(නිමල කොඩිතුවක්කු)

වසරේ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වාර්තා වූ  මුලු ඩෙංගු රෝගීන් සඛ්‍යාව 100,127 ක් බවත් එම ඒකකය පවසයි.

සැප්තැම්බර් මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 4637 දෙනෙකු වාර්තා වී ඇති බවද එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,968 කි.

සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52.5%ක් එනම් රෝගීන් 52,562ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.