ඉන්දීය ධීවර යාත්‍රා 202 ක් නාවික හමුදා බාරයේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර ධීවර කටයුතු වල නිරත වෙමින් තිබියදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් සතු යාත්‍රා 202 ක් නාවික හමුදාව බාරයේ තිබෙන බව නාවික හමුදාව පවසයි. 27 February 2020
විජයදාස රාජපක්ෂ හෙට ජනපති කොමිසන් සභාවට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ඒ පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා හෙට (28) පැමිණීමට නියමිතය. 27 February 2020
ගල්කිස්සේදී බීමතින් කළහකාරීව හැසිරුණ පොලිසියේ 4 ක් අත්අඩංගුවට ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක මත්පැන් පානය කර බීමතින් යතුරු පැදියක් පදවා අනතුරක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ කොස්තාපල්වරුන් සිව්දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලිසිය කියයි. 27 February 2020
කැලණි සරසවියේ සීසීටීවී ගැලවූ 12 කට ඇප කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 16 දෙනා අතරින් 12 දෙනෙකු අද (27) පස්වරුවේ පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලිසිය කියයි. 27 February 2020
කටුපොල් වගාව නතර කරන්නැයි ජනපතිගෙන් උපදෙස් පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 27 February 2020
සජින් ද වාස් 12 වැනිදා දක්වා රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් එල්ල කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වීම හේතුවෙන් ඔහු ලබන මාර්තු මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (27) නියම කළේය. 27 February 2020
මක්කම වන්දනාව විදේශිකයින්ට තාවකාලිකව තහනම් වෙයි ආගමික හා වන්දනාමාන කටයුතු සඳහා විදේශිකයින්ට සෞදි අරාබියාවේ මක්කම ඇතුළු ඉස්ලාමීය සිද්ධස්ථාන වෙත පැමිණිමට ලබාදී තිබූ අවස්ථාව තාවකාලිකව අත්හිටුවිමට අරාබියානු රජය තීරණය කර ඇත. 27 February 2020
මිනිස් ජාවාරමක මහ මොළකරු කටුනායකදී අත්අඩංගුවට පලස්තීන ජාතිකයන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් පෝලන්තයේ වෝර්සෝ නුවර හරහා ජර්මනිය වෙත රැගෙන යෑමේ මිනිස් ජාවාරමක ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද(27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 February 2020
කැලණි සරසවියේ ආරක්ෂක කැමරා පද්ධතිය ගැලවූ සිසුන් 16 දෙදෙනකු අත්අඩංගුවට කැලණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබු සීසීටිවී කැමරා 14 ක් සහිත පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිසුන් 16 දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අද( 27) අත්අඩංගුවට ගනු ලැබුවේය . 27 February 2020
කොරෝනා ජපානයේ සියලු රජයේ පාසල් වහයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට පුරා තිබෙන සියලු රජයේ පාසල් වසා දමන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද (27) ප්‍රකාශ කළේය. 27 February 2020
මගීන්ට ප්‍රවේශපත්‍ර නොදුන් කොන්ස්තදොස්තරවරුන් 223දෙනෙකු දැලේ මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ කොළඹ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ කොන්දොස්තර 223 දෙනෙකු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද(27) බාරයට ගෙන ඇත. 27 February 2020
‘ඩයමන්ඩ් ප්‍රින්සස් ’ නෞකාවේ ලාංකිකයන් දෙදෙනා ඉන්දියාවට කොරෝනා වයිරස් ආසාදිතයින් කිහිපදෙනෙකු සහිතව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබූ ‘ඩයමන්ඩ් ප්‍රින්සස් ’ නැමැති සංචාරක නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවට රැගෙනවිත් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 27 February 2020
මහමැතිවරණයට ඡන්දය දෙන්න 16,263,885ක් සුදුසුකම් ලබති ඉදිරි මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 16,263,885දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. 27 February 2020
උසස් පෙළ සිසුන් අන්තර්ජාලයෙන් ලියාපදිංචියෙන් ගුරුවරු ඉවත්වෙති මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් අද(27) සිට ඉවත් වු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 27 February 2020
යතුරුපැදිකරුගේ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයා රෝහලේ මිරිස්ස බදුගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ව්‍යාපාරිකයෙකුට අද (27) වෙඩි තබා පලා ගොස් ඇතැයි වැලිගම පොලිසිය කියයි . 27 February 2020
හොඳම රාජ්‍ය ආයතන 110 ට හෙට සම්මාන රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් කරන ලද පරීක්ෂණවලට අනුව හොඳම අමාත්‍යාංශය ලෙස ක්‍රිඩා අමාත්‍යාංශයත් දෙවැන්න ලෙස බුද්ධ ශාසන අමාත්‍යාංශයත් තෝරා ගෙන ඇත. 27 February 2020
එ.ජා. මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ලංකාව ගැන වාචික කරුණු දැක්වීමක් ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේදී එහි මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය අද (27) දිනයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීමට නියමිතව ඇත. 27 February 2020
සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් තෝරාගන්න අයැදුම්පත් කැඳවයි සමගි ජන බලවේගය සඳහා ඉදිරි මැතිවරණයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා හෙට (28) සිට අයැදුම්පත් කැඳවන බව පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය. 27 February 2020
නුවරඑළියේ ගව ඝාතකාගාර තාවකාලිකව වහයි වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතකාගාර අද(27) තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතා පවසයි. 27 February 2020
රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය. 27 February 2020
ඉන්දියාවෙන් බීඩි කොළ කිලෝ 1500ක් ගෙනා තිදෙනෙකු දැලේ ශ්‍රී ලංකාවට නීතිවිරෝධීව බීඩි කොළ කිලෝ 1500 ක් ගෙනා පුද්ගලයන් තිදෙනෙකු දංකොටුව සිංගක්කුලිය ප්‍රදේශයේ දි අද ( 27 ) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීහු පවසති. 27 February 2020
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අ‘පුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරිවරයෙක් රෝහලේ අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ සහකාර අධිකාරී කාර්යාලයේ විවේකාගාරයට කිසිවකු විසින් පෙට්‍රල් බෝම්බයක් එල්ල කිරීමෙන් එහි රැදී සිටි සහකාර ආරක්ෂක අධිකාරීවරයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. 27 February 2020
ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක් ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර අද (26) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 26 February 2020
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් ගැන තීරණය 2 දා වැඩ තහනම් කරනු ලැබ සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධ විමර්ශන මහේස්ත්‍රාත්වරයා යටතට පවරාගෙන ඉදිරියට සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන මාර්තු මස 02 වැනිදා ලබා දෙන බව නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (26) තීරණය කළේය. 26 February 2020
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් රාජ්‍ය - නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල අහිමිවෙනවා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසුව රාජ්‍ය ඇමැතිවරුන්ගේ සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ බලතල හා තනතුරු අහිමිවන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 26 February 2020
‘‘අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් බෙදලා‘‘ ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි. සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී පැවසීය. 26 February 2020
‘‘මේ ආණ්ඩුවත් පරණ ගමනේම‘‘ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධාන තනතුරුවලට දූෂිතයන් පත් කරමින් මේ අණ්ඩුවත් පරණ ගමනම යන බව ඔප්පු කර හමාර යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (26) පැවසීය. 26 February 2020
‘මැතිවරණ රාජකාරිවල නිරත වූවන්ට කොමිසම කෝටි 2ක් ණයයි’ ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතුවල නිරත පිරිස වෙනුවෙන් මැතිවරණ කොමිසම රුපියල් කෝටි 2ක පමණ ණය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(26) පැවසීය. 26 February 2020
‘‘නාම යෝජනා නොදීමට තරම් රන්ජන් වරදක් කර නැහැ‘‘ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) කොළඹදී පැවසුවාය. 26 February 2020
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 345 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් ලබාගත්තේය. 26 February 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026