(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කරලීම සදහා ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීනතම තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකයන් දෙදෙනෙක්  දිවයිනට ඊයේ පැමිණියහ.

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින් ඉසුරු යාපා මහතා සහ යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරමින් ස්විට්සර්ලන්ත ජාතික ලුඩවිකෝ ෆිනොට්ටෝ මහතා එසේ පැමිණ සිටියහ .

ඔවුන් මෙරට වැවෙන ශාක පත්‍ර , නවීන තාක්ෂණය සමග මුසු කර නවතම බලශක්ති ප්‍රභවයක් හදුන්වා දීමට අදහස් කරන අතර , ඊට අමතරව නවීන බලශක්ති තාක්ෂණය මෙරටට හදුන්වා දීමට සහ බැටරි බලශක්ති ගබඩා පද්ධති මෙරට තුළ වැඩිදියුණු කිරීමට ඔවුන් අපේක්ෂා කෙරේ.

ඔවුන් මේ පිළිබදව රජයේ සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතය .