(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කරනු ලැබීය.
වසර දහයකට පමණ පෙර ස්ථාපිත කළ මෙම නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සීමාවේ අවසර නොමැතිව ප‍්‍රදර්ශනය කිරීම හේතුවෙන් ලැබුණ මහජන පැමිණිල්ලක් අනුව මෙලෙස ගලවා ඉවත්කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි ට දැනුම් දී තිබේ.
පසුගියදා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ විහාරස්ථානයේ දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල ලෙස හදුන්වන ලෙස තීන්දුව ප‍්‍රකාශකිරීමෙන් අනතුරුව පිරිසක් පැමිණ එහි නම ප‍්‍රදර්ශනය කොට දෙමළ බසින්වූ නාම පුවරුව ඉවත් නොකර ඇති අතර ගුරුකන්ද විහාරස්ථානයේ නාම පුවරුව පමණක් ගලවා ඉවත කිරීමට කටයුතු කළබවද ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ මෙසේද කීහ.
‘මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම්දී තිබුණා විහාරස්ථානයේ නම සදහන් පුවරුව ගලවා ඉවත්කරන බව. ඒ අනුව ඔවුන් පැමිණ මෙය ගලවා ඉවත්කළා. නමුත් මෑතකදී විහාරස්ථානය ඉදිරිපිට දෙමළ බසින් ප‍්‍රදර්ශනය කළ නීරාවි පිල්ලයාර් කෝවිල යන නාම පුවරුව ඔවුන් ඉවත් කළේ නැහැ. අපගේ නාම පුවරුව ඉවත්කොට එය අපට බාරදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යන්න ගියා.
මෙම විහාරස්ථානය බුද්ධශාසන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ අනුව විහාරස්ථානයේ නම ප‍්‍රදර්ශනය කිරීමට පුළුවන්. අප මෙම නාම පුවරුව වසර දහයකට පමණ පෙර ස්ථාපිතකළ නාම පුවරුවක්. නමුත් එය ඉවත් කළා. විහාරස්ථානය තිබෙන්නේද මාර්ගය ආසන්නයේ වන බැවින් පන්සල් භූමියේ ඉදිකළත් මාර්ග සංවර්ධන නිලධාරීන් නාම පුවරුව ගලවා ඉවත් කරයිද යන්න සැකයි. මේ පිළිබඳව ඇත්තේ දැඩි කණගාටුවක්‘ යැයි හිමියෝ පැවසූහ.



(ඡායාරූප- සිතුම් චතුරංග)
වීඩියෝ දසුන් - රොමේෂ් මධුෂංක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ බෞද්ධ රටකද? නැතිනම් වෙන කොහේහරිද? මහානායක හිමිවරු මේ ගැන චුට්ටක් සොයාබැලුවොත් හොඳයි මේ ප්‍රශ්නේ ගැන...
ඡායාරූපවලට අනුව නම් නාම පුවරුව පාර අයිනේ ඇති කාණුවක් හරහා තමයි තබා තිබෙන්නේ. මේ නාම පුවරුව පන්සලට කිට්‍ටුවෙන් තබාගත්තා නම් ගැටළුවක් ඇති නොවෙන්න තිබ්බා. මේ හාමුදුරුවන්ට නීතිය පැත්තෙන් සහාය දෙන්න කැමති නීතිඥ පින්වතෙක් නැද්ද?
කොළඹ කොච්චර දෙමළ දේවස්ථාන තියෙනවද? ඒ පළාත්වල අපිට එ්කවත් දෙනවද?
ඔන්න සංහිදියාව දොරේ ගලන හැටි පේනවා නේද?
මේ විහාරස්ථානයට සාධාරණයක් කරන්න නීතිමය සහයක් දෙන්න කවුරුහරි ඉදිරිපත් වෙනවද? මේ පළාත්වල ඉන්න සිංහල ජනතාවට ඉන්න එකම හව්හරණ මේ ස්වාමීන් වහන්සේලා.. ඒ නිසා මේ කෙනෙහිලිකම් වලට ඉඩ දෙන්න එපා. නීත්‍යානුකුලව හරි දෙය කරගන්න උදව් කරන්න.
කන්න ඕනෑ වුණාම කබරගොයත්, තලගොයා වෙනවා කියනවා. ඔය පැත්තේ සිටිනා එවුන් ඔක්කොම එක්වල්ලේ පොල් තමයි. සෑම ගෙඩියක්ම එකයි... වෙනස තියෙන්නේ ගෙඩිවල ප්‍රමාණය අනුවයි. මේ රටේ සියලු නීති තියෙන්නේ සිංහල අයට විතරයි.
පෙනෙනා අන්දමට නං මේ පුවරුව තියෙන්නේ මාර්ගයට ඉතාම ආසන්නයේ. ඕක ටිකක් පාරෙන් අයිනට වෙන්න හයිකරගත්තා නං ඉවරනේ.
එකක් කියන්න පුළුවන්. මේ කරන්නේ ත්‍රස්තවාදයක් නිර්මාණය කිරීමක්.
ඡායාරුපයේ පෙනෙන විදිහට නාම පූවරුවේ එක කණුවක් මාර්ගයට අයිති ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. කානුවත් ඉඳිවීමත් මෙම නාමපූරුව නිසා නැවතී තිබෙන බව පෙනෙනවා. හාමුදුරුවෝ අදාළ ආයතනවලට ගිහිල්ලා කතා කර මෙම පූවරුව ගැලවීමට නියම හේතුව ප්‍රසිද්දියේ කියන්න.
මහනායකලාට මේවට මැදිහත් වෙන්න වෙලාවක් නෑ. අස්වුණු මුස්ලිම් ඇමතිවරුන්ට පින්සේන්ඩුවෙනවා මේ දවස්වල ආපහු එන්න කියලා. දුක්විඳගෙන බුද්ධාගම රකින අති දුෂ්කර ජීවිත ගෙවන ජීවිත හා මරණය සමඟ සටන් කරමින් ජීවත්වන මේ ස්වාමීන්වහන්සේලා ගැන බලන්න මහනායකලත් නෑ පොඩි නායකලත් නෑ. මහනායකලාගේ රජ සැපෙන් තුන්කාලක්වත් නොවිඳ මේ අසරණ ස්වාමීන් වහන්සේලා මේ ප්‍රදේශවල සිටින දුප්පත් ජනයා වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. ඒක අගයන්න හෝ ඒ ස්වාමීන්වහන්සේලාට යම් පහසුකමක් සලසන්න අපේ පාලක හිවලුන්ට තේරෙන්නේ නෑ.
මේ නාම පුවරුව පාරේ නම් සවිකර ඇත්තේ මාර්ග අධිකාරිය එය ගලවා හාමුදුරුවන්ට සුදුසු ස්ථානයක සවිකර දෙන්නයි තිබුනේ. හාමුදුරුවෝ එයට විරුද්ධ වෙන්නේ නෑ. මෙතන තියෙන්නේ මේ පුවරුව ගලවන්න අණ දුන් ඉහළ නිලධාරියා හාමුදුරුවන් සමග කතිකා කර ශිෂ්ඨ සම්පන්නව මේ වැඩේ නොකළ වරදයි. නීතියට පටහැනි නොවන්න මේ වැඩේ කරන්න කොතරම් ක්‍රම තියනවද? හාමුදුරුවන්ටම කියලා බෞද්ධයින් පිරිසක් ගෙන්නාගෙන මේ නාම පුවරුව හාමුදුරුවන්ට කැමති තැනක සවිකර දීම ගලෝපු නිලධාරියාගේ හැදිච්ච කම මිසක් නීතියක් නොවෙයි.
මට මහා නායක හාමුදුරුවරු ගැන තියෙන්නේ පුදුම කළකිරීමක්. මෙම ස්වාමීන් වහන්සේ වගේ ජාතියට, ආගමට සේවයක් කරන අයට උදව් කළොත් නරකද? කෝවිලේ නාම පුවරුව තියලා පන්සලේ පුවරුව විතරක් අයින් කලේ, කොටි ඩයස්පෝරාව සනසා, උතුරේ අතීත බෞද්ධ උරුමය මකා දමන්නද?