(ඩබ්. ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද(14) දින පස්වරුවේ කඩාවැටීමෙන් මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත්කළ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
රුපියල් මිලියන 100ක මුදලක් වැයකරමින් ‘පිබිදෙමු පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම බස්නැවතුම්පොළ ඉදිකරමින් තිබිණි.
පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් ඉදිකර මෙහි පළමු මහලේ ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018-08- 01 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. ඉහළ මහළයේ වැඩ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.
එහි ඉදිකිරීම් සිදුකරමින් සිටියදී පහළ මහලයේ එක් කොටසක් කඩා වැටීමට පටන් ගෙන ඇත. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමඟ වහාම ඉදිකිරීම් නවතා දමා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කිරීමට හිගුරක්ගොඩ පොලිසිය කටයුතු කළේය.
මෙම බස් නැවැතුම ඉදිකිරීම් ආරම්භ කළ දින සිට සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවත් ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද විසඳුමක් ලබා නොදුන් බවද ජනතාව පැවසූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගිල දමන්නේ ඔබේ, මගේ, අපේ මුදල් නොවේද? මේවා අනුමත කලේ කව්ද? වෙනත් රටවල නම් මෙවන් සිදුවීමකදී මුලින්ම සිදුවන්නේ ඉතාම කෙටි කාලයකදී අදාළ ව්‍යාපෘති ප්‍රධානියාව ඇතුළට දමා ඉතිරි පරීක්ෂණ කටයුතු කිරීමය. එතෙක් අදාල නිලධාරියාට එළියට ඒමට නොහැක. එවන් තීරණ අප රටේ නොවෙන බැවින් ඕනෑම ජඩවැඩක් කර බේරීයාමට මෙම නිවටයන්ට හැකිවීම අවාසනාවකි.
පිබිදීම අහවරයි. කඩා වැටීම ඇරඹෙයි. අයියෝ පොළොන්නරුව.... අයියෝ සල්ලි...
දැන් අපේ ජනාධිපතිට කියන්න පුළුවන්.., මේ ඉදිකිරීම් කඩා වැටෙද්දී මම ලංකාවේ හිටියේ නැහැ කියලා...
ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ.. සිමෙන්ති ටිකයි .. ගල්ටිකයි.. වැලිටිකයි.. වෙනකොහාට හරි විකුණගෙන ..ඉතුරු 2,50න්, මොකක් හරි අට්ටාලයක් හදනවා... ඔව්ව ඔහොම තමයි.."" ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිකරන ලදී" හි...හි .
මොන මෝඩයෝද රවීන්ද්‍ර කියපු එකටත් අන්ලයික් දාලා තියෙන්නේ? මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ...
අපේම කියල ඉංජිනේරු සංස්ථාවක් තියෙද්දී රජයේ ඉදිකිරීම් පෞද්ගලික අංශයට දීමේ ප්‍රතිපල ඕවා
බැලූ බැල්මට හොඳ ප්‍රමිතියට ඉදි කර ඇති බව පේනවා
අල්මේදා මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඇත්තෙන්ම කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු නමැති උගත් වැදගත් මෝඩ න්‍යායෙන් සිටින තාක්කල් අපගේ මාතෘ භූමිය වලපල්ලට යනවා හැර ගොඩ ඒමක් නොමැත. තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් මෙවන් පිරිස් හැසිරෙන අතර ඔවුනට පළමුව රට දෙවනුව රට තුන්වනුව රට නොව සැමවිටම තමාය යන කුහක ගති පැවතුම් තිබීම කණගාටුවකි. වැරදි දෙයට යමරජුට උනත් විරුද්ධ විය යුතුය.
"cantilever" ස්ලැබ් එකකට බිත්ති බර වැටුනම ඔහොම වෙනවා
මේවා තමයි නියම කොමිස් ගැහිලි කියන්නේ. කිසියම් අකරතැබ්බයක් උනානම් කවුද වග කියන්නේ. අපරාදේ සම්පත් විනාස වෙනවා.
ඒකනේ මම කීවේ එකට වැඩ බලන ඇමතිවරු නම් දිවුරුම් දෙනවා පෝලිමට. ඕව බලන්න කවුරුත් නැහැ. ඉතින් හරි යයිද අපේ රටට
පළමු මහලේ cantilever beam එක වගේ පෙනෙනවා නිවැරදිව කම්බි ප්‍රමාණය යෙදුවත් නිවැරිදිව ස්ථානගත නොකිරීමෙන් මෙය සිදුවිය හැක
"කැන්ටි ලීවර්" ස්ලැබ් එක හරියාකාරව ඩිසයින කර නොමැති වීම හෝ සුදුසුකම් ලත් ඉංජිනේරු කෙනෙකු ඉදිකිරීම් අධීක්ෂණය කර නොමැති වීම මෙයට හේතුව විය හැක.