
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි.
" හොරු අල්ලන මුවාවෙන් අධිකරණයේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය යටපත් කරන්න හදන්නේ.අපි ඊයෙ නෑවලු.ඒගොල්ලෝ ප්රජාතන්ත්රවාදය කෑවා. කාලා පාර්සලුත් අරගෙන ගියා. ඊයේ අපි බැරියර් කඩාගෙන ඇවිත් පාර්ලිමේන්තුව ගිනි තබනු ඇතැයි ආණ්ඩුව සිතුවා. අපි එහෙම කලේ නැහැ.
හැබැයි අපි දවසක බැරියර් කඩාගෙන එනවා. ඒ දවස තීන්දු කරන්නේ සමගි ජන බලවේගය.ගෝඨාභයගේ බැරියර් කැඩුවෙත් අපි.අපිට බැරියර් කඩපු ඉතිහාසයක් තිබෙනවා.ඒ බැරියර් කඩන දවස වැඩි ඈතක නෑ" යනුවෙන්ද මන්ත්රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd