( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමන් නැවක සුක්කානමක රුව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රැව රැගත් ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
කොළොන්ගොඩ පුදලූගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත, සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.
නීතීඥ හරිනි ජයවර්ධන, නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ උපදෙස් මත ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරු එක් දරු මවකි.කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය.
පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රැවකි.ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසද , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නම් වැරදි වැඩක් තමයි...
අපේ රටේ හුඟක් අය.. නැව් සුක්කානම් මුද්‍රිත... ඇඳුම් ..පැළදුම් අඳිනවා.. වැරදි නඩු පැවරීමක්, සාධාරණ පෙත්සමක්..
උගත්කම සහ බුද්ධිය නැති මෝඩයෝ රජයේ වග කිවයුතු ආයතන වලට ගත්තහම වෙන විනාශය තමයි මේ. අනික සැබෑ ප්‍රශ්නේ හොයන්නේ නැතුව ලකුනු දාගන්න ගිහින් අනාගත්තු සිද්ධියක්.
නිකන් නැව් සුක්කානමක් ඇදපු නිසා අත් අඩංගුවට අරගෙන දවස් 21 හිරේ තියන් ඉන්නකොට වන්දි ගෙවන්න ඕනේ තමයි.. පව් අහිංසක ගැහැණු කෙනෙක්
මේක නම් ඉතාම හොද පෙත්සමක්. මේ කාන්තාවට විශාල අසාධාරණයක් වුනේ. සියලුම දෙනාගේ සහය ඇයට හිමිවිය යුතුය. ඒ වගේම නිවැරදි ධර්ම චක්‍රය ගැන අර්ථනිරුපනයක් ලබා ගතයුතුයි. නැත්තම් මේ කාන්තාවට වුන දේ හෙට තවත් කෙනෙක්ට වෙන්නට පුළුවන්.
අවසනාවකට ධර්ම චක‍්‍රය සහ නැව් සුක්කානම හැඩයෙන් බොහෝ දුරට සමානයි. මෙය ගැටළු සහිත තත්වයක්...
මම හිතන විදිහට මෙයාලා අත්අඩංගුවට ගන්න ඕනෑ. අර අහිංසක කාන්තාව නෙමෙයි අර ගව්ම මූද්‍රිත කරපු ආයතනය හෝ එය අලෙවි කළ ආයතනය... මට හිතෙන්නේ එහෙමයි.
තවත් අමාරුවේ වැටෙන්න ඉස්සරවෙලා ධම්ම චක්‍රය කියන එක මොන වගේද කියල දුන්නොත් තමා යහපත්. මේ අය කොළඹ වරායට ගියොත් නැව්වල සුක්කනම් ගලවගන්න කියයි ධම්මචක්‍ර කියලා.
මෙම කාන්තාවගේ ඇති සාධාරන පෙත්සම විභාගයට ගෙන එක් දිනකින් වාසි සහගත තින්දුවක් ලැබිමට වාසනාවන්ත වේවා එසේම ආගමක අන්ධයන්ගේ ඇස් පෑදේවා
භක්තිය සහ අන්ධ භක්තිය අතර ඇති වෙනස මෙයයි. අඩුම ගානේ පංච සීලයෙන් එක සිල් පදයක්වත් අඛණ්ඩව ජීවිතය තුල ක්‍රියාත්මක නොකරන අය ධර්මිෂ්ඨ රටක් හදන්න යනකොට මෙහෙම දේවල් වෙනවා.
88/89 කාලවල ලෙනින්ගේ පොතක් කියෙව්වොත් අත්අඩංගුවට ගත්ත රටක මොන කතාද?
ප්‍රශ්නයක් ඇතිකර ගැනීමට බලා සිටින පිරිසකට මෙවැනි ඇඳුමත් ප්‍රමාණවත්. මෙවැනි සුලු ඇඳුමත් මහා ආරවුලකට මුලවිය හැකියි. ඒ නිසා රටම ගිනි ඇවිලුනු වෙලාවක මෙම කාන්තාවට කල්පනා කිරීමේ හැකියාව තිබුනානම් හොඳයි. කෙසේ නමුත් හදිසි නීතිය පවතින අවස්තාවක අත් අඩංගුවට ගැනීම ගැන උසාවි යා නොහැකි බව අසා තිබේ.
ධර්මචක්‍රයයි නැවක සුක්කානමයි වෙන් කර හඳුනාගන්න බැරි අයද ඉන්නේ? අඳින ඇඳුමේ නෙමෙයි කරන කියන දේවල් තමයි කර්මයට අදාළ වෙන්නේ.
සමහර මුසල්මානුවන් වගේ ලංකාවේ සමහර බෞද්ධයන් බුද්ධාගම අදහන්නේ අන්තවාදී ගෝත්‍රිකයන් ලෙසටයි.. මීට කලින් වතාවකදීද මෙරටට පැමිනි යුරෝපීය රටක කාන්තාවකගේ අතේ බුද්ධාගමට අපහාසවන අන්දමට පච්චයක් කොටා තිබුනේයයි චෝදනා නගා ඇයව අත් අඩංගුවට අරගෙන තිබුනා. මේවා රටට කැලලක්...
මම මේ ගැන අහන්න පොලිසියට කතා කරා මොකද මගේ මුස්ලිම් යාලුවෙක් කීව මේ ගැන එයාලගේ ෆේස් බූක් එකේ විහිළුවක් වෙලා කියල පොලිසියේ මට කතා කරපු මහත්මයාට වැඩි අවබෝධයක් තිබුනේ නැහැ මේ වෙනවා. සාමාන්‍ය දැනුම නැති මේ ප්‍රශ්නය අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කිරීමක් දක්වා දුර ගෙනගිය OIC ට දඬුවම් කලයුතුයි. මේක සාමාන්‍ය දැනීමක්. ධර්ම චක්‍රය නැවු සුක්කානම අඳුනන්නේ නැතිනම් කාගෙන් හරි දැන ගත යුතුයි .
කිසියම් මෝඩ පුද්ගලයෙක් ඉතා දුක් මහන්සියෙන් කමෙන්ට් වලට අන්ලයික් දමන බව පෙනේ.
නැවේ සුක්කානමට ගරාදි (පොලු) 6යි තියෙන්නේ. මේ තියෙන්නේ ධර්ම චක්‍රය. මැයට දඬුවම් දිය යුතුයි. එසේ නොකළහොත් අනෙක් මරක්කලයිනුත් මේක ආදර්ශයට ගනීවි...
නැවක සුක්කානම වැනි හෝ ධර්මචක්‍රයට සමාන වූ දෑ බෞද්ධ රටකට එය අවමානයක් ගෙන ඒ දැයි අැඳින ඔහුට හෝ ඇයට අවධාරණ වියයුතුය.
ලංකාවේ පොලීසිය කෙතරම් කාර්යක්ෂමද? වරදක් වගේ යයි සැකයක් වුනත් ඇති ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න.
ලංකාවට එනවයි කියන ඇමරිකන් සොල්දාදුවන් ධර්ම චක්‍රය තිබෙන ඇදුම් ඇන්දොත් අත්අඩංගුවට ගන්නේ මොන නීතියටද
නඩුකාර උන්නාන්සේට විරැද්ධවයි නඩු දාන්න ඕනේ... ධර්ම චක්‍රය නොදන්නවට.
බර කරත්ත, තිරික්කල ආදියත් තහනම් කළ යුතුයි.. ඒවායේ රෝදත් ධර්මචක්කරේ වගේ..
දොස්තර සාපිගේ කතාවත් ඔහොම්මයි...
මේක වැරදීමක් වගේ පෙනුනට... මේක හිතාමතාම කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ... දැක්කනේ අපේම අය ඒ ගැහැණු කෙනාගේ පැත්තට දාල තියෙන කොමෙන්ට්ස් කන්දරාව.. ඕකම තමයි එයාලට ඕනෑ කරන්නේ ..අපිව භේද බින්න කරන්න ඕක අපේ අයට තේරෙනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි ...!!! අර මුණ පේන්න අඳින්න එපා කිව්වම ඒ ගැහැණු ඔක්සිජන් මුහුණු ආවරණ දාල යන්න පටන් ගත්තා ..!!! මේ වෙලාවේ ඔය වගේ ළඟින් යන සංකේත අඳින්නෙත් අපිව නොමග යවන්න ...!! හොඳටම එයා දන්නවා ඕවා අැන්දම අපේ මිනිස්සු රැවටෙනවා කියලා... !!! දැන් ඔය යස අගේට නඩු දාලා තියෙන්නේ ඕක පිටුසස්සේ අනිවාර්යයෙන්ම මුස්ලිම් සංවිධානයක් ඇති....!!!
දැන් අපි කව්රු හරි සඳපලුවයි තරුවකුයි දාලා අමුඩයක් අැන්දානම් මොකද වෙන්නේ..? ඔය කෙනාම සෞදි වලදී එහෙම ඇඳුමක් අැන්දා නම්... ඔලුව නැතුව එන්න වෙන්නේ.. නැත්නම් ගල් ගහලා මරලා...!! හැම සෙල්ලමක්ම දාන්නේ අපේ රටට ඇවිදින්..!!!
ධර්මචක්‍රය ගසාගෙන ඉන්නා සියලු පොලිස් නිලධාරින්ද අත්අඩංගුවට ගත යුතුයි.
ඔය කාන්තාවගේ නඩුව අහලා වන්දි දෙන ඉක්මණටම අර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ මානව හිමිකම් නඩු අහන්නත් ඕනෑ...
මොවුන්ටම හරියන ජනාධිපතියෙකුත් ඉන්න රට මේක, ගස්කපන හින්දා "චෛන් සෝව් "තහනම් කෙරුවා වගේ පිහියෙන් ඇනලා මරණ හින්දා පිහියත් ලංකාවේ තහනම් කරන්න.
බුදුදහමේ කියවෙන ධර්ම චක්‍රය මේ වගේ අඬු එළියට පැනපු දැති රෝදයක් නොවෙයි. එය ඉතා සුමට පහසුවෙන් පෙරලෙන චක්‍රයක්... ගරාදි 8ක් තිබුණාට ඒවා එළියට පනින්නේ නෑ. අද බෞද්ධයා මේක ලස්සන කරන්න ගිහින් වරද්දගෙන... දැන්වත් බලධාරීන් මේ ගැන සොයාබලා වරද නිවැරදි කළයුතුයි...
මගේ නම් මතය වන්නේ ධර්ම චක්‍රයේ ගරාදි පිටට පනින්නේ නෑ.. නැවේ කැරකැවීමට ගරාදි එළියට ඇත.. එහෙත් මගේ අදහස චක්‍රයේ ගරාදි රවුම ඇතුලේ පමණයි තිබෙන්නේ. පිටට ඇවිත් නෑ.. සාංචි තොරණේ ඇති චක්‍රය බලන්න..
නැව් සුක්කානම ගසාගෙන හිටියට දවස් 21 රිමාන්ඩ් නමුත්, බැඳුම්කර හොරුන්ගෙන් නිවාස අල්ලස් විදිහට ගත්ත ඇමතිලා, ප්‍රසිද්ධියේ ජාති භේද කෝලාහල ඇතිවන ආකාරයේ ප්‍රකාශ කරන හිස්බුල්ලා වැනි හිටපු ආණ්ඩුකාරවරු එළියේ, මේවා දකින කොට ඇත්තටම රන්ජන්, සුගන්ධිකා කරපු ප්‍රකාශ අසත්‍යයි කියලා බැහැර කරන්න බැහැ. රට හදන්න නම් ඉස්සරවෙලාම යුරෝපයේ තිබෙන විදිහට නීතියේ අධිපත්‍යය සැමදෙනාටම එකසේ ක්‍රියාත්මක වන ආකාරයට සකසා ගත යුතුයි..
ධර්ම චක්‍රයේ ගරාදි රවුමෙන් පිටට පනින්නේ නෑ.. නැවේ සුක්කානම තමයි පිටට ගරාදි පනින්නේ.. ගොඩක් තැන් වල ධර්ම චක්‍රයට නැවේ සුක්කානම යොදා තිබෙනවා.. ඒ නිසා නියමිත ලෙස ධර්ම චක්‍රය අර්ථදක්වා ගත යුතුයි.. බෞද්ධ බොහෝ පිරිසටත් හරි චක්‍රය ගැන වැටහීමක් නැති එකේ අනික් අය කොහොම දැන ගන්නද..? හිතලම බුදු දහමට පහර ගහන අයත් ඉන්නවා.. ඒත් මෙතන නම් පොලීසියට වැරදිලා වගෙයි
බුදුදහම වගේ නිදහස් ආගමක්.. ලෝකේ සමහර ආගම් වගේ අන්තවාදි ආගම් කරන්න හදන සමහර අන්තවාදි දේශපාලකයින්ට හා ඇතැම් අන්තවාදීන්ට පාඩමක් පළමුව. එම පුද්ගලයන් ඉගෙනගත යුතුයි.
බෞද්ධයාවත් ධර්ම චක්‍රය දන්නේ නැති රටක්, නිලධාරීන් කොහොමද දන්නේ?
පොලිස් දෙපාර්තමේන්තුවේ සැම කාර්යාලයකම, විනයක් සහ දැනුමක් නැති මෙවැනි පුද්ගලයින් යටතේ කළමනාකරණය වනවිට රටකට අත්විය හැකි ඉරණම කෙබඳු විය හැකිද? මා හට මාගේ මාතෘ භූමියේ තත්වය ගැන විශාල ලැජ්ජාවක් තිබේ. දැන් මේ විදියට ගියොත් ලංකාවේ කොකිස් අච්චුවක් වත් තියාගන්න බැරිවෙයි. අත්අඩංගුවට ගනියි. විලි ලැජ්ජාවේ බැහැ. එහෙන් වඩු මඩු වහනවලු. දැන් ඉතින් මිනීපෙට්ටි හදන්න වෙන්නේ යකඩෙන් එක්කෝ රත්තරනින්....
බුදුදහම යනු ඉතා නිදහස් ධර්මයකි. ලංකාව නිදහස් රටකි... අපේ රට. අරාබි රටකට හරවන්න හදන සමහර දේශපාලකයින්ට සහ සමහර බුදු පුතුන්... පළමුව බුද්ධ ධර්මය ඉගෙන ගත යුතුය. එම නිදහස් රට හා බුදුදහම අන්තවාදී රටකට සහ අන්තවාදී දහමකට පරිවර්තනය කරන්න හදන මෙම සුලු අන්තවාදි පිරිස වහා ජයග්‍රහණය කළ යුතුය. නිදහස් රටේ නිදහස් ලෙස අඳින්න අප කාගෙන්වත් අවසර ගත යුතු නැත සුපිරි යාන වාහන පාවිච්චි කරන බුදු පුතුන් කලු කන්නාඩි ඉවත් කර ලෝකය දෙස බලන්න ඉගෙන යුතුය. තලෙයිබාන්වරු ලංකාවේ තාම පාලනයේ නොමැත. මගේ, අපගේ ලක්මවට බුදු සරණ එම නිර්භීත ලක්දුවට මගෙන් මල් පොකුරක්.... ඔබ වැනි අය ලක්මවට අවශ්‍යයි..
මන් හිතන්නේ නැහැ ධර්ම චක්‍රය ඇන්දත් ධර්මයට හානියක් වෙනවා කියල.
නැව් සුක්කානමයි ධර්ම චක්‍රයයි පටලව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාන්තාව අත්අඩංගුවට අරන් තියෙන්නේ පොලිසියනේ. ඇයි ඔය අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ පොලිස් නිලධාරීන්ට තිබුනනේ තමන්ගේ නිල ඇදුමේ අත බලන්න. පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුමේ ගහලා තියෙන්නේ ධර්ම චක්‍රය නේද
පොලිසිය වරදක් නෙවෙයි.. ධර්ම චක්‍රය කුමක්ද යන්න හරියට දක්වන්නේ නම් ප්‍රයෝජනවත් බැලූබැල්මට ධර්ම චක්‍රය වගේ තමයි.
අනේ මෙයා මුළු රටම පිස්සු කෙළින වෙලාවකට ඔයා මොකටද ඕවා අඳින්න ගියේ?
88/89 kale කාලේ ගම්පෙරලිය පොතක් ළඟ තිබ්බත් උත්සන් ගිහින් මැරුවා...
මේ රට මෝඩයන්ගෙන් පිරී ඉතිරී ඇත...
මෙ නඩුව පිටුපස ඉන්නෙ රාජ්‍ය නොවන සංවිධෘාන කීපයක් - රිසානට දඩුවම් දෙන කොට මේ අය නිහඩයි - ලංකාවට පහර ගහද්දි ගොරව ගොරව නිදි - රටකට ගිය කලක්
ධර්ම චක්‍රය වුනත් නීතිගත, රාජ්‍ය අනුග්‍රහය සහිත, අනුමත ලාංඡනයක්ද කියන එක මෙතනදී මතුවෙනවා නේද?
මෙහි අදහස් අනුව මේ රටේ බොහොමයක් ජීවත් වන්නේ රාවණ පරපුර නොවේ ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසකි තවත් පිරිසක් සොලි ආක්‍රමණිකයන් ගෙන් පැවත එන අය වෙනවා දෙදහසක් පමණ සොලි පිරිස කිසිවෙක් නැවත ගියේ නැහැ එම අය මේ රට සිංහල රටක් නොවේ කීම අරුමයක් නොවේ