(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්‍යක්‍ෂවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද (13) අවසර ලබාදුන්නේය.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම බැඳුම්කර වංචාවේ බරපතලකම මෙන්ම සංකීර්ණත්වය සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරීමට අවසර දෙන්නැයි නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඒ සඳහා අවසර ලබා දී ඇත.
අධිකරණ සංවිධාන පනතේ 124 අ (4) අ වගන්තිය යටතේ නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදුවු මෙම අපරාධයට අදාළව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් විත්තිකරුවන්ට එරෙහිව නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ටේරෂරීස් සමාගමල එහි අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත‍්‍ර ගුණවර්ධන, චිත‍්‍රා රංජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිව අධිචෝදනා නැඟීමට නීතීපතිවරයා තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් ??? කෝටි 68යි !!! අපි නම් දන්නෙ මේ කටිටිය බිලියන වලින් පාඩු කරා කියලා. මේ ඉතින් ලංකාවනෙ නේද....
ඔන්න දැන්නම් බලාගන්න පුළුවන් ක්ෂණික තීන්දු තීරණ අරගෙන වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ආකාරය.
අපේ ඊළඟ පරම්පරාවටත් නඩු තීන්දුව බලාගන්න වාසනාව ලැබේවා කියා ප්‍රර්ථනා කරමි
නෑ, මේ තරම් ඉක්මනට නඩුත් පවරනවද?
මේවා ඔක්කොම දේශපාලන සෙල්ලම්, අගමැති , ජනදිපතිට විරුඋදව පොලිස්පතිගෙන් ප්‍රශ්න කරනවා, පොලිස්පතිත් හරියට දේශපාලකයෙක් වගේ ඒවාට උත්තර දෙනවා, ජනාධිපති මේකෙන් කරන්නේ අගමැති ප්‍රමුක unp එකේ හොරකම් එලියට අදිනවා වගේ පෙන්වනවා එතකොට ජනදිපතිට විරුද්දව මොකුත් නොකරන්න. ඔක්කොම හොරවැඩ කරලා ජනතාවට සෙල්ලම් පෙන්වනවා. සැබෑ උවමනාවක් තියෙනවනම් මේ නඩු ඔක්කොම මස හයෙන් අහල ඉවර කරන්න පුළුවන්. දැන් අන්තිමට බෝම්බ ගහපු එකේ වරද පල්ලියට ගිය මිනුස්සුන්ගේ පිට තම වැටෙන්නේ. අසත් සාලි කියනවා නෝම්බි කලේ මුස්ලිම් තරුණයන්ව අත්අඩංගුවට ගන්න එක පාපයක්ලු.. හැබැයි පාස්කු දවසේ ක්‍රිස්තියානි අයව මරපු එක පාපයක් කියල කිව්වේ නැහැ.. වහාම ඡන්දයක් තියල ස්තාවර ආණ්ඩුවක් හදන්න. නැත්නම් මේවගේ ආණ්ඩුවකින් ප්‍රයෝජන ගන්නේ ඉන්දියාව, චීනේ, ඇමෙරිකාව වගේ රටවල් අපිට අවැසි වෙන ගිවිසුම් ගහන්න මේක අවස්ථාවක් කරගන්නවා. මේ රටේ ඉන්න නූගත් ජනය එක එක දේශපාලකයට කඩේ යනවා විතරයි.
කෝටි 68 වෙන්න බැහැ. සහෝදර සමාගම ගහපු ගැහිල්ලේ හැටියට ඕක ලුණු බිකක් වගෙයි .
දැන්ද බොලේ නඩු දාන්නේ. අශ්වයාට පනින්න ඉඩදීලා ඉස්තාලය වහනවා කියන්නේ මෙන්න මේවට තමා.
කෝටි 68 යම් සංඛ්‍යාවකින් වැඩිකලවිට එන සංඛ්‍යාව නේද නිවැරදි සංඛ්‍යාව ?
රසික කියලා තියෙන අදහස් එක්ක මමත් එකඟ වෙනවා. දෙන්නම බොරුව කරන්නේ... පහුගිය අවුරුද්දක වගේ කාලය තුළ කිසිඳු ජාතික වැදගත් කමකින් යුතු තීරණයක් හෝ රටට වැදගත් යමක් කලේ නැහැ... මේක විකාරයක්... රට ඉස්සරහට යන්නෙත් නැහැ, නිකන් එකතැන පල්වෙවී ඉන්නවා. ජනතාව ඔහේ එදා වේල ටුවර්ස් එකට වැටිලා තමන්ටත්, තමදරුවන්ටත් වෙන දේ ගැන දන්නේ නැතුව කල් ගත කරනවා. හාමුදුරුවරු පිස්සු කෙළිනවා.. රටේ ජනතාව ඡන්දයක් තිබ්බත් ගතයුතු තීරණය නොදැන ෆේස්බුක් වල කමෙන්ට්ස් දදා, මේ සෙට් එක වගේම තමන්ගේ ළඟ එවුන් එක්ක රට හදන දේශපාලනයට වඩා පුද්ගලයන් වෙනුවෙන් පෙනීසිටිමින් ගහ මරා ගනිමින් ඉන්නවා. ඉතින් රටට හරියයිද?
කෝටි 68 කට වැඩිය පාඩුවක් ලංකාරජයට වෙලාලු. නඩු විභාගේ ඉවර වෙනකොට කෝටි අටක් වෙයි. ඒක පටස් ගාල ගෙවල දැම්මහම වැඩේ අහවරයි .