( ජයන්ත සමරකෝන්)
බන්ධනාගාරගතව සිටින සිරුකරුවන් 24,000 දෙනා අතර උපාධිධාරීන් 114 ක් සිටින බව බන්ධනාගාර ආංචි මාර්ග කියයි.
මත්ද්‍රව්‍ය මුදල් වංචා, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම් , කුට්ටනය ඇතුළු විවිධ චෝදනා යටතේ මෙම පිරිස සිරදඬුවම් විදින බව පැවසේ.
මෙම උපාධිධාරීන් අතර එක් කාන්තාවක් ද සිටී. කිසි දිනෙක පාසල් නොගිය සිරකරුවන් 1376 දනෙක්ද, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් සිරකරුවන් 3066 ක් ද, උසස්පෙළ සමත් සිරකරුවන් 1174 ක්ද සිර දඬුවම් විදින පිරිස අතර සිටින බවද වාර්තා වේ.
1-5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරූ 3,193 ක්ද, 5 වැනි ශ්‍රේණිය සමත් 6,450 ක්ද, 8 වැනි ශ්‍රේණිය සමත් 3,797 ක් ද බන්ධනාගාරවල සිර දඬුවම් විදින බව හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ 114 දෙනා ඇත්තටම වැරදි කරුවන් නම්.. ඔවුන් කර ඇති ප්‍රධානම වංචාව නම්.. පොදු ජනතාවගේ බදු මුදලින් තමන්ගේ අධ්‍යාපනය ලබාගෙන එයින් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදීමයි...
බැංකු කැඩූ උදවිය, කොමිස් හරහා මහජන මුදල් මංකොල්ල කෑ උදවිය වැනි අය කොපමණ ප්‍රමාණයක් අද බන්ධනාගාර තුළ සිටිනවාද? මා සිතන්නේ ඔතන සිටින බහුතරයක් කිසිවක් කර කියා ගත නොහැකි දුප්පතුන් වන අතර, පොහොසත් කෙනෙක් බන්ධනාගාරගත වන්නේ කලාතුරකින් කියායි.
ඔය අතරින් දේශපාලකයෝ කී දෙනෙක්ද ඉන්නේ?
මෙයට හේතුව බොහෝවිට පාප මිත්‍ර සේවනය විය හැකියි.