(අංජුල මහික වීරරත්න)
පොසොන් සමයේ වැඩ වර්ජනවලට ගොස් මහජනතාව අපහසුතාවයට පත්කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිවාඩු අවලංගු කරන බවත්, එය නොතකා සේවයට වාර්තා නොකරන සියලු දෙනාම සේවය අතහැර ගියා සේ සලකන්නට සිදුවන බවත් පැවසීය.
දිනෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන්නැයිද, අමාත්‍යවරුන් දෙදෙනාට නොදන්වා වැඩ වර්ජනයකට යෑමෙන් වෘත්තීය සමිතිය බරපතල වරදක් කර ඇතැයිද ඇමතිවරයා ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් හමුවේ අද(13) පැවැසීය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සුළු සේවක කණ්ඩායමක් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කීය.
සේවකයන්ට සහන සැලසීම ගැන තමාගේ කිසිදු විරෝධතාවක් නැතැයිද නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පෙර ආණ්ඩුවල වැරදීම් තවදුරටත් වෙනවා නම් ඊට ඉඩදිය නොහැකි යැයිද අමාත්‍යවරයා පැවැසීය.
බස් රථ නියමිත පරිදි ධාවනය කිරීම ප්‍රාදේශීය කළමනාකරුවන්ට සහ ඩිපෝ කළමනාකරුවන්ට පැවරෙන වගකීමක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වගකීම ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන බවද කීය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුද, ජාතික සේවක සංගමයේ නියෝජිතවරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි ඇමතිතුමනි. ඔබතුමා ඉන්න එක ගැන රටවැසියන් වශයෙන් අපේ ප්‍රණාමය ඔබට.
ඇත්තෙන්ම් හොද ක්‍රියාවක්. තම තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීම කිසිදු වැරද්දක් නොමැත. නමුත් අහිංසක මිනිසුන්ව පිඩාවට පත්කර ලබා ගන්නා ජය නම් ජයක් නොව පරාජයකි. දොස්තර මහත්හොරුන්ට මෙය කියවීමට, දැකීමට හැකි වේවා....
අර්ජුන මහතා මෙම ප්‍රවෘත්තිය බලනවා නම් කරුණාකරලා නාවලපිටිය සිට ගම්පොල, වෙලම්බොඩ, ලියන්ගහවෙල ,අඹගස්තැන්න හරහා පිලිමතලාවට CTB එකක් දාන්න. නාවලපිටියෙන් උදේ 6 ට පටන්ගෙන පිලිමතලාවට 8 හෝ 8.30 විතර වෙනකොට එන්න. 60/80 කට වැඩි පිරිසක් ඉන්නවා වැඩට එන්න. ආයේ සවස 4 ට විතර පිලිමතලාවෙන් යන්න. ගොඩක් තේ වතුවල වැඩකරන යත ඉන්නවා යන්න. පින්සිද්ද වෙයි
හොස්ස ලඟින් මැස්සා ගියොත් වැඩ වර්ජන කිරීමට පොළඹවන වෘත්තිය නායකයන් ඉන්න රටක් දියුණු කරන්නේ කොහොමද කියා අපට තේරෙන්නේ නැහැ! මේ අය සේවකයන් අතකොළු ලෙස යොදවා මහජනයා අසරණ කරවා ඉන් විඳින්නේ අසමසම වින්දනයක් නොවේද? ගමනාගමන සේවකයන් වැඩ වරන්නේ දරුවන් විභාග වලට යාමට ගෙදරින් යන දිනවල හෝ පින්වතුන් පොහොය දිනවල වන්දනාවේ යාම පිණිස තෙල් මල් අතට ගැනීමට සුදානම් වන විටයි! අත්‍යවශ්‍ය සේවා හැටියට සෞඛ්‍යය, ගමනාගමන සේවා නීතිගත කිරීමට රජය හදිසි පියවර ගත යුතු වෙනවා.
රටේ ආර්ථිකය පහලට වැටිලා ජනතාව අසරණ වෙල් ඉන්න වෙලාවේ , වැඩ වර්ජන කරමින් එක එක දේවල් ඉල්ලන නරුමයෝ රස්සාවෙන් එලවල දමන්න ඕනේ , ඕනේ තරම් රැකියා නැති බරවාහන බලපත්‍ර තිබෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා . දැන් මේ රට්ටට ඕනේ කරලා තිබෙන්නේ රණතුංග මැති තුමා වැනි කෙලින් තීරණ අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලකයෝ .
අන්න හරි එහෙම තමයි කරන්න ඕන. චන්ද පදනමක් නැති එවුන්ට ඕන හැටියට පාලනය කරන්න දෙන්න එපා.
ලන්ගමෙන් සේවයක් වෙනවා තමයි නමුත් 100% ක් ඉන්නේ දේශපාලන "ජුන්ටෝ " නව ඒ නිසා මේක "පව්ලේ ප්රශ්නය ක් " මේක කොච්චර දේශපාලනීකරණය වෙලාද කියනවනම් එක්තරා යුගයක ඔය වෘත්තීය සමිති නායකයෙක් හැන්දෑවට ගෙදර එන්නේ බස් එකක් අරගෙන් හැබැයි හුඟක් දවසට දෙපැත්තේ තියන වටවලුත් මාන ගෙදර අරන් යනවා ( ඒ කාලේ එච්චර තාප්ප නැහැ )