(ඉන්දිකා රාමනායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල)
■ හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට එරෙහිව වෙඩි හුවමාරු
■ මියගිය ගණන 16 යි
■ ඇඳිරි නීතිය දිගටම
■ අයිසිස් නිල ඇඳුමක් සහ අයිසිස් ලාංචනය සහිත පසුබිම් තිරයක් සොයාගනී
■ ජෙලිග්නයිට් කූරු 150 ක්, යකඩ බෝල 100,000 සහ ඩ්‍රෝන කැමරාවක් අත්අඩංගුවට
-----------------------------------------------------------------------------------------------------
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී ශ්‍රී ලංකා යුද හමුදාවත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් සමග ඇතිවූ ගැටුමේදී මියගිය ගණන 16 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ගැටුමේදී හමුදා සාමාජිකයන් කිසිවකු අනතුරට පත්වී නැති නමුත් ත්‍රස්තවාදීන් යයි සැකකෙරෙන පුද්ගලයන් 6 ක් සහ කාන්තාවන් 4 දෙනකුද දරුවන් 6 දෙනකුද මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.
සයින්දමර්දු ප්‍රදේශයට ඊයේ (26) රාත්‍රී පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සොදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
සෝදිසි මෙහෙයුමක් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පුපුරවා ගැනීම් 03ක් සිදුවිය. එම පුපුරුවාගැනීම් වලදී පිරිසක් මියගිය අතර තවත් තිදෙනකු හමුදා සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී මියගොස් ඇතැයි සැක කෙරේ. එම පුපුරවාගැනීම්වලින් දිවි නසාගත්තේ යැයි සැකකෙරෙන 15 දෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගන්නා ලදී.
මියගිය අය අතර පිරිමි 6 දෙනෙක්, කාන්තාවෝ සිව්දෙනෙක් සහ දරුවෝ 6 දෙනෙක් සිටිති. ගැටුමින් සහ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු අම්පාර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ මියගිය 16 දෙනා අතර මරාගෙන මැරෙන බෝම්බකරුන් තිදෙනකු සිටින්නට ඇති බවයි.
ආරක්‍ෂක හමුදා විසින් ඊයේ සවස අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ කළ තවත් සොදිසි මෙහෙයුමකදී අයිසිස් නිල ඇඳුමක් සහ අයිසිස් ලාංචනය සහිත පසුබිම් තිරයක් ද, ජෙලිග්නයිට් කූරු 150 ක්, යකඩ බෝල 100,000 සහ ඩ්‍රෝන කැමරාවක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ සෑදීමට ගන්නා උපකරණ අසුවන්නේ පුද්ගලයන් 250 කට වැඩි පිරිසකට මරු කැඳවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින 6 කට පසුවය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගේ නිවේදනයකින් කියැවෙන්නේනේ හමුදා සාමාජිකයක් හඳුනාගත් තිප්පලක් වෙත ගමන් කරමින් සිටියදී පිපිරීම් තුනක් සිදුවූ බවයි. ඒ සමගම වෙඩි හුවමාරුව ආරම්භ වූ බවද එම නිවේදනයේ සටහන් වී තිබිණ.
“හමුදාව ප්‍රතිප්‍රහාර දුන්නා. ඊට පස්සේ අපි එතැනට කඩාවැදී සෝදිසි මෙහෙයුම් කිරීමේදී පුපුරන ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් අල්ලා ගත්තා” යයිද බි්‍රගේඩිර් සුමිත් අතපත්තු මහතාගේ නිවේදනයේ දැක්වේ. මෙම සන්නද්ධ කල්ලි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් වන බව හමුදාවේ අනුමානයයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයටයි.
බලධාරීන් ප්‍රකාශ කරන්නේ ඉතා හොඳින් අධ්‍යාපනය ලද නමුත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනකු මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළ බවයි. ඔවුන්ගෙන් 8 දෙනකු මේ වන විට හඳුනාගනු ලැබ ඇති අතර අයෙක් කාන්තාවකි.
ආරක්‍ෂක හමුදා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ අයිසිස් ත්‍රස්තයන් සමග සම්බන්ධතා පවත්වන 140 කට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් සොයාගැනීම සඳහා මෙහෙයුම් කරන බවත්ය. මේ වන විට අත්අඩංගුවට ගන්නා ලද 76 දෙනකු පොලිසිය විසින් රඳවාගනු ලැබ සිටින අතර ඒ අතර සිරියානු සහ ඊජිප්තු ජාතිකයෝද වෙති.







ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදාවේ කොල්ලෝ හොඳින් ද ?
නැගෙනහිර මුස්ලිම් ත්‍රස්තවාදය තිබුනේ අද, ඊයේ නොවෙයි. අශ්රෆ්ගේ කාලේ ඉඳලා...
ළදරුවන් මේවට බිලිවීම ශෝචනීය පුවතක්... කිනම් ජාතියක වුවත් ඔවුන් මේ රටේ අනාගතයයි. මෙම ත්‍රස්තවාදයට උදව් කරන දේශපාලන නායකයින් වහාම පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. එහෙම ඔවුන් සමග එක්ව ආණ්ඩු නොකළ යුතුයි. එ් සඳහා ජනතාව වශයෙන් අපද පෙළ ගැසිය යුතුය. කලක් එල්.ටී.ටී.ඊ. කෑවා.. ළමා පරපුර දැන් මොවුන් මෙයට වග කිය යුත්තේ කලකන්නි ජාතිවාදී දේශපාලකයෝමය...
අපගේ ආරක්ෂක හමුදාවන්ට,පොලීසියට හා එස්ටීඑෆ් එකට,රහස් පොලීසියට හා බුද්ධි අංශ වලට ප්‍රසංශා වේවා !!!. අනේ ! මේ අය නිසා මේ රටට වෙන විපතක්.මෙය ඔඩුදුවනකන් නිදා සිටි සමහර දේශපාලකයන්ව දෙවියන්ටම පෙනේවා !!!
අපේ ෆැමිලි වලට නිදහසේ තව ටික දවසක් ඉන්න නං යන්නම වෙනවා. නැත්නං අපි කොහොමද මේ සිංහල පළාත්වල ඉන්නේ?
දිවිනසා ගත්තානම් බොහොම හොඳයි. මොවුන් හිටියානම් තව කීදෙනෙකුගේ ජීවිත බිලි ගන්නවද? අනිත් ඉන්න රොත්ත බුරුත්ත පිටින්ම දිවිනසා ගන්න කියන්න. එවුන්ට දිවිනසා ගන්න උදව් කරන්න ලෝකය පුරාවටම දසදහස් ගණනින් කැමැත්ත පලකරාවි. සාමය කැමති අයට කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් එතකොට...
ත්‍රස්තවාදීන් සහමුලින්ම අතුගා දැමිය යුතුය. තව දෙයක් මේ ඇතැම් නාලිකා ගැනත් තීරණයක් ගත්තොත් හොඳයි නේද? නැතිනම් මිනිස්සුන්ගේ මොලේ කුරුවල් වෙනවනේ..
මේක දුපතක්. අපිට පුළුවන් මේ තත්ත්වය නතර කරන්න. මෙහෙම දිගටම යමු . මේ සෝදිසි මෙහෙයුම් නතර කරන්න එපා. සාමාන්‍ය ජීවිතයට මේ දවස් ටිකක් අමාරු තමයි . එත් මේක අපි දිගටම කරමු. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාට සදා ජය!
අනේ පව් පොඩි දරුවෝ...!!!
සිංහල අන්තවාදයක් තියෙනකන් දෙමල මුස්ලිම් විතරක් නෙමෙයි අනාගතයේදී ක්‍රිස්තියානි මැලේ අන්තවාදී සංවීධානත් බිහිවේවි. මොකද බොහෝඅය මේකේ පිටි පස්සෙන් ඉන්නවා. මේ රටේ ඉතිහාසේ ඒකට ඕන තරම් නිදසුන් තියෙනවා.
ආරක්ෂක අංශ වලට සහයෝගය දෙන්න . අනාගත පරම්පරාවට රටක් ඉතිරි කරන්න . නීති ගෙන්න, නීතිය දෙන්න.
අහුවෙන හැම එකාටම දඬුවම් කරන්න ඕනේ...
පොලිසියට, ත්‍රිවිද හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව උපරිමයෙන්ම ලැබේවා! මෙම පරීක්ෂාවන් දිගටම කර මේ තිරිසන් ම්ලේච්ඡයෝ මෙලොවින් තුරන් කිරීමට අවැසි ශක්තිය හා දිරිය නොඅඩුව ලැබේවා...!!!
එක්තරා රුපවාහිනි නාලාවක පැවති වැඩ සටහනකදී පොහොට්ටු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රී වරයෙක් මෙම සිද්ධියේදී හමුදා භටයින් 11 දෙනෙකු මියගිය බවට ඉතාම ආවේගී ස්වරුපයක් පෙන්නුම් කරමින් වගකීම් රහිත පට්ටපල් බොරු ප්‍රකාශයක් කර රටතුල නැවත වතාවක් සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කිරීමේ කඩප්පුලි උත්සාහයක් ගත් ආකාරය අපි දුටුවෙමු. අද රට තුල ඇතිවී තිබෙන භයානක වාතාවරණය අනුව මෙවැනි බොරු ප්‍රකාශ මඟින් මේ පුද්ගලයා බලාපොරෝත්තුවන්නට ඇත්තේ මහ ජනතාව කුපිත කරවීම බව ඉතාම පැහැදිලිය. මෙවන් පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකුල පියවරක් ගත්තේ නැත්නම් තවදුරටත් බොරු ප්‍රචාර මඟින් රටවැසියා කුලප්පු කරමින් බොර දියේ මාළු ඇල්ලීමට නොනවත්වාම උත්සාහ කරනු නොඅනුමානය.
දෙමව්පියන්ගේ විශ්වාස වලට ජීවිත වලින් වන්දි ගෙවන අහිංසක කිරි සප්පයෝ. උපතින්ම අවාසනාව කරපින්නාගෙන මේ ලෝකෙට ඇවිත්. පපුව පිච්චිල යනවා පොඩි එකාව දැක්කම...
පොහොට්ටුවේ ඇතැම් අය , හමුදාවේ අපේ කොල්ලෝ මරුණා කියලා මිනිස්සු නොමග අරින්න බැලුවේ මේ මරණ උඩින්. මොවුන් නේද මේ මළකඳන් උඩින් බලය ගැන හදන මූසල අය..
මහින්ද මැතිතුමාත් එදා පල්ලි ගිහිං... අනූනවයෙන් බේරුණාලු...
ලෝකයේ දක්ෂතම හමුදාවක් එක්ක සෙල්ලම් කරන්න හදන මේ මෝඩ මිනිස්සු..! කෝච්චියට බෙල්ල තියාගන්න එක මීට වඩා සැප නැද්ද?
ජනිත්, ඔබ විතරයි තේරුම් ගත්තේ මේ දරුවන්ගේ වේදනාව.
මේ වගේ අයට සමහරු තිරිසන්නු කියනවා. නමුත් තිරිසන්නු කවදාවත් තමන්ගේ පැටවුන් බිලි දෙන්නේ නැහැ. නමුත් මොවුන් තමන්ගේ දරුවන්වත් ඝාතනය කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ කියන්නේ තිරිසන්නුන්ටත් වඩා අන්තයි.