වවුනතිව් සිද්ධියට සම්බන්ධ ජමාත් කල්ලියේ 5 ක් අත්අඩංගුවට
මඩකලපුව, වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ , තව්හීද් ජමාත් සංවිධානයට අයත් ප්රධාන සැකකරු ඇතුළු තවත් 5 දෙනෙකු අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එනු ලැබීය.