
උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශීය ප්‍රාන්තයට අධික මෝසම් වැසි සහ අකුණු කුණාටුවලින් බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අකුණු සැර වැදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ උත්තරකාන්ද්ය. ජල ගැලීම් හේතුවෙන් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී ඇත.
ඉන්දියාව මෝසම් වැසිවලින් බැට කන්නේ මාර්තු සිට ජුනි දක්වා කාලයේය. කෙසේ නමුත්, විපරිත මෙවර විපරිත කාලගුණ පෙරැළි දකින්න ලැබෙන බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
ගස් කඩා වැටීම්, නායයෑම් ද වාර්තා වේ. මාර්ග රැසක් අවහිර වී තිබේ. නිවාස 10,000 කට වැඩි ගණනකට විදුලිය අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
පොලිසිය සහ ආපදා සහන කණ්ඩායම් එක්ව මාර්ග සහ දුම්රිය මාර්ගවලට කඩා වැටුණු ගස් ඉවත් කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින බව ප්‍රාන්ත බලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ නම් දරුණුයි වගේ... මේ දවස්වල අකුණු ගහනවා... තදේට...
ඉන්දියාව කියන්නේ අධික ජනගහනයක් වෙසෙන රටක්... ගොඩක් අනතුරුවලින් මැරෙන රටක්... සාගින්නෙන්, කාලගුණික විපර්යාසවලින්, ගැටුම්වලින්, දුම්රිය අනතුරුවලින් මිය යන ප්‍රමාණය ඉතා අධිකයි
ධනවතුන්, මෙන්ම අන්ත දුගී ජනතාව වෙසෙන රටක්
ඉන්දියාව කියන්නේ රටක් නෙවේ... ලෝකයක්...