(රංජිත් රාජපක්ෂ)                             

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයේ සහ කැම්පියන් වතුයායේ පහළ කොටසට පානීය ජලය රැගෙන යන ප්‍රධාන ජල නළ පද්ධතිය පෙරේදා (27) දින රාත්‍රියේ ස්ථාන කිහිපයකින් කඩා විනාශ කළ තරුණයන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

කැම්පියන් වතුයායේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ සිට තේ වතුයාය හරහා කැම්පියන් නගරයට ඉහළින් ඉදි කර ඇති ජල ටැංකියකට ජල නළ යොදා ජලය එක් රැස් කර එම ජලය කැම්පියන් නගරයට සහ කැම්පියන් වතුයායේ පහළ කොටසේ වතු නිවාසවලට පානීය ජලය ලබාදීම සිදු කරනු ලබයි.

සැකකරුවන් දෙදෙනා එම ජල නළ පද්ධතිය කඩා විනාශ කර දැමීම සම්බන්ධයෙන් කැම්පියන් නගරයේ වෙළදුන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම වතුයායේම පදිංචි සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර උපරිම දඩුවම් ලබා දෙන ලෙසයි.