(මනෝජ් හර්ෂික)
ඉන්දීය රජයෙන් ලබා ගත හැකි සෑම උපකාරයක්ම ලබා ගනිමින් මෙරට නිවාස ගැටලුවෙන් පීඩා විඳින අසරණ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරන්නට ඇප කැප වී කටයුතු කරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) පැවසීය.
මෙරට නිවාස ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පසුගියදා මෙරට සිදු කළ සංචාරයේදී තමන්ට පැවසූ බවත් එහිදී අමාත්‍යවරයා කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ඉදිකළ “සහසරගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සෞඛ්‍ය, නිවාස, හැම අංශයක්ම ඉන්දියානු ආධාර උපකාර යටතේ එහෙ ක්‍රමයට, ළඟදීම අධ්‍යාපනයත් ඒ ක්‍රමයටම යයි. එදාට අපේ ළමයින්ට පාසල්වල හින්දි භාෂාව පළමු භාෂාව විදියට ඉගෙනගන්නත් බැරිවෙන එකක් නැහැ.
කොහොමත් මිනිස්සු දන්නවා ඔබතුමාට ඉන්දියාවේ සහයක් නැතිව කිසිම දෙයක් කරන්න බැරි බව... ඔබතුමා ඉන්න තිබුනේ මෙහෙ නෙවේ ඉන්දියාවෙයි. ඔබව මේ රටේ ඉහළම පුටුවට ගේන්න ඉන්දියාව දරදිය අදින්නෙත් ඒකයි...
ලෝකේ ලොකුම වැසිකිලි ප්‍රශ්නේ තියෙන ඉන්දියාවෙන් ලංකාවේ නිවාස ප්‍රශ්න විසදන්න හදනවද? මුළු ලංකාවම විහිළුවක් වෙලා තියෙන්නේ!
මට මතක් වෙන්නේ ඉස්සර ඉන්දියාවෙන් සේනා අරන් ඇවිත් ලංකාවේ බලය අල්ලන්න හදපු ලංකාවේ කුමාරවරු. ඒ එක්කම මතක් වෙනව ඉන්දියාවේද? ලංකාවේද? නිවාස ප්‍රශ්නෙ වැඩි කියලා. රටේ ආර්ථිකය හැදුවනන් මිනිස්සු ගෙවල් හදාගනී.. වෙන රටවල් වලින් අපි ගෙවලුත් හිඟාකන ගානට දාන්න එපා...
කිසිම ඉදිරි දැක්මක් තියෙන මනුස්සයෙක් නෙමෙයි.. හරි නම් මේ වෙනකොට තනි තනි ගෙවල් හදන එක නවත්තලා සම්පූර්ණයෙන්ම මහල් නිවාස පමණක් ඉදිකරන ක්‍රමයකට යා යුතුයි. විල්පත්තු කපනවාට වඩා... විනාශයක් මේ ගෙවල් හදන වැඩෙන් වෙනවා...
මෙයාද මේ රටේ අනාගත ජනාධිපති? අපේ ශ්‍රමයෙන් නැගිටින්න බැරි මිනිහෙක්. ඔය ආධාර ගන්න වගේ නොවේ, ඔය පාර රටේ වටිනා දේපලක් හෝ සම්පතක් ඉන්දියාවට දෙන්න වෙනවා.
මෙයාට පිස්සු ඉන්දියාවේ මිනිස්සුත් නිදියන්නේ පාරේ...
ඉන්දියානුවන්ගෙන් 25%කට කෝටි 250 කට නිවාස නැහැ,
කමක් නෑ කොහොම හරි හරිහමන් ගෙයක් නැති පවුලකට ගෙයක් හදලා දෙනවා කියන්නෙ ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.
ඉන්දියාවට කක්කුස්සි ටිකක් හදා දුන්නොත් නරකද?
ගෙවල් හදනවා කිය කියා රටේ තියන වටිනා ගස් ටික කප කප පටවනවා. බෝධිසත්වයා වගේ කථාව. ඒ මදිවට හදන ගෙවල්වල දෙන්නෙකුට එහා මෙහා හැරෙන්න බෑ ගිනි පෙට්ට වගේ. කාවද යකුනේ රවට්ටන්නේ...
ඔබතුමා නිවාස ප්රශ්නය විසඳන හැටි අමුතුවෙන් මේ රටේ මිනිස්සුන්ට කියලාදෙන්න අවශ්‍ය නැත. මොකද බහුතරයක් ජනතාව සත්‍යය දැනටමත් වටහාගෙන අවසන් බැවිනි. තමන්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් රටේ සම්පත් තම බත් බැලයින්ට දොල පිදේනි විදියට දීම විතරයි සිදුවෙන්නේ. මොකද ඔබතුමාගේ බොරුව හොඳින්ම දන්නේ හම්බන්තොට ජනතාවය. දීපු නිවාසවලින් 80%ක්ම අනුපවුල්වලට නෙමෙයි ගෙවල් තියන අයටමයි දීල තියෙන්නේ. ඇත්තටම ගොඩක් අසරණ මනුස්සයින්ට ගෙයක් හදන්න බැ. මොකද කියන වෙලාවට වැඩ ඉවර කරේ නැතිවුණාම ඉඩම ගන්නවා. පක්ශයේ බත් බැලයන්ට රජයේ ඉඩම් ටික බෙදලා දීම නිසා අනිවාර්යයෙන්ම ඊළඟ රජයකින් මොහු අත්අඩංගුවට ගත යුතුමය. සමාජයේ දැනුවත්ව ජීවත්වන මිනිසුන් මෙම බොරුව හොඳින්ම දනී. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා මැතිවරණය දිනයේ උදේත් මිනිස්සුනට ලක්ශ ගනන් ණය දීලත් මිනිස්සු ඡන්දෙ නොදුන්නේ. මේවා දන්න මිනිස්සු දන්නවා. නමුත් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර මාධ්‍ය සංදර්ශන කරන මොහුගේ ඇත්ත තත්වය නොදන්නා සුලු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ගෙවල් හදනවා වගේ දස දහස් ගුණයක් නිකන් නාස්තිකර හමාරය. ඒ වගේම එකම ඉඩමේ ගම්මාන 5,6 හදනවා. උත්සව 5ක් තියලා රටට පේන්න විවෘත කරනවා.
තම දේශපාලනය වෙනුවෙන් බොරුවට දුප්පතා ගැන කතා කරමින් දුප්පතාට කිසිම හව්හරනක් නැති කරනවා. රටක ආර්ථිකය ගොඩනගා මිනිසුන්ට තනිව නැගීසිටීමට රට හදනවා වෙනුවට ආර්ථිකය බිංදුවටම වට්ටවා මිනිසුන්ට ණයදී ඡන්ද ව්‍යාපාරය කරන කාලකන්නින්ට මේ රට ගොඩඒමට බැරි වලකට අදදැමීමේ පාපය නම් ගෙවීමට නොහැකිය. දූරදර්ශි නායකයන් කළ යුත්තේ ජනතාවට යැපුම් ක්‍රමයෙන් මුදා ගැනීම විනා තව තවත් එයට තල්ලුකර රට විනාශකිරීම නොවේ. නමුත් අහිංසක නොතේරෙන මිනිසුන් මුලාකිරීමට මොවුන් කරන රංගනය නම් දැන් එළිපිට එලිවී හමාරයි.
මේ ලිඳේ ගෙම්බන් ටිකට සමෘධිය දියයුතු කාලය පැමිණ ඇත. ඉන්දියාවේ අඩුමගානේ ඒක කාමරයක් වත් ඇති ගෙවල් තිබෙන්නේ සීයයට 37.1ක් පමණි. ටොයිලට් තිබෙන්නේ සීයට 47.9. සීයට 62.9කට ගෙවල් නැහැ සීයට 52.1කට ටොයිලට් නැහැ. මේවගේ රටකින් අපිට බලාපොරොත්තු දීලා රවටල අපේ ඡන්දේ කන හැත්තට පාඩමක් උගන්වන කාලය ඇවිත්...
එතකොට විල්පත්තුවල ගෙවල් හදන්න බදුර්දීන්ගේ සහය ලබාගන්න ඇති නේ..?