(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
රට ඇමරිකන් කොළණියක් බවට පත්කරන ගිවිසුම් වහාම හකුලා ගන්නා ලෙස හා අන්තවාදී ත්‍රස්ත කල්ලිවලට උදව් කරන ලද මුස්ලිම් දේශපාලඥයන් වහාම අත්අඩංතුවට ගන්නා ලෙස රජයට බල කරමින් නුවරඑළිය නගරයේදී අද (15) උද්ඝෝෂණයක් පැවැත්විණි.
රජයට එරෙහි විවිධ සටන් පාඨ ලියන ලද බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිටට එක්රැස්වූ පිරිස් මෙසේ උද්ඝෝෂණයක නියැලිණි.
සාමකාමී මෙන්ම ආර්ථික අතින් ස්ථාවර තත්වයක පැවැති මේ රට 2015 වසරේ බලයට පත්වූ යහපාලන රජය මෙරට ජාතික ආරක්ෂාව හා රටේ සුරක්ෂිතතාවය අහිමි කර ඇති බව මෙම විරෝධතාවයට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස මහතා පැවසීය.
මේ රට මේවනවිට ඇමරිකන් කොළණියක් බවට පත් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කොට ඇති බවත්, එම ඇමැරිකන් ගිවිසුම් හේතුවෙන් මේ රටේ ගොවීන්ගේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ගොවීන්ට අහිමිවන බවද, වහාම එකී ඇමරිකන් ගිවිසුම් අහෝසි කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවද මෙහෙදී ඒ මහතා කීය.
ජාතික නිදහස් පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සංවිධානයකර තිබූ මෙම විරෝධතාවයට මධ්‍යම පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය හා ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස, නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් කුමාර යන මහත්වරු හා එම පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයින්, ක්‍රියාකාරී පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පචවංශගේ නරිනාටක දැන් පෙන්වනවා නුවර එළියේ...
රට ඇමෙරිකාවට පාවාදෙන ගිවිසුමට අත්සන් කරන සියලුම දේශපාලුවන්ට " මරණය ". ඒක නියතයි. ඒ සඳහා සංවිධානයක් දැනටමත් ගොඩනැගෙමින් තියෙන්නේ. එපමණක් නොවෙයි ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකානු හමුදාවටත් මරණය. කොහෙවත් ඉන්න නයි මේ රටට ගෙනෙන්න දියවන්නාවේ ඉන්න හිඟන්නන්ට ඇති අයිතිය කුමක්ද?
මේ වර්ගයේ මුල්ම ගිවිසුමට අත්සන් කළේ ගෝඨා නේද? ඒ දවස්වල ඔය වගේ විරෝධයක් තිබුණා නම් එම විරෝධයට මුල්වුණු කිහිප දෙනෙක් සුදු වෑන් සවාරි ගිහිල්ලා හමාරයි. අනෙක ඔය නුවරඑලිය පැත්තේ අය ලංකාවේ සංචාරකයින්ට වඩා කැමති ඇමෙරිකන් සුදු සංචරකයින්ටයි. ගිවිසුම් අත්සන් කළවිට වැඩිපුර ඇමෙරිකන් සංචාරකයින් ලංකාවට පැමිණෙන්න ඉඩ තිබෙනවා. අර දම්රෝ මුදලිගේ වත්තට ගිහිල්ලා බලන්න. මට පෙනෙන හැටියට නම් ඔය විරෝධය ප්‍රෝඩාවක්...
ශ්‍රී ලංකික රට වැසියෝ, අපි ඒ කියන්නේ ශ්‍රී ලංකා කියන අපේ අම්මට ආදරේ කරන මේ රටේ සියලුම ජනතාව, ශ්‍රී ලංකික ලේ ශරීරයේ දුවන සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්,මැලේ යන සියලුම ජාතින් ඔබ සමගයි.
මේවගේ රට වෙනුවෙන් සටන් කරන ජනතාවටත් අන්ලයික් දමන අර්ධ මිනිස්, මානසික ලෙඩ්ඩු අපේ රටේ ඉන්නකම් මෙරට ඔහොම්ම තමයි...
ඇමරිකන් භිතිකා රෝගයෙන් පෙලෙන විමල් අවතාරය නුවර එළියේ හොල්මන් කරනවා වගේ.