(ටී.කේ.ජී.කපිල )
මඩකලපුව, වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමූ, තව්හීද් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 5 දෙනෙකු අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එනු ලැබීය.
මෙම සැකකරු පිරිස අත්අඩංගුවට ගැනීමට ඉකුත් 11 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සෞදි අරාබිය වෙත ගොස් තිබිණි.
එච්.එම්.ඒ.නිල්හාන්, එම්.ඒ.මොහොමඩ් මිලා, ඒ.අබුසාලි, එම්.අයි.එම්.ස්මායිල් සහ එම්.එම්.එම්. ෂානාවස් ෂව්රි යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමෙන් පසු ගුවන් තොටුපළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ජාතිවාදීන් නොවෙන්නෙමු. සමාජයට අහිතකර විෂබීජ එම සමාජයෙන් තුරන් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීම් මෙන්ම තමන් උපන් තමන්ගේ මාතෘභූමියට තමාගේ යුතුකම් ඉෂ්ඨ කිරීමකි. එබැවින් මෙම සියලුම පාපතරයින්ට ඇඩ්රස් නැති වෙන්නම 88/89 වකවානුව සිහිපත් කරමින් දෙනදෙය දියයුතුමයි. එය පවක් නොව සාමකාමී අහිංසක මහජනතාවට කරන මහඟු සේවයකි. තමන්ගේ මව්බිම වෙනුවෙන් අවංක සේවය කරන නිලදරුවන්ට අපි මුළුහදින්ම සුබ පතන්නෙමු. ඔබලාට ජය..!!!