කිව්ව එහෙම උනත් නියෝග පිළිගන්නේ නැතුව ඉන්නවා මේ විදියට රටක් ගෙනියන්න පුලුවන්ද රටේ නායකයට අවනත නොවන නිලධාරීන් ඉන්න පුලුවන්ද?
මම යන්නෙ නැහැ මට බැහැ යන්න . ජනතාවට තව තව ගැහැවිවත් මට මොකද...?
කොහොමද රහ....දාල යන්න පුළුවන්ද
ඉල්ලා අස් වෙනවා නම් ඉතින් අද ඊයේ නෙවෙයි නේ.....? අනේද කියන්නේ
ඔය කියන විදිහට තනතුරේ කරපු වැඩ තවත් නිලධාරියෙකුට පිළිවෙලකට භාර දෙන්නේ නැතිව යන්නේ කොහොමද ? ඔය වගේ වැඩ කරපු හින්ද තමයි අවුලෙන් අවුලට පත් වෙලා තියෙන්නේ. බුද්ධියක් නැති නුගත් මිනිසුන් ඔය වගේ වැඩ තමයි කරන්නේ.
එළුවෙක්ද ?
මේ ආණ්ඩුවේ දේශපාලන අරගලයේ එක පැතිකඩක්
යන්න එපා පුජිත, මෛත්‍රීට යන්න කියන්න
යනවනම් හෝ ඉන්නවනම් රටේ ජනතාවට ඇත්ත හෙළිකරන්න, එනම් ඔබ ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට මෙම ප්‍රහාරය ගැන අදාල ලිපිය මගින් දැනුම් දුන්නාද යන වග.
ඉල්ලා අස් වෙන්න කිව්වත් රස වැටුන නිසා කිසිදා නොලැබෙන මෙම රසවත් කෑම නිසා සක්කරයා කිව්වත් නැත යන්නේ කෑම දමා...
19 වෙනි ව්‍යස්ථා සංශෝධනයේ විකෘතියක්. මෙයට අගමැති වගකිව යුතුයි .මොහු ජනාධිපතිට විරුද්ධ කුමන්ත්‍රණයේ සැකකරුවෙක් නම් ඔහුව වහාම ඉවත් කිරීමට ජනාධිපතිට කොන්දක් තිබිය යුතුය
ජයවර්ධන ජනාධිපතිවරයා ඉතාම නිවැරදිව ව්‍යවස්ථාව හදලා තිබුනේ......... මේ අය රට කාබාසිනියා කරනවා.........
රට රකින වගකිම් තියෙන අයගේ හැසිරිම් අන්තිමයි...හැමදාම අපේ පිහිටට හිටියේ හමුදාව විතරමයි.පොලිස්පති නම් නටන්න විතරනේ හොදටම දන්නේ...
මුහුණත් සමග නාහේ කපාගත් ආණ්ඩුව. මහින්ද මහතා මට්ටු කරන්න තම බලතල නැතිකර ගත්ත ජනාධිපති. සිරිසේන උන්නැහේ ජේ ආර් කියන්නේ දේශපාලන උප්පර වැට්ටිවලින් ඔබටවත් රනිල්ටවත් ලංවන්න පුළුවන් කෙනෙක් නොවෙයි. ඔබලාට නහය යට තිබෙන දේවත් පෙනුනේ නැති උනාට එතුමාට ගව්ගනනක් ඈත පෙනිලයි ඔය බලතල තබා ගත්තේ. දැන් පොලිස්පති ඔබලාව උඩු යටිකුරු කලත් බකන්නිලාගෙන, බඩ උලාගෙන ඉන්න වේවි.