(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඉකුත් ජනාධිපතිවරණයේදී උදව්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා එම ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.
තමා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට උදව් කරද්දී සහරාන් මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළ බවද ඔහු කියා සිටියේය.
මැතිවරණයේදී තමා සහරාන් සමග ගිවිසුම් ගැසුවද පසුකාලීනව ඔහු තමාට විරුද්ධව වැඩ කළ බව කී හිස්බුල්ලා මහතා තමා ඡන්දයෙන් පැරදුණේ සහරාන්ගේ වැඩ නිසා යැයි ප්‍රකාශ කළේය.
සහරාන් තමා දැනගෙන හිටියේ හොඳ විවාදකයකු හැටියට විනා ත්‍රස්තවාදියකු හැටියට නොවේයැයිද හිස්බුල්ලා මහතා පැවැසීය.
සහරාන්ගේ කල්ලියේ සමහරුන් යුද හමුදාව සමග ද සබඳතා පැවැත් වූ බව කී හිස්බුල්ලා මහතා වෛරී ප්‍රකාශ නිකුත් කරන ඔහුගේ රැස්වීම්වලට පොලිසියෙන් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලැබුණු බවද ප්‍රකාශ කළේය.
මේ රටේ අරාබි භාෂාව භාවිතා කිරීම නීති විරෝධි නැතැයි ද අරාබි භාෂාවෙන් යම් යම් පුවරු ප්‍රදර්ශනය කළේ අරාබියෙන් එන සංචාරකයන්ගේ පහසුව සඳහා යැයිද ඔහු පැවැසීය.
මුස්ලිම් ජනතාව ලංකාවේ කුඩා පිරිසක් වුවත් ලෝකයේ මහ ජාතිය යැයි ප්‍රකාශ කළේ බියට පත්ව සිටින මුස්ලිම් ජනතාව ධෛර්යමත් කිරීමට යැයිද එසේ නැතිව වෙනත් අරමුණකින් නොවේ යැයි ද හිටපු ආණ්ඩුකාරවරයා කීය.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළහොත් රටේ ලේ ගංගාවක් ඇතිවිය හැකි බවත් ඊට මුස්ලිම්වරුන් විරුද්ධ බවත් පැවැසූ හිස්බුල්ලා මහතා එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම දේශපාලනඥයන් වන අපගේ යුතුකමක් යැයිද සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (13) පස්වරුවේ රැස්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සංචාරකයන් එන්නෙ අරාබියෙන් විතරක් නොවෙයි. ලෝකෙ බොහෝ රටවලින් එනවා. එහෙම නම් රටේ තියෙන දැන්වීම් පුවරු වල ලෝකෙ තියන හැම භාෂාවක්ම තිබිය යුතුයි. ඕකත් අර තණකොල කපන්න කඩු ගෙනාපු කතාව වගේ එකක්. කොහොම උනත් ඉදිරි මැතිවරණ වලදී අපි නම් චන්දය දෙන්නෙ ඔයාලගෙ සහයෝගය නැති පක්ෂයකට තමයි.
අයියෝ.........!!
මොහු කියන ආකාරයට මුස්ලිම් රටවලින් අපට ආදරයට ආධාර දෙන්නේ නැහැ. ඔවුන් ඕවාදෙන්නේ ෂරියා විශ්වවිද්‍යාල, පල්ලි වැනි දේවල් හදන්න මිසක් ලංකාව දියුණු කරන්න නොවේ. ඕවා නොලැබුණාට අපට වෙන පාඩුවක් නැහැ. ඒ ගොල්ල ලෝකේ මහජාතිය වුණාට කල්ලි 10ක් විතර බෙදිලා මරාගන්නවා. මුස්ලිම් රටවලින් අපිට පැට්‍රල් නිකන් දෙන්නේ නැහැ. අපි මුදල් ගෙවනවා. අනිත් පැත්තෙන් බැලුවහම ලෝකේ පැට්‍රල් වෙළඳාම් කරන්නේ මුස්ලිම් මිනිස්සු පමණක් නොවේ.. අපේ පැට්‍රල්වලින් වැඩිහරිය අපි ලබාගන්නේ සිංගප්පූරු සමාගම් හරහා, අධිකරණයට අපහාස කළායි කියමින් රන්ජන්ට පමණක් පසුපස පන්නන එක නවත්තලා ජාතින් භේදබින්න කරන රට හෑල්ලුවට ලක්කරන ප්‍රකාශ කරන, ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ කම් පවත්වන, මොවුන් වැනි පුද්ගලයන් අත්අඩංගුවට අරන් නඩු පැවරිය යුතුයි. මොහුට විරුද්ධව ජනමතයක් හැදෙනකොට විපක්ෂනායක කට පියාගෙන හිටියේ මොකද කියල දැන් තේරෙනවා.
කිසිවක් නොකියා, නොලියා මගේ කට ගලක උලාගන්නට දැන් ගලක් සොයමින් සිටිමි. කරුමය නම් ගලක්ද නැත. ඒවාද රජයේ ඇමතිවරු බලපත්‍ර යටතේ ගල්වලවල් කර ඇති බැවිනි.
මුස්ලිම් මැතිඇමැතිවරුන් වැරදි නොකළාම නොවේ. අපේ සිංහල නායකයන් තමන්ගේ බලයෙ ස්ථාවරය හදාගන්න නොකළ දෙයක් නැහැ. සිංහල රට, ජාතිය ගැන හිතුවේ නැහැ. සුලු ජාතින්ව අයුතු ප්‍රයෝජනයට යොදා ගත්තා. ඔවුන් එයින් තමන්ගේම ජාතියේ සුබ සිද්ධිය සඳහා උපරිම ප්‍රයෝජන ගත්තා. පාස්කු ප්‍රහාරයත් කාගේ ඉදිරි වාසිය උදෙසා ක්‍රියාත්මක කරන්න අන කළාද කවුද දන්නේ?
එතකොට කවුරු දිනන්නත් වැඩේ කරන් ගියානේ...
මට දුක අපේ ලොකු ලොකු දේශපාලකයෝ පිස්සු කෙලිද්දී මැරුනේ පල්ලියේ පුජාවට ගිය අහිංසක මිනිස්සු .
අරාබි භාෂාවෙන් නාමපුවරු සංචාරකයන්ගේ පහසුවට කීම බොරුවක්.., අරාබි රටවලින් ඔය කියන තරම් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙහෙට එන්නේ නැත. ආවත් ඔවුන් වැඩිපුර යන්නේ බදුල්ල, බණ්ඩාරවෙල නුවරඑළිය වැනි සිත දේශගුණයක් ඇති පළාත්වලටය, ඔවුන් උතුරු, නැගෙනහිර යනවා ඉතා අඩුය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව වැනි රටවලින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙහෙ එනවා. ඔවුන් නැගෙනහිරත් යනවා එහෙමනම් එම භාෂාවලිනුත් මේවා ගහන්න ඕනේ නේද?
මේ සාක්ෂි දීම හරහා එළිවෙන්නේ මේ රටේ ප්‍රබල දේශපාලඥයින් සමග සහරාන් සම්බන්ධකම් පැවැත්වූ බවයි. මෙවැනි සිද්ධින් පිළිබද අනාවරණය වූ සිද්ධීන් හා අවස්ථාවන් අපට කොතෙකුත් මතකයි. ඒ කිසිවකට ගත් පැහැදිලි ක්‍රියාමාර්ගය කුමක්ද? තාජුඩීන් ඝාතනය, ලගිත් කුගන් අතුරැදහන් වීම, එක්නැළිගොඩ අතුරුදහන්වීම මේ අාදී කරැණු රැසක් තාමත් අප සමාජයේ ඉතිරිව පවතියි. මේ සිද්ධීන්ට පරිභාහිරව මහබැංකු බැඳුම්කර සිද්ධිය වැනි සිද්ධි තාමත් මේ සමාජයේ ඉතිරි වී ඇති ප්‍රශ්න පමණයි. මේවැනි ගැටළුවලට කිසිදා විසඳුමක් නොලැබෙනු ඇත. මේ මජර දේශපාලනය විසින් චූදිතයින් සැමදා ආරක්ෂාකරනු ලබන්නේය... එක් එක් අයට විවිධ දේශපාලන කෝණවලින් මේවා පෙනුණද ඔය කොයිකවුරැත් එකම කාසියක දෙපැත්තේ පුද්ගලයින්ය...
රැවුල කපල හිටපන්. බාගෙට කපන්නේ නැතිව.
අරාබියේ සිංහලෙන් බෝඩ් ගහලා තියනවද? ලංකාවෙන් යන අයට කියවගන්න... මොකද ලංකාවේ ලක්ෂ 4ක් විතර අරාබි රටවල්නේ රැකියා කරන්නේ..
මෙතන ප්‍රධාන පක්ෂවල් තමාගේ බල පෙරේතකම නිසා සහරාන්ට හා හිස්බුල්ලාට ඕනේ දෙයක් කරපන් කියලා අහක බලාගෙන හිටියා. ඔය විශ්වවිද්‍යාලය දවසකින් හෝ දෙකකින් ඉදිවුණු එකක් නොවේ. මම මීට අවුරුදු 8කට කලින් නැගෙනහිර සංචාරය කළා. එහේ මම දැක්කා අරාබි නාමපුවරු සහ අකුරු. ඒ මොහොතේම මම කිව්වා මේවා අනවශ්‍යයි. අනාගතයේ ප්‍රශ්නයක් වෙනවාමයි කියලා. මේ හිස්බුල්ලා ඡන්ද බලාපොරොත්තුවෙන් කරන්නේ ජනතාව මුලාකරන වැඩ... මේ අරාබි අකුරුවලින් ඒ පළාතේ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ...
කාත්තන්කුඩි ලංකාවට අයිති නැද්ද? එකඑකාට ඕන විදිහට වැඩකරන්නේ... මොවුන් කුණුහරපෙනුත් බෝඩ් ගහයිනේ ඉස්සරහට.. රට පාලනය කරන බලධාරයිනි, පින්සිද්ධ වෙයි... තට්ටු මාරු කරකර මිනිස්සු රැවැට්ටුවා ඇති. දැන්වත් එක රටක්, එක කොඩියක් යටතේ එක නීතියක් ගේන්න. කුමක් හෝ එම පක්ෂය සියයට 80ත් 90ත් අතර ජනතා කැමැත්තකින් බලයට පත්කරන්න ජනතාව සූදානම්...
හරි ඒ ඉතින් ජනාධිපති වරදින්නේ... ඉන්පස්සේ උදව් කලේ සහරාන්ටයි, ජමාත් එකටයි නේද?
මොන මෝඩ කතාවක්ද.. සංචාරකයෝ එන්නේ ඒ අයගේ සංස්කෘතිය බලන්නද? නැත්නම් අපි පෙන්වන්න ඕන අපේ සංස්කෘතිය නෙවේද.. මෝඩ කතා කියද්දී ඒවා අහගෙන ඔලුව වන්න තේරීම් කමිටුව ගැන හිතාගන්න පුළුවන්..
කතාවක් තියෙනවනේ "සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝධයා" කියලා. ඇත්තටම සිංහලයාගේ දැනුම, ඉවසීම, හා දුර දිග හිතීම හා හික්මීම හිතන්නේ මෝඩකමක් ලෙසයි. සිදිධියක් වූ විගසම වගකිව යුත්තන් සොයාගන්නේ ඒ නිසානේ. නමුත් අපේ ජාතිය නිතරම මහා ජාතිය නොපෙන්වන නමුත් ඉවසීමේ කෙලවර මහජාතිය තමයි. ප්‍රාර්ථනය කරනවා එහෙම වෙන්න එපා කියලා...
ඔක්කොම එකයි. සිරිසේන ගාගෙන දඟලනවා. මහින්ද ඇටිකෙහෙල් කාපු රිලවා වගේ සද්ද නැතුව ඉන්නවා. LTTE එකට සල්ලි දීල පටන් ගත්ත ඒ දේශපාලනය හැමදාම ඔහොම තමයි. රට ගැන නෙමෙයි බලය ගැන තමයි මෙයාලා හැමදාම හිතන්නේ.
පුහුල් හොරා කරෙන් දැනේ