(බන්දු තඹවිට)
තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සුබසාධන නිලධාරියෙකු සහ එම සංවිධානයට බැදී ආගම වැළඳගත් ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේදී වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ බුද්ධි කාර්යාංශයේ සැරයන්වරයකුට ලැබුණු තොරතුරක් මත වැලිපැන්න මුස්ලිම් පාරෙන් සහ වැලිපැන්න පරවල කිතුල්ගහමුල්ල දෙනිය ප්‍රදේශයෙන් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සුබසාධන නිලධාරියෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් ශාෆීර් සිෆාද් (45) නමැති අය ත්‍රිකුණාමලේ කින්නියා ප්‍රදේශයෙන් වැලිපැන්න ප්‍රදේශයට පැමිණ පාසල් ගුරුවරියක සමග විවාහ වී වැලිපැන්න මුස්ලිම් පාරේ පදිංචිවී සිටි අතර කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු දේශපාලන විද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳව විශේෂ උපාධිධාරියෙකි.
ඔහු තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකත්වය දරමින් එම සංවිධානයට සම්බන්ධ විදේශ සංවිධාන දෙකකින් මුදල් මෙරටට ගෙන්වාගෙන මුලධර්මවාදය උගන්වන දහම් පාසල් දෙකක් ඉදිකර එහි සභාපති ලෙස කටයුතු කර ඇති බවද මුලික පොලිස් පරීක්ෂණයෙදී හෙළිවී ඇත.
තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධවී මුස්ලිම් ආගම වැළඳගත් ද්‍රවිඩ ජාතිකයෙකුව සිටි මාරිමුත්තු සෙල්වරාජා නොහොත් මොහොමඩ් ශිරාස් (55) නමැති අය වැලිපැන්න අරියවංශගම ප්‍රදේශයේ තවුහිද් ජමාත් සංවිධානයට අයත් නිවාස ව්‍යාපෘතියකට අයත් නිවසක සිටියදී එම සංවිධානයට සම්බන්ධ වූවන්ගේ නම් 20 ක් අඩංගු ලේඛනයක් ද සමහ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වසර 14 ක් පමණ කාලයක් සවුදි අරාබියේ රැකියාවක නිරතවී මෙරටට පැමිණ ඇති අතර ඔහු සවුදි අරාබියේ සිටින කාලයේ සිටම තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇතිබව හෙළිවී ඇත.
ඔහු සමහ එම සංවිධානයට බැඳුනු සුප්පයියා ප්‍රේමකාන්තන් හෙවත් මොහොමඩ් අමීර් නමැති 37 හැවිරිදි අයෙකුද එම සංවිධානයේ නාමලේඛන සකස් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් පදිංචිවී සිටින නිවාස ව්‍යාපෘතිය තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධවන අයට නිවාස තනාදීමට මිලදී ගෙන ඇති අතර මේ වන විට අක්කර 3 1/2 ක එම ඉඩමේ එහි නිවාස 60 ක් පමණ ඉදිකර ඇති බවද එම සංවිධානයට බැඳෙන ද්‍රවිඩ ජාතිකයන්ට එම නිවාස ලබාදී ඇති බවද හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ලැයිස්තු සමඟ.. වැඩේ තවත් ලේසියි. දෙවියන් වහන්සේට විරුද්ධව මිනිස්සු යම් යම් දේවල් කරලා හිතනවා තමන් දෙවියන්ට වඩා බලවත් කියලා. නමුත් මිනිහෙක් කියන්නේ කොයි තරම් දුර්වල සත්වයෙක්ද කියලා දෙවියන් වහන්සේ හෙමින් සැරේ පෙන්වලා දෙනවා... අපි හැමදේම එතුමන්ගේ තීන්දුවට යටත් කරලා යැදුම් කරන්නේ ඒ නිසා තමයි...
ඉඩම් අරගෙන ගෙවලුත් හදල දීල මෙච්චර දේවල් කරනකන් ආණ්ඩුව නිදා ගත්තද?