(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
කොකේන් හා කුඩු අල්ලන විට ලකුණු දා ගන්නා සේ මෙම සිදු වූ වරද පිළිගැනීමට නොහැකි ඇයිද යන්න ගැටලුවක් බවද මන්ත්‍රීවරයා කීවේය.
රටේ ආරක්ෂාව පිළිබඳ බලතල කිසිවක් තමාට හෝ පවරා නොතිබූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසූ බවද මන්ත්‍රීවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු වෙමින් තිබුණු රට රුවිතෙට ගෙනියන්න වුවමනා වුණු දෙස්විදෙස් බලවේගවල ඉත්තා බවට පත්වූ ජනාධිපතිවරයත් රට උගස් කිරීමේ සහ බුද්ධි අංශ විනාශ කිරීමට නම් දැරූ අගමැතිවරයාත් ඇතුළු සමස්ත ආණ්ඩුව මේ ඛේදවාචකයට වගකිව යුතුයි.
අද ඉන්න බොහෝ නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු යයි කියන අය තනතුරු දරමින්, මහජන බදු මුදලින් ඒවායේ වරප්‍රසාද භුක්ති විඳිනවා හැර රටට කරන කෙන් ගෙඩියක් නැහැ.
ඔබතුමා හැමදේම කෙලින් කතා කරනවා. ඇයි මේකට විතරක් බය?
කියන්න කොන්ද පණ නැත්නම්, බියගුලුනම්, ජනතා සේවයට සුදුසු නොවෙයි.
ජනාධිපති සහ අගමැති අැතුළුව කැබිනට් මණ්ඩලයම ... දැන් නම් පොදු අපේක්ෂකත්වය ළඟයි වගෙයි...
ඔයත් බයයිනේ නම කියන්න. නිකන් බොරු ටෝක් නොදා කියන්නකෝ නම... ලකුණු දාගන්න කතා කරන්න එපා. අපි නම් දන්නවා වග කියන්න ඕනේ සියලු දෙනාගෙම විස්තර...
මේ වගේ අයද ජනතා සේවයට ඇවිත් ඉන්නේ? සාමාන්‍ය වැසියන් විහිලුවට හෝ දෙයක් කිව්වොත් අත්අඩංගුවට ගන්නවා.. මේතරම් බරපතල දේවල් ප්‍රසිද්ධියේ කියද්දීත් ඇහැන්නේ නැහැ වගේ ඉන්නවා... මේ නිවටයින්ගේ මෝඩකම් නිසා ජනතාව තමයි බිල්ලට යන්නේ...
අති උතුම් මෛත්‍රී තමයි...
නම දන්නවනම් කියන්නකෝ... කෙකර ගාන්නේ නැතුව අනුන්ගේ පිට දාන්නේ...
කොන්දක් නැත්නම් පව් නොදී ගෙදර ඉන්නකෝ. රටට, ජාතියට ආදරේ නම් කෙලින් කතා කරන්න පුරුදුවෙන්න හලෝ...
මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර ම්ලේච්ඡයෝ කවදත් කිරීමට පෙළඹේ. නමුත් රටක නායකයෝ රටේ ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටියා නම්, ජනතාවට ආදරය කළා නම් මේසා විපතක් සිදුනොවේ. "වගකිව යුත්තා දන්නවා... කියන්න බයයි" වැනි දේ කියන දේශපාලකයෝ හමගසා හෝ කියන කතාවල තේරුම දැනගත යුතුවේ. මම, ශ්‍රී ලංකාවට ආදරේ රටවැසියෙකි.
ඔබතුමාගේ නමත් පහුගිය දවස්වල සංසරණය වුණා. ඒ ඉතින් ජනාධිපති අපේක්ෂකත්වයක් ගැන විතරයි.
වෙල්ගම මහතානෙනි, ඔබ හරියටම නිවැරදි පොලිස් නිලධාරීන් හා ආරක්ෂක ලේකම්ට පෙර ඔහු ඉල්ලා අස්විය යුතුය. ලැජ්ජාවක් තිබේ නම් ඔහුට ජනතාව ඉදිරියට සරමක්වත් අැඳ පැමිණිය නොහැකිය.
මෙයා කියයි ඒකටත් වගකිව යුත්තේ ඝෝඨාභය මහතා කියලා. එහෙව් මනුස්සයෙක් මේ...
මට හැඟෙන ලෙස දින 50 අාණ්ඩුවට පසු අැතිවූ විරසකය මත ජනාධිපතිතුමාට පොලිස්පති සැකයි. එබැවින් අාරක්ෂක කවුන්සිලයට නොකැඳවයි. මූලික අාරක්ෂාව සලසන පොලීසියට දේශපාලන නායකත්වය නිසි ලෙස නොලැබුණි. දෙවනුව මෙම රජය නැවත මිනිසුන්ගේ ඉණ ඉහ අතගා බැරියර් දමා සෝදිසි කර රටේ අාරක්ෂාව ගැන ජනතාවගෙන් ලැබෙන අපවාදයට කැමති නැත. ජනතාවද රට වෙනුවෙන් පුංචි හෝ කරදරයක් වීමට කැමති නැත. අවසාන ප්‍රතිඵලය මෙයයි.
මම නම් කියන්නේ මේකට වග කියන්න ඕනේ ජනාධිපතිතුමාවයි අගමැතිතුමවයි විරසක කර රටේ බලය අල්ලගත්තු කණ්ඩායමයි. රටේ නායකයෝ දෙන්න විරසක කලේ නැත්නම් ඔය තොරතුරු ජනාධිපතිතුමා කලින්ම අගමැතිතුමාට කියනවනේ. එහෙම උනානම් මෙහෙම විපතක් නොවෙන්න ඉඩ තිබුන.
දැන්නම් ඔක්කොම ජාතික වීරයෝ වගේ බර ටෝක් දානවා. පොන්සේකා මහත්තයෙග් කතාව ඇහුවම දෙන්න ඕන එකාට රිදෙන්න පහර දෙනවා නියෝජනය කරන එකා ආණ්ඩුවේද විපක්ෂයේද නොබලා
රට තියෙන්නේ ගිනි ගොඩක දැන්වත් ඔය මෝඩ වැඩ නතර කරන්න