(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් සිය වැසියන්ට පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.
ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උපදෙස් මාලාවන් සංශෝධනය කර සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එරට රජය විසින් අවවාදාත්මක උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි.
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා මේ මස මුල දී මෙරට නිල සංචාරයක ද නිරතවුණි.
මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවත් සමඟ රටවල් රැසක් විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම මේ වන විට ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් එයාලට මෙහෙ එන්නනේ.. හොඳයි..! අපිට ඒ.. පැත්තේ යන්න තිබුණු සීමාවලුත් ලිහිල් වෙලාද..?
ඔය සීමා ලිහිල් කළත්, නැතත් එහේ ඉන්න සිංහල, දෙමළ මිනිස්සු නෑදෑයන් බලන්න ලංකාවට එනවා. ඔය කලාතුරකින් එන සුද්දන් ටිකදෙනාට තමයි ඔය ලිහිල් කිරිල්ල බලපාන්නේ. අනික එහෙන් මෙහෙ එන එක ලිහිල කරලා විතරක් මදි, මෙහෙන් එහෙ යන එකත් ලිහිල් කරන්න. අඩු තරමින් එහෙ ඉන්න කෙනෙකුට ලංකාවේ මිත්‍රයෙක්, නෑදෑයෙක් එක්කලා ගිහින් රට තොට පෙන්නලා ආපසු එන්න පුළුවන් වෙන්න.