( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගය සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් නව විනිසුරු මඩුල්ලක් අද (14) පත් කරනු ලැබීය.
එම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අතර එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ මෙම පෙත්සම් විභාග කිරීම සඳහා ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළ බවය.
ඒ අනුව මෙම පෙත්සම ලබන 21 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණ තීන්දු කළේය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගය සඳහා අද කැඳවූ අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම පෙත්සම් විභාගයෙන් තමන් ඉවත්වන බවය.
ඒ අනුව මෙම නඩු විභාගයට නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා පෙත්සම අද (14) අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී නව විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් එකට කෑ ගහපු අය මඩකලපුව ෂරියා කැම්පස් එකට කෑ ගහන්නේම නැහැ නේද? කුලප්පු වෙන්නේ වෛද්‍ය විද්‍යාව උගන්වන ආයතන වලට විතරද මන්දා? නැහැ, ඒ විතරක්ම නෙමේ, ගිවිසුමක් හරහා ලංකාවට වෛද්‍යවරු සංක්‍රමණය විය හැකියි කියන මර බියටත්, කෑ ගහනවා, ඒ විතරද? පිටරටින් ගිලන් රථ ගෙනල්ලා පෞද්ගලික රෝහල් වල තියන ගිලන් රථ වලට වැඩ අඩුවෙන එකටත් කෑ ගහනවා.
සයිටම් උපාධි කඩේ වැසිමට පාදෙනිය මහතා දුන් නායකත්වය නිසා සමහර විට ඔහුට හිරේ වුනත් වැටෙන්න පුලුවන්, නමුත් අනාගත ළමයින්ගේ නිදහස් අධ්‍යාපනය සුරැකෙයි
අවුරුදු ගණන් ඇදි ඇදී යන මහජනතාවගේ නඩු තිබියදී කිසිම දිනක අවසානයේදී ප්‍රතිඵලයක් නොදුන් මෙවැනි ආකාරයේ නඩුවලට අධිකරණයේ කාලයත් මහජනයාගේ මුදලුත් කාබාසිනියා කිරීම මහා අපරාධයක්...