(රංජිත් රාජපක්ෂ)
වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතකාගාර අද(27) තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතා පවසයි.
ගවයන් වැළඳෙන මුඛ සහ කුර රෝග පැතිරයාමේ අවදානමක් ඇති බැවින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීමක් මත මෙම පියවර ගත් බව පෙරේරා මහතා සඳහන් කරයි.
ඒ අනුව, දිස්ත්‍රික්කය තුළ සහ දිස්ත්‍රික්කයෙන් පිට සත්ව ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.
ගවයන්ට මුඛ සහ කුරු රෝග පැතිරයන බවට කරුණු අනාවරණය වී ඇති බවට දැනුම්දෙමින් නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම්වරයා විසින් නුවරඑළිය, කොත්මලේ, අඹගමුව, වලපනේ, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්වරුන්ටද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇත.
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි ගත් තීරණයක් මත, දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරීන්ගේ ද නිර්දේශය අනුව මෙම පියවර ගෙන තිබේ.
මස් පිණිස සතුන් ඝාතනය කිරීමේදි පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් අනිවාර්යෙන් තිබිය යුතු අතර, දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීම මත එම බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිව අත්හිට වු බවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරු කියාසිටිති.
මෙම නියෝගය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ගව මස් අලෙවිසැල් තාවකාලිකව වසාදැමීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ, පෙරේදා නාස් ලණුව කඩා ගත්ත කෙනෙක් අනවසර ගොඩනැගිල්ලකට පැන්න නිසාද?
ලංකාවේ ගවමස් ව්‍යාපාරය තනිකරම මුස්ලිම් වෙළෙන්ඳන් කිහිපදෙනෙකු විසින් මෙහෙය වන මෆියාවකින්, සතුන්ට වද දීම සීමා කිරීමට දමලා තිබෙන නීති සහ පිරිසිදුකම පිළිබඳ නීති මේ ගොල්ලන් සතයකට ගණන් ගන්නේ නැහැ.. පශු වෛද්‍යවරු, සෞඛ්‍ය පරීක්ෂකවරු සල්ලිවලට ඕනෙම දෙයක් කරනවා. ගවමස් දුර්ලභ නිසා ලංකාව තුල මේකට විශාල මිලක් සැදිලා තිබෙනවා. කරුණාකර විදේශයෙන් ගෙන්වන ගවමස් වලට ගහන බද්ද නැතිකර, සතොස ආයතනය හරහා හෝ පිළිගත් පුද්ගලික ආයතන හරහා උසස් තත්වයේ ගවමස් ලංකාවට ගෙන්වලා බෙදා හරින්න කටයුතු කරන්න. සාමාන්‍ය තත්වයේ ගවමස් කිලෝ එකක් තොග මිල ගවමස් නිෂ්පාදනය කරන විදේශ රටවල ඩොලර් 1-2 අතර මිලක්, එහම කළාම සංචාරක ව්‍යාපාරයට සහ සාමන්‍ය පාරිභෝගිකයා ගේ අවශ්‍යතා සපුරන්න පුළුවන්... අපේ සත්තු ටිකත් ආරක්ෂා වෙනවා.
ඔව්වා ඔක්කොම බොරු වැඩ... කන්න ගියාම ආගමක්, අවිහිංසාවක් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ..." මනුස්සයින් හුඟාක් වැරදිකරන්නේ, සල්ලිහම්බකරන්නේ මස්, මාළු එක්ක බත්වේලක් කන්න නේද? "
කුරුණෑගල වසාදමා තිබුණු ගවමස් කඩ සහ ඝාතනාගාර ඡන්දෙන් පස්සේ විවෘත කළා. දැන් සැපද කියලා අහන කෙනා තමයි කලේ. එයා දැන් මිනිස්සු විතරක් නෙවෙයි දෙවියන් බුදුන්වත් රවට්ටන තත්වයට වැටිලා...
ගව ඝාතකාගාරය සම්පූර්ණයෙන්ම වහන්න. මේක විතරක් නෙවේ ලංකාවේ ගව ඝාතකාගාර ඔක්කොම වහන්න. සියලුම සතුන්ට ජීවත් වීමේ අයිතිය තියනවා. ඒ අයිතිය අහෝසි කරලා ඔවුන්ගේ ආයුෂ කොට කරන්නට මරන්නට මිනිස්සුන්ට බලයක් නෑ.
කරුණාකරලා ඔය තීරණය දිගටම ක්‍රියාත්මක කරන්න... විශාල පිනක්..
කුමක්ද මෙහි ඇති තාර්කික විග්‍රහය. මුඛ හා කුර රෝගය නිසා ගවයින් මැරීම තහනම් කිරීමෙන් රෝගය බෝවීම අඩු වන්නේ කෙසේද?
ඒ අය ඕනෑම මසක් කනවා. හොර හරක් මසුත් ගිජුවට කනවා. අපි නම් කන්නේ දෙවියන්ට නමස්කාර කර මනුෂ්‍ය ප්‍රයෝජනයට අවසරගත් හලාල් මස් පමණයි.
හාල්මැස්සෙක් මැරුවාමත් සිදුවෙන්නේ ප්‍රාණඝාත අකුසලයක්... කුකුලෙක් මරුවාමත්, හරකෙක් මැරුවාමත් සිදු වෙන්නේ ඒක..., වෙනසකට තිබෙන්නේ හාල්මැස්සෙක් මැරුවාම උගේ මස් තිබෙන්නේ ග්‍රෑම් 5-10, හරකාගේ මස් කිලෝ 300ක් විතර, නමුත් ලංකාවේ පාරේ සිටින ගැබ්බර එළදෙනුන් හොරෙන් කුදලාගෙන ගිහින්, ඔලුවට පොලුවලින් ගසලා, පැය ගණනක් වද විඳින්න ඇරලා මස් කිරීමත්, ගැට ගහලා ඉන්න හරකගේ ගාතයක් කපාගෙන යන එක වැනි මෙලෙච්ඡ අමනුස්ස ක්‍රියා අනුමත කරන්න බැහැ. ලෝකයේ කර්මාන්තයක් වශයෙන් සතුන් මසට හදන රටවල සතුන් මරන්නේ සතාට අවම වෙදනාවක් දැනෙන විදිහට, ලංකාවේ මොන නීති දැම්මත් ඒක හරියට කෙරෙන්නේ නැහැ.. නීති ක්‍රියාත්මක කරන ඔක්කොම අල්ලසට යටවුණු නිසා..., කරන්න පුළුවන් හොඳම වැඩේ පිටින් ගෙන්වන මස් වලට ගහන බද්ද කපා හරින්න.
ලංකාවේ කිරි කර්මාන්තය සහමුලින්ම කඩා බිඳ දැම්මේ මේ ගවමස් වෙළඳාම... ගමක හරකෙක් හදන්න බැහැ හොරට උස්සන් ගිහින් මස් කඩේට දෙනවා. ඉතින් මිනිස්සුන්ට කඩේ කිරිපිටි මාෆියාවට යටවෙන්න වෙලා... ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කරන්න ඕනෙ නම් හරක් මරණ එක නතර කරන්න ඕනේ අඩුම තරමේ එළදෙනුන්වත් මරණ එක තහනම් නොකරනවා නම් කිරිපිටි මාෆියාවේ ගොදුරක් වීමට පමණි ඉඩ තියෙන්නේ...
මහා උන්දැලා කෙනෙක් කතා කරනකොට වචනයක් වැරදුනොත් බුද්ධ ශාසනයට පටහැනිව කට්ටිය හරිම දුකෙන් අඬන්නේ බොරුවට, කියන්නේ බෞද්ධ රටක් කියලා... නමුත් වෙන අපරාධ අරාබියේවත් නැහැ.... මේ වගේ, චීනෙත් බෞද්ධ රටක් නමුත්... කූඹියාගේ ඉඳලා හැම සතාවම කනවා දැන් කොහොමද? දෙවියන් වහන්සේගෙන් ලැබුණු දඬුවම මුළු ලෝකෙටම සතෙක් වුණත් ආහාරයට ගන්න ක්‍රමයක්, ප්‍රමාණයක් තියෙනවා.. අපේ රටේ කරන්නේ බොරුව මල් වට්ටිය අතේ තියන්න සත්තු මරන්න පර්මිට් දෙන්නේ තමන්ගේ කොටස. සාක්කුවට දමමින්, අපේ ජනතාව අසරණයි. කොරෝනා වැනි ලෙඩක් හැදුණොත් මහා උන්ගේ තියෙන පව්කාර වැඩ නිසා තමයි ඉන්නේ පන්සලේ මල් වට්ටිය අතේ තියන් මුහුණ අලුගෝසුවෙක් වගේ මේ වගේ උන් එනකම් බලන් ඉන්නේ. බුදුහිමියන් නෙමේ දෙවියන් වහන්සේ අපායට යන දොරටුව හරිම විශාලයි.. නමුත් ස්වර්ගයට යන දොරටුව පොඩි ඇඟිල්ල වගේ. ඉතින් බොරුකාරයින්ගේ කඳ යන්නේ විශාල දොරටුවෙන්...