(හේමලතා ඞී. හේවගේ )
පන්නල-ඉරබඩගම පිහිටි අපනයන ඇඟඵම් කර්මාන්තශාලාවක අද(14) අලුයම ඇතිවූ ගින්නකින් කර්මාන්තශාලාවට දැඩි හානි ඇතැයි පොලීසිය කියයි.
සේවක සේවිකාවන් 3000 කට අධික සංඛ්‍යාවක සේවය කරන මෙම කර්මාන්තශාලාවේ ගබඩා සංකීර්ණයෙන් ඇති වූ ඇති ගින්න කාර්ය්යාල ගොඩනැගිල්ල සහ ඇඳුම් මැසීමේ අංශය තෙක් පැතිරගොස් ඇත.
ගින්නෙන් ගොඩනැගිලි සහ දේපල රැසකට අලාභහානියක් සිදුව ඇතිබවද පොලීසිය පවසයි.
ගින්න පැතිරීගොස් පැය තුනකට ආසන්න කාලයක් ගතවුවත් ගිනි නිවන රථ නොපැමිණීම නිසා විශාල ලෙස ගින්න පැතිරීගිය බව ප්‍රදේශවාසීහු පවසති.
ගින්නෙන් කෝටි ගණනක අලාභහානියක් කර්මාන්තශාලාවට සිදු වී ඇති බවද පොලීසිය කියයි.
මීගමුව සහ කුරුණෑගලින් පැමිණි ගිනි නිවන රථ කණ්ඩායම, ප්‍රදේශවාසීහු සමග එක්ව ගින්න මැඩපැවැත්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ රටේ සුලබ දෙයක් කම්හල් වල විතරක් නෙමි හුඟක් තැන්වල විදුලි පරිපත අන්තිමයි ඔක්කොම "මකබාස් වැඩ " විලායක හරියට නැහැ , පරිපත බිඳින නියම අගයට නැහැ , භූගත වීමකදී ස්ව්යන්ක්රීයව පරිපත සිඳින උපකරණ වැඩ නැහැ ( මේක හුඟක් ගෙවල් වලත් විදිය තමයි "ට්‍රිප් ස්විච් එක එක්කෝ නැහැ නැත්නම් වැඩ නැහැ මේක මාසෙකට සැරයක් පරීක්ෂාව අනිවාර්යයි ) අනික ගිනි නිවන උපකරණත් හරියකට නැහැ ඉතින් ඔය වගේ තත්වයකදී මේ වගේ දේවල් අරුම දේවල් නෙමි මේක කියවන අයවත් මේකෙන් යම් දෙයක් ගන්නවා නම් එක ලොකු දෙයක් . මේක දිග වැඩි උනත් මම එක උදාහරණයක් කියන්නම් එක කම්හලක් සම්පූර්ණයෙන් අළු උනා එක "බාස් " කෙනෙක් බුද්දරූපෙට ඇදපු ප්‍රමිතියෙන් තොර වයර් දෙපටක් නිසා )
අද නගරසභා ගිනි නිවන ඒකක වලින් එතරම් යැපෙන්නට අපහසුයි. මෑතකදී මහනුවර නගරයේ සිදුවුණු ගින්නක් මැඩලීම සඳහා ගිනි නිවන රථ ඉක්මනින් පැමිණියේ නැත. මෙවැනි විශාල කම්හල් වල තමන්ගේම හදිසි ගිනි නිවන ඒකක සවි කර ගැනීම වැදගත්. එමෙන්ම හදිසි ගිනි ගැනීම් වලින් සිදුවන හානි ආවරණය වන පරිදි රක්ෂණය කර තිබීම වැදගත්.
සියලුම කර්මාන්තශාලාවල ගිනි නිවීමේ ප්‍රබල අංශ පිහිටවිය යුතුයි. නැතිනම් රක්ෂණ ආවරණය නොදිය යුතුයි.