(මුදිතා දයානන්ද)
බැදුම්කර වංචාවේ දේශපාලන සබැඳියාවන් අතහැර චූදිතයන් නම් කිරීමෙන් සාධාරණයක් ඉටු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (14) පැවසීය.
මේ නඩුපැවරීම සිදුකරන්නේද 2015 පෙබරවාරි 27 වෙනිදා සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පමණක් වන අතර මාර්තු 29 වැනිදා වූ බරපතලම වංචාව එයට අදාල කරනොගැනීම අනුමත කළ නොහැකි බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් මෙසේ පැවසීය.
‘‘බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයන් දහදෙනෙකුට හෝ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කිරීම පිළිබඳව අප සතුටු වෙනවා. ඒත් මේ හා බැඳුන දේශපාලන සබැඳියාවන් නොසලකා හැරීම අනුමත කළ නොහැකියි.
2015 පෙබරවාරි 27 වෙනිදා තමයි පළමු බැඳුම්කර වංචාව සිදුවුණේ. ඒ සම්බන්ධයෙන් අපි මාර්තු 10 වෙනිදාම රටට හෙළි කළා. ඒ පිළිබඳව සෙවීමට පත්කළ පිටිපන වාර්තාවෙන් එහි වරදක් සිදුව නැතැයි පෙන්වා දුන් නිසා මාර්තු 29 වෙනිදා දෙවැනි වංචාවත් සිදුවුණා.
එයින් තමයි රටට බරපතලම පාඩුව සිදුවුණේ. එහෙත් මේ නඩු පැවරීම කරන්න යන්නේ පෙබරවාරි 27 ගනුදෙනුව සම්බන්ධයෙන් පමණයි.
මේ වංචාවේ සමස්ත ක‍්‍රියාවලිය පිටුපස සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහයි. ඔහු තමයි විදේශීය පුරුවැසිකමක් ලබා සිටි අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති ලෙස නම් කර මුදල් ඇමති මගින් ජනාධිපතිට ඉදිරිපත් කර පත් කිරීම කරවනු ලැබුවේ. ඔහු මේ සිදුවීමෙන් පසුවත් අර්ජුන් මහේන්ද්‍රන් රටෙන් පිටවුණ අවස්ථාවක පෙනී සිටියා මංගල උත්සවයකට ගියේ, ආපසු එනවා. නාවත් ඔහුව ගෙන්වා ගන්න මට හැකියාව තිබෙනවා කියලා. ඒ වගේම ජනාධිපති කොමිසම හමුවෙත් කරුණු දක්වමින් ඔහු කියා තිබුණා මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් වුණත් උපතින් ශ්‍රී ලාංකිකයෙක්. දෙමාපියන් ඉන්නේ ලංකාවේ නිසා නිතරම මේ රටට එනවා යනවා. ඔහුට ලංකාව සමඟ බැඳීමක් තිබෙනවා. ඒ නිසා ඕනම අවස්ථාවක ලංකාවට ගෙන්වා ගැනීමේ ගැටලූවක් දැක්කේ නැහැ කියලා.
ඒ විතරක් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ වගකීම යටතේ පැවති මහබැංකුව එහි අධිපති ලෙස මහේන්ද්‍රන් පත් කළාට පස්සේ අගමැතිගේ ආර්ථක කටුයතු අමාත්‍යංශය යටතට පවරා ගන්නවා. එයට කිසි නීතිමය පදනමක් නැහැ. පළමු වතාවටයි එහෙම දෙයක් වුණේ. මේ සියල්ල අනුව පැහැදිලියි සමස්ත බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු ප‍්‍රධානම චූදිතයා අගමැති බව.
ඒ වගේම මෙහි වාසි ලබාගත් පර්පෙචුවල් ටේරසරීස් සමාගමෙන් හා එයට සම්බන්ධ අයගෙන් වාසි ලබාගත් බව පිළිගත් හා පිළිනොගත් දේශපාලනඥයින් පිරිසක්ද ඉන්නවා. ඒ අයත් මෙහි චූදිතයන් විය යුතුයි. එසේ නොකර ලියකියවිලි වලින් චූදිතයන් සේ ඔප්පු කළ අයට පමණක් චෝදනා ගොනු කිරිමෙන් වගකිව යුතු ප‍්‍රධානීන් නිදහස් වෙනවා. ඒ නිසා කිසිවක් නොකර සිටිනවාට වඩා මෙවැනි හෝ නඩු පැවරීමක් කරන්නට පෙළඹිම ගැන අපි සතුටු වෙනවා. එහෙත් එයට සාධාරණය ඉටු වන්න නම් දේශපාලන අධිකාරියේ වගකිව යුත්තන්ද නීතිය හමුවට ගෙන ආ යුතුයි.‘‘
එහිදි මධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නයකට හඳුන්නෙත්ති මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
ප‍්‍රශ්නය - අගමැතිතුමා කලින් වතාවක් කිව්වා මහේන්ද්‍රන් සිංගප්පූරු ගියේ මංගල උත්සවයකට. ආවේ නැත්නම් එක්ක එන්න මට පුලූවන් කියලා. දැන් මේ දවස්වල ඔවුන්ගේ පවුලේ මංගල සාදයක් සිංගප්පුරුවේ පවතිනවා. අගමැතිත් පෞද්ගලික සංචාරයකට සිංගප්පුරු ගිහින් තිබෙනවා. ඔහු අර්ජුන් මහේන්ද්‍රන් කුදලගෙන ඒවිද?
පිළිතුර - ඔබට එහෙම විශ්වාසයක් තිබුණත් අපිට නම් අබමල් රේණුවක තරම්වත් අගමැති රනිල් වික‍්‍රමසිංහ ගැන එවැනි විශ්වාසයක් නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මේ වංචාවේ සමස්ත ක‍්‍රියාවලිය පිටුපස සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහයි." දැන්වත් කොන්දක් ඇතිව එහෙම කියපු එක ගැන සතුටු වෙනවා. හැබැයි සහෝදරයා, ඔබ අගමැති රනිල්ව බේරගන්න කඩේ ගිය විදිය ලැජ්ජා සහගතයි. මේ වංචාවට ඔහු සම්බන්ධ නම් අැයි ඒ වෙනුවෙන් හඬක් නගන්නේ නැත්තේ? ඉස්සර ජවිපෙ තිබුණු ගම්මාන දැන් දියවෙලා ගිහින්, අැයි මේ අගමැතිව බේරගන්න සහ මේ ආණ්ඩුව බේරගන්න කඩේ ගියේ.. එ්ක අපි හොඳටම දැක්කා. මහින්ද හොරකම් කළානම් ඔහුටත් දඬුවම් දෙන්න ඕනේ. හිස්බුල්ලා, ඒ වගේම බදියුර්දීන් මේ හැමෝටම නීතියෙන් හරියට දඬුවම් දෙන්න ඕනේ.. ඒ වගේම දූෂණ, වංචාවලට ඇමති කමෙන් අයින් වුණු රවී, බොරු සාක්ෂි දුන්නා කියලා කියන රවීත් එක්ක එකට ඉගෙන බුද්ධි නිලධාරීන්ගෙන් ප්‍රශ්න අහන්න ඔබට ලැජ්ජාවක් නැද්ද? දැන් ඡන්දගන්න හිතලා ඔහොම කිව්වට සහෝදරයා පහුගිය අවුරුදු ගණනාවේම ඔබේ ක්‍රියාව ජනතාව ප්‍රතික්ෂේප කළා.. අනුර සහෝදරයා ප්රමුඛ ජවිපෙ දේශපාලන කියවීම බොහොම දුර්වල මට්ටමක තියෙන්නේ... 'මව්බිම නැත්නම් මරණය' කියලා උදාර පරමාර්ථ වෙනුවෙන් දිවිපුදපු සියලු සාමාජිකයන් ඔබට සැප කරාවි... හොරුත් සමඟ එකට ඉඳගන්න එපා.. ඒ හොරු කොළ පට, නිල් පාට, රතු පාට මොකක් වුණත් මේ රටට වින කරනවා නම්...
රසික ඔබේ අදහසට මුළු රටම එකඟ වෙනවා අනිවාර්යෙන්
ඔච්චර දඟලන්න ඕනේ නැහැනේ... ඒ දවස්වල ඔබතුමලාටත් ඕනේකමක් තිබුණා නම් බැඳුම්කර හොරකමට විරුද්ධව නඩුවක් ගොනු කරන්න තිබුණානේ..