( තිළිණි ද සිල්වා සහ සුජිත් හේවාජූලිගේ)
මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දුෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය විසින් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතාගෙන් අද (14) පැය තුනක කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මඩකලපුව පූනානි හි පවත්වාගෙන යන ෂරියා විශ්ව විද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් විසින් වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව සිදුකරන මූලික විමර්ශන සඳහා හිස්බුල්ලා මහතාගෙන් එම ප්‍රකාශ ලබා ගෙන ඇත.
එම පැමිණිල්ලට සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොමිසම හමුවට පැමිණෙන්නැයි කොමිසම විසින් එම විශ්ව විද්‍යාලයේ කළමනාකරුට දන්වා තිබියදී විශ්ව විද්‍යාලයේ හිටපු සභාපතිවරයා ලෙස හිස්බුල්ලා මහතා එම කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි ප්‍රකාශ ලබා දී ඇත.
අදාළ විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැති බවත් ,එය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවද හිටපු ආණ්ඩුකාරවරයා පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර ඇත.
එසේම තමා එම විශ්ව විද්‍යාලයේ සභාපති වශයෙන් කටයුතු කළ ද වර්තමනයේ එහි පාලන කටයුතු තම පුතුගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් විසින් සිදු කරන බවද හිස්බුල්ලා මහතා කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම අහන්න තිබුණ ඕක පුද්ගලික විශ්ව විද්‍යාලයක් නං, කොහොමද රජයට අයත් ඉඩම් අක්කර 35 ලැබුනද කියලා. ඉදිරියට හරි අහන්න. එම ඉඩම නොමිලේ ලැබුනද නැත්නං, වටිනාමකට අනුව මුදල් ගෙවලද පිළිබඳව අහන්නෝන. නොමිලේ ලැබුනානම් තරාතිරම් නොබලා හිටපු ඇමතිලාටත් දඬුවම් දියයුතුයි. දැන් ඔවුන් කිසිදෙයක් නොදන්නා වගේ රඟ පානවා.
පැය තුනම කලේ "හිස්" ප්‍රකාශ වෙන්න බැරි නැහැ. "හිස්" කියන්නේ නිකන්යැ ඉතින්.
පෞද්ගලික තියා මොන විශ්ව විද්‍යාලයක් වුනත් රජයෙන් අවසර ගන්න ඕනේ. එහෙම නැතිව ඔහේ නිකන් ඕනේ දෙයක් කරන්න රටේ බැහැ. මේකේ උගන්වන විෂයන් සදහා අවසරයක් ගන්න ඕනේ. ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාලයක් උනත් රජයේ ලියාපදිංචි වෙන්න ඕනේ. මේකට මුදල් එන ආකාරය හොයන්න ඕනේ. රජයේ දේපල භාවිත කලා නම් පුද්ගලික විශ්ව විද්‍යාලයක් ඒකට නඩු දාන්න ඕනේ. විශේෂයෙන් මහවැලි ඉඩම් ලැබුනේ කොහොමද කියල බලන්න ඕනේ.
ඔය කමිටු හදලා තියෙන්නේ කාලය ගෙවාගන්න. ඕවායින් කරන දෙයක් නෑ. කල් ගත වෙනකොට මිනිස්සුන්ට අමතක වෙනවා. ඊට පස්සෙ ඕවා නිකම්ම යට යනවා. ඊට පස්සෙ චෝදනා වලට ලක්වුනු අය ආයෙත් හිටපු තැන්වලටම යනවා.
කමිටුවේ ඉන්න කිසි කෙනෙකුට මොලයක් නැද්ද? හිස්බුල්ලා කියනවා සහරාන්ගේ ඡන්ද 2000ක් 3000ක් තියන නිසා ඌත් එක්ක ගිවිසුම් ගැහුවේ කියලා. අසාද් සාලි කියන්නේ බෝම්බ කාරයෝ අටදෙනා නිසා මුළු මුස්ලිම් ජාතියම අඬනවා මමත් එක්ක කියලා. එතකොට සහරාන්ගේ 3000ක් ඡන්ද ත්රස්තවාදීන්ගේ ඡන්ද නෙමෙයිද? කමිටුවේ ඉන්න ත්රස්තවාදීන්ට මේක තේරෙන්නේ නැති එකයි පුදුමේ...
ඔය කමිටු වල කතා කරකර කාලය සහ අපේ බදුමුදල් නාස්තිකරන්නේ නැතුව මනුෂ්‍යයෙක් යම්කිසි වැරැද්දක් කරලා තිබෙනවා නම් එ් පිළිබඳව ඔප්පු කල හැකි සාක්ෂි තිබෙනවා නම් කෙලින්ම නඩුපවරන්න. අර්ජුන මහේන්ද්‍රන් වුණත් එකවර අත්අඩංගුවට අරන් නඩු පැවරුවා නම් ප්‍රශ්නේ ඉවරයි.